Showing posts with label විද්දා‘ස් ස්පෙසල්. Show all posts
Showing posts with label විද්දා‘ස් ස්පෙසල්. Show all posts

Sunday, September 9, 2012

Android, Smart Phones නැති අපට | Opera Mini වලින් සිංහල කියවමු


ලාලුවලේ.. දෙකෙං පස්සෙ තුන පටං ගන්න ටික දවසක් ගියා ඈ.. ගනං ගන්ටෙපා... හික්. ඉතිං ටික දෙනෙක් සුභ පතල තිබ්බ. ගොඩ දෙනෙක් බලල තිබ්බ.. ඒකට මොකෝ.. මෙන්න තුන් වෙනි අවුරුද්දෙ විද්දා ලියන පස්ට් පෝස්ට් එක... වැඩි ආටෝප කැටයං මෙලෝ දෙයක් නෑ එකෙංම වැඩේට බයිනව ( ඈ වැරදුනාවක්කද්ද? හිනා වෙන්ටෙපා යකෝ “වැඩේට බහිනව කියල කිව්වෙ“ ඈ බලන්ටකෝ ඒකත් ඈ? අකුරකිං වචනෙක මුළු අරුතම නැත්තං තේරුමම වෙනස් කර තැහැකිනේ? මාරයි නේ ඈ??? :D .. දැං වැඩේ මගය ඈ.. කෙලිංම වැඩේට බහිනව කිව්වට වචනයක් ගිය දුර ඈ??)  

සෝ... අද මං ආවෙ අද කාලෙ කාගාවත් තියෙන මොබයිල් පෝං වලට පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්න. 

Tuesday, August 14, 2012

2යි දෙකේ කතාව සහ තවත් කතා

අඩෝ මේ Title එකෙන් මිනිස්සු මයින්ඩ එන්ඩෙපා හරිය... ගහනව දැනගනිං දත් සෙට් එක ගැලවිල යන්න... සික් මුං මහ කැත විදියට මගේ දිහා බලන්නෙ ඈ. අද ආවෙ මේ.......


පොඩි දෙයක් කියල යන්න. ම්ම්ම්ම්... අනේ මට කියන්ඩ බෑ අෆ්ෆ

Wednesday, June 13, 2012

මොකද්ද මේ IT - p.1 | Introduction

යුබෝවන් යාළුවනේ... ආයෙත් ටික දවසකට පස්සෙ  ඔන්න මම ආව. (හෑ.. මෙන්න මූ ඇවිල්ලා :O)  ආයෙත් ඉස්කෝලෙ පටං ගත්තු හිංද වැඩ ටිකක් වැඩියි...( අපි දැං අයියලනේ :P)
පරණ පෝස්ට් එක නං එච්චරම කට්ටිය බලළ ති‍බ්බෙ නෑ.. සමහරවිට ඔයාල ටයිම් ලයින් එකට ආස ඇති. ඒ‍කට මොකෝ...

අද නං මම ආවෙ අළුත් වැඩක් ගැන කියන්න. ඔයාල සමහර විට මගේ බ්ලොග් එකේ දාපු ඇඩ් එක දකින්නැති. ඔව් අන්න ඒක තමා. මේක Information Technology (IT) එහෙමත් නැත්තං තොරතුරු තාක්ෂණය ගැන කියල දෙන පාඩම් මාළාවක්. ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නව මේ සම්බන්ද ව වැඩිය නොදන්න අය. අන්න ඒ අයට තොරතුරු තාක්ෂණය කියන්නෙ මොකක්ද කියන එක ගැන සහ ඒ ගැන ඉගෙන ගන්න තමා මම මේ පාඩම් මාළාව ඔයාලට ‍ලබා දෙන්නෙ. මේක IT විෂය සා.පෙට හරි, උ.පෙට (GIT) හරි ඉගෙන ගන්න යාළුවොන්ට ගොඩක් වැදගත් වෙයි. පොඩි PDF File එකක් තියෙන්නෙ. භාගෙන ඉගෙනගන්න හරී...

Saturday, May 5, 2012

අද?....

