Showing posts with label Cartoon. Show all posts
Showing posts with label Cartoon. Show all posts

Saturday, November 5, 2011

Shaun the Sheep Ep.20 | බය උනේ ඇයි?

අද නං ආවෙ ඉක්මනට යන්න.. කොහොමද ඉතිං?  වාර විභාගෙ මේ දවස් වල. ඒක නිසා හෙන විකාරයයි... ඉතිං මම අද ආවෙ ඔයාල ආස Shaun the Sheep ඊලග Episode එක දාන්න.... ළගදිම ඔයාලට පරන ඒව ඔක්කොම එක තැනකදි බලන්න බුලුවං වෙන්න හදන්නයි හිතං ඉන්නෙ.. ඒ කිව්වෙ පේජ් එකක් විදියට. බලමුකො මම හදල ඒ ගැනත් කියන්නම්.... හොදේ... (අනේ මේ දැං කැටයං දැම්ම ඇති)

අද අපේ කට්ටියට එච්චර සුභ නෑ... බය හිතෙන කතාවක් (:P)... එදා මහ මූසල, වැස්ස වැඩි දවසක්...සැට් එකම

Tuesday, October 4, 2011

Shaun the Sheep Ep.19 | අම්ම කව්ද?

හ් යාළුවනේ! ටිකක් ඉක්මනට පෝස්ට් එකක් දාන්න හිතුන. නිකන් හිටපු වෙලාවක් හංද... කොහෙද නිවාඩු වෙලාවක් ඇත්තම නෑ පාඩම් කරල (අතිශෝක්තියෙන් කියන ඒව ගනං ගන්නෙපා මේකගෙ බොරු (කෙලිය නේද තාප්පෙට.. බොරුව අතේ මාට්ටු) :P) අනේ දුකින් උනත් කියන්නෝන ඉස්සෙල්ලා පෝස්ට් එක අපේ අයට එච්චර වැඩන් නැති වගේ.. ඒකට කමක් නෑ.



අද එක ඉතිං මගේ බ්ලොග් එක එක්ක හිටපු අය නං දන්නව මාතෘකාවෙන්ම මොන වගේ එකක් ද කියල.

Wednesday, May 4, 2011

Shaun the Sheep Ep.18 | වැලි මීයා සමග

අනේ ඉතිං පොරොන්දු වුනාට මට ගේන්න බැරි වුනේ මගේ Net Connection එක Slow කරල.. මගේ ගිය මාසෙ 3GB ඉවර උන නිසා... මම Bill එක ගෙව්වට තාම Slow... එෆාවෙනව.... මට ඕනෙ නං Video එක දාන්න තිබුන ඒත් මමත් ඒක බලල දාන්නෝන නිසයි Connection එක හරියනකං හිටියෙ. ඉතිං අද කට්ටියගෙ දුක සැප අහන්නත් බැරි වුනානේ.. කෝමද ඉතිං..... ආහ් අපි වැඩේට බහිමු නේ...

Sunday, May 1, 2011

ඔබ කැමතිද? | ජනමතයට විවෘතයි


ආදෝ මැයි 1 වෙනිද නේ? අපි වගේ කම්කරුවො පාරට බහින දිනේ (හැමදාමත් පාරෙම තමයි නැද්ද)... එක  වෙනිද මරු අෆ්ෆා... අපේ ලංකාවෙ සැට් එකක් ම පාරට බැහැල. මම මේ මැයි 1 ගැන නෙමේ කියන්න ආවෙ.අද දිනේ මතක් උන හංද කිව්වෙ. මේ මම එහෙනං කාරනාව කියල ඉන්නංකෝ ඉස්සෙල්ලා... ඔන්න එහෙනං කියනවා.. ඔන්න කිව්වා .... ඔන්න කිව්වා.... ඔන්න කිව්වා (පහළ පහළ පහළ බොල තීන්නෙ.)

Monday, December 27, 2010

Shaun the Sheep Ep.17 |ෆන් එක....

