![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWgzoC1MxqEivgDVAWlIRCwOiiNeFG0kfYCOtauojju3sRJNbCGxfYDrqZih4BuytcQQ0ED4rGFen20XVvCXI1piEYUP2W2d9nngv-uWMkYIVrIqp4NYfjVZH5S8d9ZpIVv6VfoqvuhLYc/s320/NFS+MW.JPG)
මම මේ පාර කතා කරන්නේ
මුණුපොතේන් හොයාගත්තු එකක් නෙමේ මගේම දෙයක්....ඒක ඔය තාර පාරේ යන
කාර් රේස් ගැන........
විද්දා ඉතිං කාලෙකට පස්සේ ඔය ගාල්ලේ තියෙන ඕන CD එකක් තියෙන මා දන්නා හදුනන
කොමා අංකල්ගේ සොප් එකට ගොඩ වුනානෙව.
ගේම්ස් එකක් ගන්න.කාලෙකිං ගේම්ස් එකක් ප්ලේ කරේ නැති හින්දා( කාලෙකිං කියන්නෙ මේ අවු.2 කිං , 3කිං විතර ) හොද කාර් ගේම් එකක් ගැන
කොමා අංකල් ගෙන් අහන්න හදන කොටම
කොමා අංකල්ගේ මස්සිනා අංකල් මගෙන් අහනවා
" මල්ලි මොන වගේ ගේම් එකක්ද බලන්නේ කියල"
ඉතිං මම කිව්වා " අයියෙ, හොද කාර් ගේම් එකක් දෙන්නකො" කියල
මස්සිනා අංකල් ඇහුව මගෙන් " මල්ලි
RAM,VGA එහෙම කොහොමද?" කියල.
මම ඉතිං මගේ ඔය අහපු වගෙ Mb ගාන එහෙම කිව්වා
" එහෙනම් මල්ලි
Need for Speed™ Most Wanted වගේ එකක් ගහමුද?" කියල.
මාත් "හා" කියල ඕක
රැ.150 ක් දීල ගෙදර ගෙනෑවා .