Tuesday, November 22, 2011

කැමතිම YouTube Videos අපේ Web Browser එකෙන්ම බාමු



යුබෝවන්ඩ මගේ මිතුරනි! (එසේම වේවා කියලවත් කියපල්ලා‍ ඉතිං);
කලිං පෝස්ට් එක හරි නැහැල්ලු (අනේ මංද කව්ද කිව්වලු). ඒක දාලත් සති 2ක් මයෙ හිතේ ඊයෙට. ඉතිං අවුලක් නෑ‍. ඒක සාටර් උනාට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඉතිං අපි වැඩි කැටයං නැතුව වැඩේට බහිමුකෝ. අද මම කියල දෙන්න යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔය Videos බලන්න Youtube යන අයට මේක මාර වැදගත් වෙයි කියල හිතනව. හැ‍මෝම ඔකට යනවනේ. මාත් ඒ හැමෝංගෙන්ම එකෙක් කියන්නත් පුලුවං ඈ. ඉතිං ඔය යන අය හැමෝම ඔය සිංදු, කතා කෑලි, විකාර ඒව, වැදගත් වගේ Videos බාන්න කැමතියි නේ. අපිට ඒ Videos බාන්න බෑමේලෝඩර් (Downloader) එකක් ඕන. ඒව නැතුව අපේ Web Browser එකෙන්ම බාන හැටි අද මම කියල දෙන්නම්.



මෙන්න මෙහෙමයි වැඩේ යන්නෙ. .....

Monday, November 7, 2011

ගෙවන ලදී.. | කෙටි කතාවක්

අද ස්කොලෙත් නිවාඩු නිසා හිතුන මේ  පැත්තෙ ඇවිල්ල ඉස්මනට යන්නෝන කියල. හෙට වාර විභගෙත් තියෙන නිසා. ඉක්මනට යන්න ඕන නිසා ඉක්මනට පෝස්ට් එක දාන්නම්. මේක කෙටි කතාවක්. මම හදපු එකක්ම කියන්නත් බෑ. හැබැයි වැඩි අයිතිය මගේ.

මෙහෙමයි මේකෙ තියෙන නම් , ගම් සියල්ල මනඃකල්පිතයි. තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසි නම්.(මම ම හදාගත්තුව). ඔන්න එහෙනං කතාව.

මේ සිද්දිය වෙන්නෙ එක නිවාඩු දිනයක (අද වගේ).

මාරියා විලියම්ස් කියන්නෙ....

Saturday, November 5, 2011

Shaun the Sheep Ep.20 | බය උනේ ඇයි?

අද නං ආවෙ ඉක්මනට යන්න.. කොහොමද ඉතිං?  වාර විභාගෙ මේ දවස් වල. ඒක නිසා හෙන විකාරයයි... ඉතිං මම අද ආවෙ ඔයාල ආස Shaun the Sheep ඊලග Episode එක දාන්න.... ළගදිම ඔයාලට පරන ඒව ඔක්කොම එක තැනකදි බලන්න බුලුවං වෙන්න හදන්නයි හිතං ඉන්නෙ.. ඒ කිව්වෙ පේජ් එකක් විදියට. බලමුකො මම හදල ඒ ගැනත් කියන්නම්.... හොදේ... (අනේ මේ දැං කැටයං දැම්ම ඇති)

අද අපේ කට්ටියට එච්චර සුභ නෑ... බය හිතෙන කතාවක් (:P)... එදා මහ මූසල, වැස්ස වැඩි දවසක්...සැට් එකම

Monday, October 24, 2011

Blogger Comment Box එකේ Background එක වෙනස් කරමු!

යාළුවනේ... කොහොමද... ඉස්සෙල්ලාම (හැමදම කරන වැඩේ) මගේ මචං ලා මචිංලාගෙන් සමාව වදාරන්න කියල ඉල්ලනව... (දෙන්නෙම නෑ... හූ හූ).... මේ ඒක නෙමේ අද (අද ගැන නං කියල වැඩක් නෑ... ඒක නිසා නොකිය ඉන්නං..) සෑහෙන්න හීතලයි (කකකකටකටකටකටකට කටක කට) හෙනත් ගහනව... අනේ මට හෙන ගහපං කියල කියපු ඈයොන්ට ෆුල් ආතල් ඇති..... අයියෝ මේ එකේක දේවල් නිසා කොරන්න ආපු වැඩෙත් ඇන හිටිය (කොහෙද?) ....

අද මං ආවෙ ඔයාලට පට්ට ට්‍රික් එකක් අරගෙන. මේක වැදගත් වෙන්නෙ නං බ්ලොග් ලියන අයට. අනිත් කට්ටියත් දැනගෙන හිටියට වරදක් නෑ. අපේ Blogger Comment Box එක තියෙනවනේ (ඔය පහල තියෙන පිංතූරෙ තියෙන්නෙ ඒක තමා) අන්න ඒකෙ Background එක වෙනස් කරන ක්‍රමයක් කියන්න තමයි මේ බ්ලෙග් පෝස්ට් එක වෙන් වෙන්නෙ.

