Saturday, December 25, 2010

ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා | Wish You a Merry Christmas...

ඔබ සැමට සුභම සුභ නත්තලක් වේවා !!! මගේ යාළුවනේ. මම නම් ක්‍රිස්තු භක්තිකයෙක් නෙමේ.මම බෞද්ධයෙක්.ඒත මම සෑම ආගමකටම ගරු කරනව ඒක නිසා තමයි මේ ලිපිය ලියන්නෙ.අපේ ක්‍රිස්තියානි යාළුවො ඔක්කොම අද නම් ගොඩක් සතුටෙන් මේ උත්සවය සමරනව ඇති.මූනු පොතේත් ගොඩක් මගේ යාළුවො සුභ පතල Status , Photos එහෙම දාල තිබුන.බෞද්ධයෙක් වුනාට මාත් මේ උත්සවය ගැන සුභ පතල Status 1කුයි , Photo 1කුයි දැම්ම.



නත්තල වෙනුවෙන් නත්තල් ගස් හදනවා, පල්ලි යනව,කැරොල් ගීත ගායනා කරනව වගේ විශේෂ දේවල් ගොඩක් අද සිද්ද වෙනව කියල තමයි ආරන්චිය.ඉතිං යාළුවනේ නත්තල සරුද? ම්ම්ම් ගොඩක් හොදයි එහෙමනම්.එහෙනම් මගේ යාළුවො සැමටම සුභම සුභ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනව!!!



---විද්දා---

2 comments:

  1. සහෝදරයා, නත්තල කියන්නේ ලෝකයට සාමයේ පනිවිඩය ගෙනාපු සාමයේ කුමාරයාගේ උපත සිහි කරන දිනය ඉතින් එහෙම දවසක් කිතුනු බැති මතුන්ට වගේම අපටත් වටින දවසක්.

    ඔබටත් සුබ නත්තලක් වේවායි පතන්නෙමි !!!!!

    ReplyDelete
  2. @මධුරංග_ස්තූතියි සහො!ඔබටත් එසේම වේවා!!

    ReplyDelete

^උඩට යන්න