ඊයෙ එක පොස්සට් එකයි.ඒක නිසා අද වැඩියෙන් දානව.ඒත් මගේ බ්ලොගියේ පෝස්ට් වලට Comment දාන්නෙ නෑ නෙ.මට මේ බ්ලොගිය ලියන්නත් එපා වෙනව.මට Comment නැති හින්ද.මොනා කරන්නද.ඒක මගේ අවාසනාව වෙන්න ඇති.කමක් නෑ.ඔන්න අද පළවෙනි එපිසෝඩ් එක

මේකෙ වෙන්නෙ ඉස්සෙල්ලාම බලු අයියට බලු

Saturday, December 25, 2010

Shaun the Sheep Ep.16 |පොඩි Timmyගෙ තවත් ලොකු ගොන් වැඩක්....

මෙන්න අද දවසේ එපිසෝඩ් එක.වහිනවත් එක්ක ෆට්ට සීතලයි අෆ්ෆා.නත්තල් කන්න කස්ටියට නම් මේ වෙනකොට ගොඩන් දේවල් හම්බචේච පාටයි!! වැඩි විස්තර ඕනෙ නෑ ඔන්න මම දැං දෙන්න යන්නෙ මේක

අපේ ටිමිය මලය ‍කස්ටියට දාන පොඩි මරාලයක් ගැන තමයි අද කියන්න යන්නෙ.අද වෙන්නෙ ටිමිය සර්කස් එකක් තියෙන තැනකට ගිහිං කස්ටියට

Friday, December 24, 2010

Shaun the Sheep Ep.15 |පිංතූර ගැනීම....

කාලෙකිං දුන්නෙ නෑ නෙ Shaun the Sheep එපිසෝඩ් එකක්. මෙන්න දැං දැම්ම.ඔයාල දන්නවනෙ මමත් ටිකක් හොද කැමරා ශිල්පියෙක් කියල. ඒ වගේ අපේ ෂොන් අයියත් පොඩි පිස්සුවක් නටනව ගොවිපලට ආපු දෙන්නෙක්ගෙ කැමරාවක් හොරෙන් අරන්.මැක්සා වැඩ ටිකක් වෙනව පුරුදු විදියට ඌරොන්ගෙ කරදරරෙත් එනව.

Planet 51

හරියටම දවස් 7කින් බ්ලොග් එක ලියන්න බැරි වුනා.ඒකට සමාවෙන්න .ඔන්න ගෙනාව තවත් ලස්සනම ලස්සන Movie 1ක්.මම නම් මේක බැලුවෙ ඊයෙ.මැක්සා.මේකත් කාටූන් Movie 1ක්.ඇත්තටම මාර ලස්සනයි 3D SuperB. ඉතිං බලපු නිසා ඔයාලටත් දෙන්න ඕන නිසා ඔන්න දැම්ම.

Thursday, December 16, 2010

Shaun the Sheep Ep.14 |ලොම් කපීම....

ඊයෙ නම් මට ගේන්න බැරි වුනා එපිසොඩ් එකක්.ඒකට සොරි වෙන්ඩ ඕනෙ.අද ගෙනාව ඔන්න මාර ෆන් එකක් තියෙන එපිසොඩ් එකක්.ඉස්සෙල්ල කට්ටියගෙන් සැප දුක් එහෙම අහන්න එපැයි.කොහොමද මගේ යාළුවනේ?.ඒල නේද?හොදයි නෙ.? එහෙනං වැඩේ පටං ගමු.

අද තමයි බැ‍ටළු අයියලගේ ලොම් කපන දිනය.ඔයාල දන්නවනෙ බැටළුවොන්ගෙ ලොම් වලට මාර ඉල්ලුමක් තියෙන විත්තිය.ඉතිං එක්කෙනෙක්ගෙ ලොම් එහෙම කැපුව කියමුකො.අනිත් ටික

Tuesday, December 14, 2010

Shaun the Sheep Ep.13 |මීමැස්සොත් එක්ක බෑ....

අද නං ගේන් වෙන්නෙ එක එපිසෝඩ් එකයි තරහ වෙන්න එපා හොදේ!
ඉතිං ඔයාල පැණිරසට ආසද? ජෑම්වලට එහෙම.නැත්තං මී පැණි වලට ආසද?
උන්න එහෙනම් මේ එපිසෝඩ් එකේ වෙන්නෙ අන්න ඒව නිසා වෙන කරදරයක් ගැන.