Thursday, October 6, 2011

අවසරයි නමදින්න!

කාලෙකට පස්සෙ නේ ආවේ.... විභාගෙ හිංද වෙන්නැති.... අද නිකමට මේ පැත්තෙ එන වෙලාවෙ පෝස්ට් එකක් දාන්න හිතුන... ඔන්න එහෙනං දැම්මා.... රසවිදින්න පුලුවන්නං රස විදින්නකෝ...
මෙන්න මගේ 3වෙනි නිසදැස....

Tuesday, October 4, 2011

Shaun the Sheep Ep.19 | අම්ම කව්ද?

හ් යාළුවනේ! ටිකක් ඉක්මනට පෝස්ට් එකක් දාන්න හිතුන. නිකන් හිටපු වෙලාවක් හංද... කොහෙද නිවාඩු වෙලාවක් ඇත්තම නෑ පාඩම් කරල (අතිශෝක්තියෙන් කියන ඒව ගනං ගන්නෙපා මේකගෙ බොරු (කෙලිය නේද තාප්පෙට.. බොරුව අතේ මාට්ටු) :P) අනේ දුකින් උනත් කියන්නෝන ඉස්සෙල්ලා පෝස්ට් එක අපේ අයට එච්චර වැඩන් නැති වගේ.. ඒකට කමක් නෑ.



අද එක ඉතිං මගේ බ්ලොග් එක එක්ක හිටපු අය නං දන්නව මාතෘකාවෙන්ම මොන වගේ එකක් ද කියල.

Wednesday, August 17, 2011

Page වලට Like නොකර පරන Chat Sidebar එක ආයෙත් ගමු...


ආහ් යාළුවනේ... කෝමද නිවාඩුව ෆට්ට නේ??? මට නං එපාවෙලා... බ්ලොග්ගෙට ගොඩක් දෙනෙක් විෂ් කොරල තිබ්බ... හැමෝටම තෑංක්ස් පාරක් දාන්නෙපැයි... ඔන්න මගෙන් හැමොන්ටම රොම්බා තෑන්ක්ස් හොදේ...

මේ පෝස්ට් එක දාන්න හිටියෙ මීට සතියකට කලිං ... මොකක් කරන්නද මේ ගිරිස් යකෙක් හින්ද අපෙ අම්ම එලියටවත් බහින්න දුන්නෑ... හික්.... අපි අහුවෙයි ඕකුන්ට.... දැං ඉතිං කතාව ඇති..

ගිරිස් යකා වගේම හෙන නට් එකක් නෙ මේ අළුත් චැට් බාර් එක. අන්න ඒකට කූට ව්‍යපාරයක් යනව හදල දෙන්න පේජ් එකට ලයික් කොරන්නෙයි කියල.. ඉතිං ඕකට විදුමත් ගෙනාව මම. මේකයි විසදුම. මේ ටැට් බාර් එක අයින් කොරන වැඩේ කරන්න පුලුවං Google Chrome / Firefox / Opera කියන Browser වලට විතරයි... අපි දැං වැඩේට බහිමු.... මේ 3න් 2ක් විතරයි වැඩ කරන්නෙ මයෙ හිතේ. ඒක නිසා මම දාන්නෙ ඒ 2 විතරයි....

Friday, August 12, 2011

අතීතාය වර්තමානය සහ අනාගතය...


මගුලක් කතා කන්නව.... විද්ද කවදාවත් කියපු නැති කතා කියනව වගේ... තාම ඉතිං පොඩි එකා නොවැ... ඔයෙ හැටි තේරුමක් නෑ....  ආහ් කියන්න බැරි උනා නේ..අර  ඔලුව මෙව්ව වෙන පෝස්ට් එකට ගොඩක් පරතිචාර හම්බෙලා තිබ්බා... ටැංකූ ඈ.... අද ආවෙ අර වර්ජනෙයි මගේ (මගේ කිව්වෙ විද්දගෙ) අනාගතේ හැටි කියන්න...

Sunday, July 31, 2011

ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!

යාළුවනේ. ගිය පාර පොස්ට් එක නං බලල ගොඩක් කස්ටිය සතුටු වෙලා තිබුන.ඒ වගේම සමහරු මස් මාළු කෑම අතෑරල තිබුන.ඇත්තටම මට මේක ගැන ගොඩක් සතුටුයි.

එදා හොද කියපු මිනිස්සු අද නං මට නොසෑහෙන්න පිං දේවි මේක බලල.ඔයාලට අද ඇස් පෙනීම ෆට්ටෙට හදා ගතහැකි. ඔය උඩම කියල තීන විදියට ඔලුවත් මෙව්ව කරගතහැකි. බලන්නකෝ පල්ලෙහා තියෙන රූප ටිකයි විස්තරෙයි. සමහරු නං මේව දැකල ඇති.දන්නවතක් අති ඒත් නොදැකපු අයත් ඇති. ඒකයි මේ කියන්නෙ හරිය...

1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....



Wednesday, July 13, 2011

කන්න කන්න මේකත් බලන්න!



