Friday, August 13, 2010

කාර් රේස්......

මම මේ පාර කතා කරන්නේ මුණුපොතේන් හොයාගත්තු එකක් නෙමේ මගේම දෙයක්....ඒක  ඔය තාර පාරේ යන කාර් රේස් ගැන........

       විද්දා ඉතිං කාලෙකට පස්සේ ඔය ගාල්ලේ තියෙන ඕන CD එකක් තියෙන මා දන්නා හදුනන කොමා අංකල්ගේ සොප් එකට ගොඩ වුනානෙව.ගේම්ස් එකක් ගන්න.කාලෙකිං ගේම්ස් එකක් ප්ලේ කරේ නැති හින්දා( කාලෙකිං කියන්නෙ මේ අවු.2 කිං , 3කිං විතර ) හොද කාර් ගේම් එකක් ගැන කොමා අංකල් ගෙන් අහන්න  හදන කොටම කොමා අංකල්ගේ මස්සිනා අංකල් මගෙන් අහනවා
    " මල්ලි මොන වගේ ගේම් එකක්ද බලන්නේ කියල"
ඉතිං මම කිව්වා " අයියෙ, හොද කාර් ගේම් එකක් දෙන්නකො" කියල
මස්සිනා අංකල් ඇහුව මගෙන් " මල්ලි RAM,VGA එහෙම කොහොමද?" කියල.
මම  ඉතිං මගේ ඔය අහපු  වගෙ Mb ගාන එහෙම කිව්වා
" එහෙනම් මල්ලි Need for Speed™ Most Wanted වගේ එකක් ගහමුද?" කියල.
මාත් "හා" කියල ඕක රැ.150 ක් දීල ගෙදර ගෙනෑවා .




      අපෙ අම්මාගේ බර බරේ මැදම ඒක ඹය Install  කරල. Crack එකත් කොපි කරල එහෙම ගේම ගහන්න ඉස්ටාට් කොලා.මෙන්න බොලේ ලස්සන අක්කා කෙනෙක් ම‍ට මොනවද English වලින් කියනව (මට බනිනවද දන්නෙත් නෑ). පස්සෙ මම කාර් එකක් තෝරා ගෙන එහෙම ගේම ගැහුවා.

      පළවෙනි තරගෙ මම දිනුවා , දෙවනි තරගෙත් මම දිනුව , තුන්වෙනි තරගෙදි මෙන්න බොලේ පොලීසිය එනව මම ඉතිං ඔය වගේ දේවල් වලින් බේරෙන්න දක්සය නිසා ඒ අංකල් බට්ටොන්ගෙනුත් බේරිල මම ඒකත් දිනුවා කියමුකෝ , 4 වෙනි තරගෙ දි මට තිබුනේ පොලිස් කාර් වලින් බේරී ( ඒ කියන්නෙ මාව Busted කිරීමෙන් බේරීම) යෑමටය. මේකෙ මැප් එකකුත් තියෙන නිසා මම වීරයා වගේ නගරය වටේ පොලීසිය සමග රවුන් ගහනකොට. මැප් එකේ එක පාරටම ▲ වගයක් පෙන්විය. මාත් ඉතිං අතෑරියෙ නෑ.ඒවා තිනෙ තැන්වලට ගිහිං බැලුව. බලනකොට ඒ තියෙන ▲ වලින් පෙන්නන්නෙ අපිට පොලීසියේ වාහන පුපුරවන්න තලන්න පුලුවන් පැට්ට්‍රෝල් ෂෙඩ්, විදුලි කණු එහෙම තියෙන තැන්. මාත් ඉති ඒවට ගිහිල්ලා ඒවා පෙරලල කරල පොලිස් කාර් 3,4 ක්ම කුඩුපට්ටම් කරත්, මට නිකමට වගේ හිතුන Busted වෙලා බලන්න. මන් ඉතිං පොඩි  ෆන් එකකකටත් එක්ක Busted වුනා මගේ ගාව තිබුන සල්ලි ඔක‍්කොමත් අරං පොලීසිය මාව හිරකාරා නෙව.බලන්න අනේ කරපු කැත වැඩේ.

      ඉතිං එතෙන්ට විතරක් මම ප්ලේ කරල නැවැත්තුවා.මේ වාගේ නීති විරෝදී  තරග අපේ රටේ මේවා ඇතත්ට නොමැති වුනත්, වෙනත් රටවල් වල නම් මේවා ඇත්තටමත් තියෙනව කියල තමා ආරංචිය.මොකක් වුනත් ඹයාලත් මේවා ගැන වැඩි විස්තර  Internet එකෙන් සොයන්න බලන්න

  මෙන්න අපේ මමී මීයා මට ගහන්න එනෝ..... අපි ආයෙත් දවසක හම්බවෙමුකෝ.... ගුඩ් බායි........

----විද්දා----
      

5 comments:

  1. කොහොමද බන් අක්කව දකින්නැතුව කටහඩ විතරක් අහල ලස්සනයි කියල කියන්නෙ o_O :D

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. මම අක්කව දැක්ක නිසානෙ බන් ලස්සනයි කියල කිව්වෙ

    ReplyDelete
  4. hapoi oka mama gahuwe dan 1year walata kalin

    ReplyDelete

^උඩට යන්න