අංකල් සීයා ගොවිපලට අලුතෙන් මීමැසි ‍පෙට්ටියක් ගේනව [මීමැස්සො එක්ක හොදේ!].
මේක අපේ බැටලුස්ලා දැක්ක.ඕන එකකට හොම්බ දාන නිසා මේකත් මොකක්ද කියල බැලුව.ඒ අතරෙ බලු අයිය

Madagascar: Escape 2 Africa

ඔන්න අදත් උදේ පාංදරම ගෙනාව ෆට්ට ෆන් Movie 1ක්.මේකෙ නම Madagascar: Escape 2 Africa.
මේකෙ ඉන්නෙ තනිකරම සත්තු විතරයි.ඒ ප්‍රධාන චරිත වලට.අනිත්ඒවට නම් මිනිස්සුත් ඉන්නව.මේකත් Animate කරපු Movie 1ක්.මම කටුන්වලට කැමතියිනෙ ඉතිං.‍Movie 1කේ ප්‍රධානම චරි‍තය Alex.එයා සිංහයෙක්.මේ කට්ටිය ගුවන්යානයක්  හදාගෙන New York වලට යන්න හදන්නෙ.ඒත් මගදි ඒක කැ‍ඩිල වැටෙන්නෙ අප්‍රිකාවට.අන්තිමට Alex හොයා ගන්නව එයගෙ අම්මවයි තාත්තවයි.එයා දන්නෙ නැති වුනාට එයා ඉපදිල තියෙන්නෙත් අප්‍රිකාවෙ.පොඩි පොඩි සටන් එහෙමත් වෙනව.ඒත් ෆන් එක තමයි වැඩියෙන් තියෙන්නෙ. මේකෙ විස්තර ටිකක් කිව්වොත්..

Monday, December 13, 2010

Shaun the Sheep Ep.12 |ෆිල්ම් බැලීම......

ටිකක් පහුවුනා අනේ සොරි.
මම වැඩක හිටියෙ ඒකයි [මේක දැං කියන්නෙම බොරුනෙ.:O]
කෝ කෝ යන්න  එපා අනේ ඉන්න!

අද කියන්නෙ යන්නෙ අර ටිමිය කියන පොඩිම පොඩි බැටළු පැටිය කරන වැඩක්. ඒක මහ නැහැදිච්ච පැටියෙක්! [මම වගේමයි :D].ඉතිං අංකල් සීය බය හිතෙන කතාවක් බලනව පීසා එකක් කකා.ඒක ජනේලෙන් අපේ සෙට් එක බලං ඉන්නව

G-Force..

Shaun the Sheep ඊලග Episode 1 තව පැයකින් එනව.
එතකන් මේක බලන්න .
මම කිව්වනෙ මම ආස වැඩියෙන් කාටූන් වලට  කියල.
මේකෙ නම G-Force.මේකෙ ඉන්නෙ පොඩි මීයො වගේ ජාතියක්.හරියටම නම දන්නෙනෑ.මේ කතාවට පාදක වෙලා තියෙන්නෙ  ලොකප්‍රසිද්ධ FBI එක ගැන. 
දැං මම මේ Movie 1 ගැන විස්තර කියන්නම් 

Shaun the Sheep Ep.11 |සරුංගලේ......

හායි !!! කට්ටිය හොදින් නේද?
ඊයෙ මේව දෙන්න බැරු වුන හේතුව දන්නවනෙ? ඔව් අන්න ඒක හිංද තමයි.
අද ඒකටත් එක්ක දෙන්නම්..
දැං සතුටුයිනෙ.
අද ටිකක් හුලගත් වැඩියි වගේ නේ?[අනේ පල.මූට මේ කතාව පටං ගන්න කියන බොරුවට අපිත් අහුවෙනවනෙ අම්මප :-/]

අද කියන්නෙත් පොඩි ෆන් කතාවක්.එදා හුලගත් වැඩි දවසක් නිසා.අපේ කට්ටියට කන්නත් බෑ.තඩි බැටලුව ඇර ඔක්කොම හුලගට ගහගෙන යන Size 1ක් තිබ්බෙ.මේ වෙලාවෙ එතනට පාවෙලා අවා

Saturday, December 11, 2010

Shaun the Sheep Ep.10 | බැටලු මියුසික්......

මම උදේ පොරොන්දුවක් වෙලා ගියානෙ අනිවාරෙන් ඊලග එපිසොඩ්එක හම්බවුනොත් ගෙනත් දෙනව කියල...
අන්න ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්න හදන්නෙ..අපි ඉති මන්ත්‍රීලා ඇමතිලා නෙමේනෙ.කිව්වොත් කිව්වයි.අනිවාරෙන් ඉටු කරනව...