කාලෙකට පස්සෙ ආවෙ නේද?.... ඉස්සෙල්ල පෝස්ට් එක නං එච්චර හරි නැතුවැති ඒකනෙ කට්ටිය බලල නැත්තෙ. ඒකට කමක් නෑ. අද එක වත් බලන්‍ටකෝ. (බැලුවෙ නැත්තං මිනී 3යි , පෙස්ටි 2යි හරිය. මල් වඩං මගේ ගානෙ ගෙදෙට්ටම)  මේ දවස් ටිකේ ප්‍රසන්ටේශන් එකකට කොටු වෙලා ඉදියෙ ඒකයි පෝස්ට් 1ක් දාන්න බැරි වුනේ.. දැං ඉතිං ඒකෙන් කමක් නෑ. මේක බලන්න..

පොඩ්ඩක් හිතන්න ඔයත් සත්තුන්ගෙ මස් කනව නේද? (ම්ම්ම්ම් ආසයි නේ?) දැං කන්නෙ නැත්තං ඉස්සර හරි කාල ඇතිනෙ. මස් වර්ග වලින් අපේ ඇගට පෝෂ්‍ය කොටස් ඇතුල් වෙනව. ඒක මම නෑ කියන්නෙ නෑ ඒත් ඒ සත්තු මරන හැටි කවදා හරි දැකල තියෙද? සමහරු දැකල ඇති. සමහරු දැකල නැතුවැති.දැකල තියෙන අය තාම කනවනං මේක කියවල බලන්න.

Saturday, June 11, 2011

බුකියෙ Updates එවෙලෙම sms එකකින් ගමු

ගොඩක් කාලෙකට පස්සෙ. මේ දවස් වල ගොඩක් වැඩ තිබුන ඒකයි. ටිකක් නිකං ඉන්න වෙලාවක් හම්බුනා ඒකයි ඔයාල‍ට වැදගත් වෙයි කියල හිතුන හිංද තමයි කියන්න හිතුවෙ. මේකත් ඉතිං බුකියටම එන එකක්. ටිකක් පරණයි .

           අපේ ගොඩක් කස්ටිය බුකියට යන්නෙ Massages , Friend Requests , Notifications Check කරන්නනේ. ඒකට බුකියට log වෙන්න ඕන නෑ. මේ ඔක්කොම වුන වෙලාවෙම ජංගමේට sms එකකින් ගන්න පුලුවං.පොඩි පියවර 4කින් කරන්න පුලුවං....

Monday, May 30, 2011

XP Admin Account 1 Hack කරමු

කාලෙකට පස්සෙ නේ... මුලින්ම සුභ වෙසගක් වේවා! ඒ වගේම දිලුම් අයියටත් නිවන් සුව පතනව... මේ දවස් ටිකේ මම ටිකක් බිසි (විද්දා ඉස් ලයික් ඇන් ඇක්ටර්.. බොරු බීසී ගැන නොකියන්න). බුකියටත් ගියේ නෑ හුග කාලෙකින්. ඉතිං දුක සැප කොහොමද? එල එල ....අද මම කියන්න යන දේ නං වැදගත් වෙන්නෙ ඔය ඉන්ටර්නෙට් කැෆේ යන අයට තමයි.. අනිත් කට්ටියත් කරල බලන්න. කැෆේ වල අපිට ඒ කොමාගෙ ඇඩ්මින් එකවුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ නේ. පාස් වර්ඩ් දාල තියෙන්නෙ. ඉතිං ඔය එක එක ගැජට් කෑලි Install කරන්න ගියාම ඇඩ්මින් එකවුන්ට් එකේ නැතුව බෑ කියනවනේ. අද කියල දෙන්නෙ ඇඩ්මින් එකවුන්ට් එක හැක් කරන හැටි.

ඔය නංගිලා මල්ලිලා එහෙනං හොදට අහගන්න.....

Monday, May 9, 2011

Toilet කේස් එකක්



වල් වල් වල් :/
කව්ද යකෝ වල්?
අනේ ඔයා නෙමේ මේ බ්ලෝගියෙ වල් (හුදෙක් ඇඩ් එක සදහා පමණී)
මේක වැඩිපුර කට්ටිය කියවන්නැති නිසා මේකෙත් වල් පැල හැදිල පොල් පැළ වගේ.... මොනව කොරන්නද අනේ.

 අද මම කියන්න යන්නෙ අපේ චූටි අයිය කියපු කතාවක්....
මම මේ ලග එන සම්බුද්ධත්ව ජයන්තිය (අකුරු හරිද මංද) ට මොනවද කරන්නෙ කියල කතා කර කර ඉන්නකොට මේං මේක සිරිපාදෙ ගිය කතාවක් කිව්ව. අෆ්ෆට සිරි හිනාවෙලා මගේ කොන්දත් රිදෙනව.මෙන්න මෙහෙමයි උනේ..