ද දවස ඇත්ත වශයෙන්ම කියනවනං.... (මාස 4කට නොඅඩු කාලයක් බ්ලොග් පෝස්ට් නොදැමීමට හේතුව ඇසීමෙන් වලකින්න... අද දවසෙ බොරු කියන්න බෑ)

සියළු ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාම උතුම් දවසක්,
ඇත්තටම මටත් එ‍හෙමයි,
මොකද මාත් බෞද්ධයෙක්,

ඒත් අද..?

Friday, August 12, 2011

අතීතාය වර්තමානය සහ අනාගතය...


මගුලක් කතා කන්නව.... විද්ද කවදාවත් කියපු නැති කතා කියනව වගේ... තාම ඉතිං පොඩි එකා නොවැ... ඔයෙ හැටි තේරුමක් නෑ....  ආහ් කියන්න බැරි උනා නේ..අර  ඔලුව මෙව්ව වෙන පෝස්ට් එකට ගොඩක් පරතිචාර හම්බෙලා තිබ්බා... ටැංකූ ඈ.... අද ආවෙ අර වර්ජනෙයි මගේ (මගේ කිව්වෙ විද්දගෙ) අනාගතේ හැටි කියන්න...

Thursday, February 10, 2011

දැක්කම කලංතෙ වගේ!


මේ මොකද යකෝ වෙලා තියෙන්නෙ? අර උඩතියෙන මාතෘකාවෙ තේරුම මොකද්ද?.
කියවලම බලන්නකො. එතකොට තේරෙයි.
විද්දට මොකෝ මේ වෙලා තියෙන්නෙ.මඥ්ඥං පරිප්පුවක් වත් කෑවද? නැත්තං වෙරි වැඩිද? 
ඔය එකක් වත් නෙමේ බොල මම අද ඉන්න මාර හැපි එකේ!
ඒ මොකෝ? 
පොඩි කාරනයක් නිසා
ආහා මොකක් හරි සෙට් කොරගෙනවත් ද?
අපෝ මුගේ තීන කැත ගතිය.යකෝ ඒ මොන මගුලක් වත් නෙමේ.මේ මැටි  පුතා ලොකු වැඩක් කෝරල අර හසිය අයිය ඇස් පේනවද බැලුව වගේ  මේකත් බලන්නකෝ. ඔය පහල තියෙන ! ලකුණ ගාව පේලිය Highlight කරල බලන්නකෝ.

Sunday, January 2, 2011

විද්දා වෙනස්වෙයි|Time For Change......

                                                                                                    කෙෂාන් විදුරංග (විද්දා) ,
                                                                                                               බ්ලොග් එක පාර,
                                                                                                                 Blogger හන්දිය,
                                                                                                                             ජංජාල
                                                                                                                        2011/01/02

හිතවත් බ්ලොග් කියවන්නනි,

       කට්ටියටම ඔක්කොටම ඉස්සෙල්ල  සුභ අළුත් අවුරුද්දක් වේවා කියල කියන්න ඕනෙ!!
අද ඉදං මම වෙනස් විදියකට තමා බ්ලොගිය ලියන්නෙ.

Friday, August 13, 2010

හදපු හැටි.......

මුලින්ම ඉතින් හා හා පුරා කියල අලුත් වැඩක් පටන් ගත්තට,මේක හදපු හැටි මේ විද්දට කියන්න අමතක වුනා නෙව.
        මම ඉතින් වැඩියෙන් සැරි සරන්නේ මුනු පොතේනෙව.ඒ කියන්නේ මේ මේ FB (Facebok) කියන අටමගලෙනෙ. දන්නවනෙ ඉතිං ඔහොම සැරිසර සර ඉදිද්දි මට මගේ මිතුරැ මිතුරියන් එක්ක ඔය චැට් කියල එකකුත් කොරනව.එතේන්දි තමා මට මේ බොලොග් එක හදන්න  නදීශාන් අමරසේකර කියන මගෙ හොද යාලු ෆිට් එක තමා ඉතිං කියා දුන්නෙ.

       මම ඉතිං කොහොමත් විහිලුවට බර මිනිහනෙ.ඒක නිසා නිකන් ඔය ආවට ගියාට වගේ ඔය  නදීශාන් ගෙන්  මම  ඇහුව,

^උඩට යන්න