දැං මම කියන්න යන්නෙ බැටලුවො පොඩි ෆන් එකක් ගත්ත හැටි.මේකෙ වෙන්නෙ අංකල් සීයා අලුත් Sound System 1ක් ගේනව.එතකොට ඉතිං පරන කබල වැඩක් නෑ කියල අහකට දානවනෙ [සමහරු නං පරණ එකත් තියා ගන්නව‍නෙ නේද?].ඉතිං මේක අපේ කට්ටිය අරං ගිහින් දානව පාටියක්.මරු පාටිය.ඒකට එන්නව

Shaun the Sheep Ep.9 |හරකා සමග......

කොහොමද කට්ටිගෙ දුක සැප එහෙම?
මමත් හොදින් [කව්ද බොල බොගෙන් ඇහුවෙ හොදින්න ද කියල?]
ඉතිං ඉතිං අව්ව පායපු දවසක් නිසා පොඩ්ඩක් ඉක්මනට කියල දාන්න හිතුන...
අද හවසට මම ඊලග කොටසත් හොයාගත්තොත් දාන්න උත්සාහ කරනව.
කෝ කෝ දැං කතාව කියමු නේ.
අද නං කියන්න යන්නෙ මහ විකාර කතාවක්.මේකෙ ඉන්නව මහ

Friday, December 10, 2010

Shaun the Sheep Ep.8 |කස්ටිය Pizza කයි......

අද නං වැස්ස බපාඩ්ඩක් පායල...
හම් ඔව් බොල ඇත්ත තමයි කිව්වෙ....
ඇයි මෙච්චර කල් බොරුකියල නෑ නේ....
ඒකෙන් මේකෙන් මට ආපු වැඩෙත් අමතක උනා [අනේ මේක කියන බොරු :O]

අද මම කියන්න යන්නෙ අපේ බැටළුවො

Thursday, December 9, 2010

Shaun the Sheep Ep.7 |කරදරකාර එළුවා......

කොහොමද කට්ටියට....
වහිනවද ඔහෙට ???
මෙහේටනං මදි නොකියන්න වැස්ස!
ඉතිං ආව ගිය තොරතුරු කතා‍ නොකර වැඩේ බහිමු නේද?

අද කියන්න නම් යන්නෙ කලින්දීපුවට වඩා වෙනස් කථාවක්....
මේකෙ වෙන්නෙ...[මොකද්ද බං.කියනවකො ටක්ගාල කියන මගුලක්]...
අලුතෙන් අංකල් සීයා ගොවිපලට ගේනව

Monday, December 6, 2010

Shaun the Sheep Ep.6 | බැටලුවො චිත්‍ර අදියි......

ආහ් අද නං මාර දවසක් ගොරව ගොරව වහිනව...
ඉතිං කස්ටිය කොහොමද?
මොකෝ සද්දයක් වත් නැත්තෙ? [බොට මොකටද යකෝ ඒක :P]
ම්ම්ම් ...

අද මම කියන්න යන්නෙ බැටලුවො කරපු මැක්සා වැඩක්..
අපේ ගොවිපල අයිත් අංකල් සීයා චිත්‍ර අදින්න ආව ගොවිපලට...
එයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්.. [ඉතිං අපිට මොකෝ  :P]
ඉතිං ඔන්න චිත්‍රෙ අදින්න පටං ගත්ත.ටිවෙලාවක් යනකොට

Sunday, December 5, 2010

Shaun the Sheep Ep.5 | කස්ටියගේ ඇපල් කෑම......

කොහොමද යාලුවනේ!!!
අද මම කියන්න යන්නෙ අපේ බැටලුවොයි ඌරොයි ඇපල් කාපු හැටි....
අපේ ගොවිපළ බලා ගන්න බලු අයිය අයිතිකාර අංකල් සීය එක්ක යනව ගමනක්....
ඒ අස්සෙ ඌරොන්ගෙ පැත්තෙ තියෙන ඇපල් ගහේ ඇපල් හැදිල [පෙරේත කමට කෙළ ගිල්ලට වැඩක් නෑ මේක වෙන්නෙ කාටූන් එකේ :P ]..
ඉතිං ඌරයියල තුන්දෙනා
^උඩට යන්න