Thursday, May 5, 2011

රටක් වටින පුතෙක්

මෙන්න මේකයි අද මම කියන්න යන්නෙ ලස්සන කොල්ලෙක් ගැන රස කතාවක්..... මම දාපු අර Video එක ඔයාල බලල තිබුනෙ නෑ .... ඒකට කමක් නෑ මේකවත් බලන්නකෝ....

මේ කතාව ආරම්භ වෙන්නෙ බුද්ධ වර්ෂ දෙදහස්පන්සිය තිස් අටක් වූ වෙසක් මස පස්වැනි සිකුරාදා ගාල්ල  සමුපකාර රොහලේදී මාලිනී ආදිහෙට්ටි සහ මාතර ආරච්චිගේ නිමල් ප්‍රේමසිරිට පුත්‍රරත්නයක් ඉපදුනා.මේ පුත් කුමාරයා මාර ලස්සනයි... එයා තමයි මුළු පව්ලෙම මල්ලි...

Wednesday, May 4, 2011

Shaun the Sheep Ep.18 | වැලි මීයා සමග

අනේ ඉතිං පොරොන්දු වුනාට මට ගේන්න බැරි වුනේ මගේ Net Connection එක Slow කරල.. මගේ ගිය මාසෙ 3GB ඉවර උන නිසා... මම Bill එක ගෙව්වට තාම Slow... එෆාවෙනව.... මට ඕනෙ නං Video එක දාන්න තිබුන ඒත් මමත් ඒක බලල දාන්නෝන නිසයි Connection එක හරියනකං හිටියෙ. ඉතිං අද කට්ටියගෙ දුක සැප අහන්නත් බැරි වුනානේ.. කෝමද ඉතිං..... ආහ් අපි වැඩේට බහිමු නේ...

Sunday, May 1, 2011

ඔබ කැමතිද? | ජනමතයට විවෘතයි


ආදෝ මැයි 1 වෙනිද නේ? අපි වගේ කම්කරුවො පාරට බහින දිනේ (හැමදාමත් පාරෙම තමයි නැද්ද)... එක  වෙනිද මරු අෆ්ෆා... අපේ ලංකාවෙ සැට් එකක් ම පාරට බැහැල. මම මේ මැයි 1 ගැන නෙමේ කියන්න ආවෙ.අද දිනේ මතක් උන හංද කිව්වෙ. මේ මම එහෙනං කාරනාව කියල ඉන්නංකෝ ඉස්සෙල්ලා... ඔන්න එහෙනං කියනවා.. ඔන්න කිව්වා .... ඔන්න කිව්වා.... ඔන්න කිව්වා (පහළ පහළ පහළ බොල තීන්නෙ.)

Thursday, April 28, 2011

අපි ඉතිං යන්න යනවා.

හායි. ඇයි හලේ මේ දුකෙන් වගේ? හපොයි මම මේ දාල තියෙන්නෙ මොකද්ද….. මලා.. යකුනේ මම නෙමේ යනව කිව්ව.

       මේකයි මම දැන් මේ රටේ නෙව සමහර දේවල් වලට මේ රටේ පුරවැසියෙක්(වගේ) විදියට අකමැතියි. ඒවයින් එකක් තමයි ඉස්සර භාවිතා කරපු හා දැනටත් භාවිතයේ තියෙන අර සිංහය ඉන්න Water Mark එක තියෙන සල්ලි කොළ. අන්න ඒව දැං නැති වෙමින් යන හිංද ඒ ගැන පොඩි සදහනක් කරන්න තමයි හිතුවෙ.

Saturday, April 23, 2011

බුකියෙ Edit Thumbnail වැඩ කෑල්ල | නොදන්න අයට පමණයි!


කාලෙකිං හොද පෝස්‍ට් එකක් දැම්මෙත් නෑ නේ. අවුරුද්දටවත් එකක් දාන්න බැරි උනා. මම මගේ භාර්යාව (කොම්පීතරේ) එක්ක නෙමේ හිටියෙ. ඒකයි. මම අපේ තාත්තලාගේ ගමේ ගියා ඒකයි. ඒකට සමාව ඉල්ලනව. සොරි හොදේ... ඉතිං කාලෙකට පස්සෙ අළුත් පෝස්ට් එකක් දාන්න හිතුව. වැඩියෙන් දැම්මෙ වල්පල් ඒවනේ. අපි වැඩේට බහින්න ඉස්සෙල්ලා අවුරුද්ද සරුද කියල අහන්න කැමතියි. සරු ඇති නේ? එහෙනං එල. ඔන්න හේනං වඩේට බැස්ස...........

Friday, April 1, 2011

මිලියන 20ක එකම පැතුම

ICC-World-Cup-2011
අද නං ඉතිං ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මං… මට මම මාර සතුටෙන් ඉන්නෙ අද අපේ සිංහයො ටික දිනනකං.ඒත් පොඩි ඉදලක් තියෙනව.මැතිව්ස් කොල්ල අද ඉන්ජඩ් වෙලා.මැන්ස්ටත් ඉක්මන් සුවය පතනව.බැටිං ලයින්අප් එක එල , බොලිං මැක්සා , ෆීල්ඩිං ගැනත් බයවෙන් දෙයක් නෑ.එකකිරි සමග ඇල් ජලය වගේ අපේ සිංහයො කප් එකෙන් ගහනව.(අම්ම බැට් එකෙන් ගහන්නෙ අද දවස විතරයි.මීටපස්සෙ කප් එකෙන්)ඒව ගැන නං නෙමේ මම අද කතාකරන්න ආවෙ.

Sunday, March 27, 2011

E-mail එක

ආ රසකතාවක් වගේ නේ???? හික් අද ඉතිං ඊ - ලියුම් යවන කාලෙනේ. අද විජ්ජාව දියුනුයි නේ.මාත් හිතුව අපේ මාමට මමයවපු මේල් එක ගැන කියන්න ..ලියුම මොකද්ද කියල ඔයාලම බලාගන්නකෝ... මේ අපේ සිංහල මිස් කියපු හැටියට පෞද්ගලිකද මොකද්ද වරේගයේ ලිපියක් හොදේ....

Saturday, March 19, 2011

මේව මහ කැත වැඩ..

හායි කස්ටිය.. අර කලිං දාපු පෝස්ට් එක මං ඩිලීට් කලා... ඒක වැඩක් නෑ. මේකෙ බැදුන මකුළු දැල් අහක්
කොරන්න වෙනම මැසිමක් සහ කම්කරුවෙක් ගේන්න වෙයි වගේ.තව පොඩි Color Wash පාරකුත් දෙන්න ඕන. අයෙත් මේක මැක්සා විදියට හදන්න ඕන. ඒත්....
ඒත් මට මේ සාපෙ හිංද මොනම වැඩක් වත් කොරන්න විදියක් නෑ අෆ්ෆා. හරි සාටර්. ඒත් මොනා කරන්නෙයි.පාඩම් කරන්නත් එපැයි. ඒමදිවට පංති. ඡන්දෙ දවසෙත් පංති ඊට ඉස්සරියෙන්දයි , පස්සෙන්දයිත් පංති. මට එපා වලා තියෙන්නෙ. මොනව කරන්නද. දැං ශිෂ්‍ය නායක පට්ටම හම්බුන හිංද තවත් වැඩ වැඩියි.
මොනාද මේක මේ කියන්නෙ? මැටි මොලෝ. ඕක නෙමේ නෙ කියන්න ආවේ. කියන්න යන දෙ කියපං බොල.හරි හරි ඕං හේනං අහගන්නකෝ.....

Thursday, February 17, 2011

අපි වතුර ටිකක් බොන්න ආවෙ සර්...

ආහ් සෙට් එක.... කොමද ජීවිතේ හේම??? හොදයි නේ???
මම නං ඉතිං ඉන්නව...
මේ මේ ඒක නෙමේ අද මම කියන්න ආවෙ.. අපි කරපු මහ ජාතික වැඩක් හව් වෙච්ච එකක් ගැන.. ඔයාලත් බලාගන්නකෝ...

මේක උනේ අපේ ස්කොලෙ ස්පොර්ට් මීට් එකට පුරුදු කරන දවස් වල...ඔය කව්රුත් දන්නවනේ ඔය විශේෂෘංග වල තියෙන්නෙ 10,11 උන්ටම කියාපු වැඩේ අර(කට්ටි පැනීම.. නෑ නෑ බං) මාච් එක.. ඔන්න ඕකට පුරුදු කරනව.. අපේ ස්කොලෙ තියෙන නිවාස 3 තමයි විජය ගැමුණු පැරකුම් ඔය තුනේම උන් අපි එක්ක සැට් උනා... දැං ඉතිං පුරුදු කරන වෙලාවෙ තව උං ටිකක් පස්සෙන් එනව ආවෙ නැති කස්ටිය ඇදං යන්න... හික් අපි යයි ඕවට ... අපේ ස්කොලෙ තියෙන්නෙ ගාළු කොටුවෙනේ...ඉතිං ඒක ඇතුලෙම තමා පුරුදු කරන්නෙ.. අපි ඉතිං එතනින් පැනල ගියා.. දැං අපි එක්ක ඉන්නව 8ක් 10ක් විතර... මුළු කොටුව පුරාම ඇවිද්දා.. ඇවිදල කඩ කීපයකටත් ගියා අර VOC කාසි විකුනන්න තියෙනව.. අන්න ඒව ගන්නවද කියල අහන්න.. අපේ එකෙක් ගාව තියෙන නිසා ගියා කඩවල් 2කට.... එච්චරයි... අපි ඇවිද අවිද ගියා.. යනකොට මෙන්න

Wednesday, February 16, 2011

බොම් බොම් එක පිට එක...යං යං මරු තුරුලට

ආ යළුවනේ..... කොමද ජීවිතේ... එල ඇතැයි සිතමි... ඊයෙ අපේ Sports meet එක. ආවෙ 9ට විතර තමා ගෙදර.හික් දැං කකුල් කඩිත්තුව.ඇයි ඉතිං පැය 7ක් විතර එක දිගට හිටගෙන.බස්එකේදීත් තව පැය 2ක් හිටගෙන ආවෙ..මට ඉතිං මළ... ආපු ගමං ඇදට වැටුන අද උදේ 9 වෙනකං දොයි...අපො මේ මොනාද මං කියවන්නෙ.. හික් මේක නෙමේනෙ කියන්න ආවෙ ඕං හේනං කතාව..

(උගුරපාදමින්) අද මම  ආවෙ අපේ දුම් දුම් බොන කස්ටියට පොඩි උපදෙසක් දීල යන්න.මම නං ඔය විද්‍යව ගැන වැඩි දන්නෙ නෑ..මේ දැං මම බුකිය සැරිසරනකොට පොඩි පිංතූරයක් දැක්ක.. ඒක දැකල තමා හිතුනෙ මේක දාන්න..

Monday, February 14, 2011

වැල සාමි මමයි

හික් අද ආදරවන්තයින්ගේ දවසලු නේද?  හික් මට නං ඕව නෑ නේ... මමනෙ ඉතිං වැල සාමි...
ඔය පලහිලව් මලඉලව් තීන කට්ටියනං ඉතිං අද පාක් වල වගේ ඒවයි ගිහිල් මේ දවස සමරනව ඇති... හික් අද දවසෙ මොකද්ද අද දවසෙ අරුමෙ.අනේ මන්දන්නෑ..මට නං ඕව තෙරෙන්නෙත් නෑ.. ආදරේ කියන එක නං දන්නව... බුකියෙ යාළුවා නං දන්නව ඒ ගැන.. ඒත් ඉතිං  මට ආදරේ කරන්න ඉන්නෙ මගේ අම්මයි තාත්තයි නෑදෑයොයි යාළුවොයි විතරයි...මට ඉතිං ආදරවන්තියෙක් නෑ නේ හිටියෙත් නෑ... ඒකටත් එක්ක මට ඕන තරං යාළුවො ඉන්නව... පිරිමි යාළුවොයි ගැහැනු යාළුවොයි. දෙගොල්ලොම...

මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..කාට හරි
අද දවස ගැන කතා කෙරුවොත් ඉතිං කියන්න දෙයක් නෑ... අද දවස කියන්නෙ නිකම්ම නිකං  හැමෝම වයසට යන එක දවසක් විතරයි කියල තමයි ඉතිං මේ පුංචි විද්දට හිතෙන්නෙ... අනේ මන්ද... අද දවසෙ මට නං     හොද දවසක් පේනව ඇතිනෙ අළුත් ටෙම්ප්ලේට් එකක් දාල ලස්සනට හදල තියෙනව....

Saturday, February 12, 2011

කෙළිමඩලේ දී මට උන ඇබැද්දිය


අද නං කියන්නෙ හිනා යන කතාවක් නෙමේ...ටිකක් දුක හිතෙයි ඒත් ඉතිං හොද යාළුවො නං සතුටු වෙයි (බුදුබනේ තියෙන විදියට කීවොත් ඉතිං අපායසහයක මිත්‍රයො.) හහමම්ම්ම් ඊට ඉස්සෙල්ල විශ් කරන්න කෙනෙක් ඉන්නවනෙ.මට දැනගන්න ලැබුන අද අපේ නිරහංකාර අහිංසකාවි ගේ ඉපදුන ඩේ එකලු (අර සිංහලෙං Birth Day කියන්නෙ! අන්න ඒක).ඉතිං එයිට සුභ මෙව්ව එකක් ම වේවා. (අනිත් කට්ටිය තරහවෙන්න එපා.මෙයාගෙ බර්ත් ඩේ එකට විතරක් විෂ් කරා කියල.උපං දින දැනගත්තොත් අනිව විෂ් කරනව.දැනගත්තෙ නැත්තං  ඉතිං පොඩ්ඩක් මතක් කොරන්නකො...)

අනේ මංද මේ මොකෝ උනේ....????
ඔන්න දැං කතාව..දන්නවනෙ මගේ කතාවල ඉතිං දුෂ්ටයෙක් නෑ,පෙම්වතියක් නෑ,පෙම්වතෙකුත් නෑ.මිතුරො විතරයි.මිතුරියොත් අඩුයි.අඩුයි කියන්නෙ ඇත්තෙම නැති තරං.

Friday, February 11, 2011

මචං නිල් කැටේට වතුර!


හික් අදත් පිස්සු කතාවක් ලියන්න යන්නෙ අර මම ඊයෙ දුන්න තෑග්ග (අන්න ඒක තමායි) ඒක 24 දෙනෙක් බාගෙන ඔයි.බුහාහාහාහාහා.මට මාර සතුතුයි ඕයි.තනි ඇහෙං බේරෙනව කදුලු දුසිං ගනං.හික් හික් අද හිනා වෙනව වැඩිද මංද.මේ මම මොනවත් ගහලා නෑ හරි. ඉතිං ඉතිං.මම මාර හැපි එකේ ඉන්නෙ අද කියන කතාව හිනා වෙන්න දෙන එකක් . පට්ට පදිරි වෙන්න දෙන්නංකෝ.කියෝල බලල හිනා වෙන්නකෝ....

අපි මේ ළගදි ගියා....‍(කොහේද බං??)  අතරමග හෝව් හෝව් අමතක උනා අතරමග නෙමේ බං කතරගම.හික් අද වැරදෙනව වැඩියි.දැං ඉතිං කට්ටිය හිතෙනව ඇති උබ කතරගම ගියාම අපිට මොකෝ කියල.මේකනෙ සීන් එක ...

Thursday, February 10, 2011

දැක්කම කලංතෙ වගේ!


මේ මොකද යකෝ වෙලා තියෙන්නෙ? අර උඩතියෙන මාතෘකාවෙ තේරුම මොකද්ද?.
කියවලම බලන්නකො. එතකොට තේරෙයි.
විද්දට මොකෝ මේ වෙලා තියෙන්නෙ.මඥ්ඥං පරිප්පුවක් වත් කෑවද? නැත්තං වෙරි වැඩිද? 
ඔය එකක් වත් නෙමේ බොල මම අද ඉන්න මාර හැපි එකේ!
ඒ මොකෝ? 
පොඩි කාරනයක් නිසා
ආහා මොකක් හරි සෙට් කොරගෙනවත් ද?
අපෝ මුගේ තීන කැත ගතිය.යකෝ ඒ මොන මගුලක් වත් නෙමේ.මේ මැටි  පුතා ලොකු වැඩක් කෝරල අර හසිය අයිය ඇස් පේනවද බැලුව වගේ  මේකත් බලන්නකෝ. ඔය පහල තියෙන ! ලකුණ ගාව පේලිය Highlight කරල බලන්නකෝ.

Wednesday, February 9, 2011

නොකියම බැරි Nokia විස්තරේ.


ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ඉලෙක්ට්‍රොනික උපකරණය මොකක්ද 
කියල ඔබෙන් ඇසුවොත් ජංගම දුරකථනය ඔබේ පිළිතුර වේවි.
අද ලාංකීය සමාජයේ ජංගම දුරකථනය හුදෙක් සන්නිවේදන උපකරණයකට වඩා
සමාජයේ පුද්ගලයට හිමි තැන කියාපාන මිම්මක් වී අවසානයි. 

ඉතින් මේ කියන්න යන්නේ ලෝකෙ තියන දැවැන්තම දුරකථන නිෂ්පාදන 
සමාගමක් ගැන ඒ තමයි Nokia දුරකතන සමාගම......

Friday, February 4, 2011

63 වන නිදහස

කොහොමද යාළුවනේ.හොදින් ඇති කියල හිතනව.අපේ ඉලංදාරියා වෙනුවෙන් දැම්ම පෝස්ට් එක 100කට වැඩි බලල.මට ගොඩක් සතුටුයි.ඇත්තටම අපේ කෙනෙක් වෙනුවෙන් කරන වැඩ වලට හැමෝම සතුටුයි නේ.එයාටත් ගොඩක් සතුටුයි.අපේ ඉලංදාරිය වෙනුවෙන් ගොඩක් කට්ටිය උදව් කරල තියෙන බව එයා කිව්ව.ඉතිං කොහොමද නිදහස? හොද ඇති නේද? මම නම් ඉතිං හැමදාම නිදහස අත්විදින කෙනා නේ.

1948 පෙබරිවාරි 04 කියන දවස හැමොගෙම හිතේ තියෙන ගොඩක් හොද දවසක්.සතුටු දවසක්.එදා අපේ ශ්‍රී ලංකා ජාතියටම නිදහස ලැබුනු බව නම් ඕන කෙනෙක් දන්නවනෙ.වැඩිය විස්තර

Wednesday, February 2, 2011

ඉලංදාරියාට උදව්වක් වෙමු.

මේ පිංතූරය Facebook
හි Profile Picture එක කරගෙන
දිලුම්ට උදව්වක් වෙන්න!
මොකද්ද මේ පොස්ට් එක?‍කව්ද මේ ඉලංදාරියා? කියල අහයි හැමෝම
ඇත්තටම ඉලංදාරියා කියන්නෙ බ්ලොග් කරුවෙක්.අපි වගේම අහිංසක විදියට බ්ලොග් එක ලියන කෙනෙක්.ඒත් එයාට එක අඩුවක් තියෙනව.අපිට වගේම හොදට ඇස් පේනව.ඇවිදින්න පුළුවන්.ඒත්.. ඒත් එයාට කං ඇහෙන්නෙ නෑ.ඉලංදාරියාගේ හැබෑ නම දිලුම් දිසානායක.මේ බ්ලොග් පොස්ට් එක නිකන් ජොලියටවත්,හැමෝම මෙයා ගැන දාන නිසා වත් නෙමි.අපේ සහොදරයෙක් වගේ නිසා කරන ඉල්ලීමක්.

Wednesday, January 26, 2011

Facebook Wall එකට ලස්සන වැඩක් දාමු.

ආ සෙට් එක කොහොමද?
‍මම නං මේ දවස්වල ටිකක් විතර බිසී.පාඩම් වැඩ නිසා.මොකද මේ අවුරුද්දෙ අන්තිමේ සා.පෙ එනවනේ.අද ඔයාලට මම කියන්න යන්නෙ ෆේස් බුකියෙ අළුත් මුහුණුවරේ පොඩි වැඩ කෑල්ලක් දා ගන්න හැටි.මේක ඔයාලටත් ගොඩක් අළුත් ඇති.සමහරු දැනටම කරල ඇති.නැත්තම් දැනගෙන නොකර ඇති.කොහොම උනත් අද මම කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරන හැටි.බලන්නකො ඔයාලත් කරල. මමත් කලා පහල තියෙන පිංතූර ට්ක බලල අදහසක් අරං බලන්නකො කරලම.
මේක ම‍ම ආසාවට මගේ Profile Wall 1ට දාපු එක

Friday, January 21, 2011

Useful 30 Fonts For Free | දැම්ම බාගන්න..

හායි යාළුවනේ!
දවස්  10කින් මොනවත් ලිපියක් දැම්මෙ නැති හින්ද ආව බ්ලොගිය පැත්තෙ මොකක් හරි හොද දෙයක් දීල යන්න.අර ඔයාලට දෙනව කිව්ව විශේෂ ‍ තෑග්ග ලගදීම බලාපොරොත්තුවන්න!!(ඇඩ් එක නරකම නෑ නේ...)කොහොම උනත් ඒක වගේම මේකත් ගොඩක් ඔයාලට විශේෂයි කියල හිතනව.මේක අපේ Photoshop වලට ආස අයට ගොඩක් හොද ආරන්චියක් වේවි. (යකෝ අකුරු පාවිච්චි කොරන්නෙ Photoshop වලට විතරද?? මැට්ට. :O අම්මේ මූ මට බැන්නා  :'( ) ඉතිං අද ඔයාලට දෙන්න යන්නෙ ලස්සන Fonts ටිකක්.ඔය එක එක වැඩ දානකස්ටියට  ‍එහෙම ඕන වෙනවනෙ.ඒකයි දෙන්න හිතුවෙ.ඔයාලත් Download කරගෙනම බලන්න.

Monday, January 10, 2011

වැසි දිනක තනිවු මා....

කාලෙකිං තමා බ්ලොගිය පැත්තෙ ආවෙ.පරක්කුවට හේතු උනේ ඔයාලට මම ළගදීම හොද තැග්ගක් දෙන්න යන හිංද (ඔය නොමල් තෑගි නෙමේ.වටිනාකියන සිංහලෙං කිව්වොත් Useful තැග්ගක්).තෑග්ග මොකද්ද කියල නං අහන්න එපා,ඇහුවට කියන්නෙත් නෑ(අපෝ නොදකිං මුගෙ පුරාජේරුව).ඔන්න ඉතිං පටං ගත්ත කචබචේ.හරි හරි.අද ආවෙ ඕක ගැන කියන්න නෙමේ.වෙන දෙයක් කියන්න.මේදවස්වල වැස්සනේ හොදටම (ඉතිං අපිට මොකෝ?.අපිට පාන් ය?) ඔන්න පටං ගත්ත.බනින්න එපා අනේ.ඉන්නවකො කියන්න.

(උගුර පාදමින්) සභාවෙන් අවසරයි, මා මෙතනට පැමිනියේ...(ඔව් ඇවිල්ල ඉන්නෙ) එක්කො වැඩක් නෑ.මම අද ආවේ වැස්ස ගැන නිසදැසක් ඇරන්.ඒත් මට නිසදැස් ලියන්න බෑනේ.ඒත් කමක් නෑ අහගන්නකො
පේනවනෙ මේක ඉන්න තැන.(පුටු ඇන්දෙ ඉන්නෙ)
                            

Thursday, January 6, 2011

Lanka net linux 3

අද ආවෙ නං මට හම්බවෙච්ච දෙයක් ගැන කියන්න.ඒක තමයි (මේක).lankanet  එකෙන් මට ගෙදෙට්ටම ආපු Lanka net linux 3.තාම දාල නම් බැලුවෙ නෑ.ඒත් ගොඩක් හෙදයි කියල නම් හිතෙනව.මේ DVD මට හරියටම දවස් 8ක් යනකොට ගෙදෙට්ටම ආව.මට නම් මාර හැපි.අද උදේ තමා ආවේ.මම ඒකට එක දැම්මෙ ගිය දෙසැම්බර් 29.ලංකාවෙ වැඩක් නිසා ඔයාලටත් ආස නම් අරගෙනම බලන්නකො. .පහල තියෙන්නෙ Screen Shot 1ක්.

Sunday, January 2, 2011

විද්දා වෙනස්වෙයි|Time For Change......

                                                                                                    කෙෂාන් විදුරංග (විද්දා) ,
                                                                                                               බ්ලොග් එක පාර,
                                                                                                                 Blogger හන්දිය,
                                                                                                                             ජංජාල
                                                                                                                        2011/01/02

හිතවත් බ්ලොග් කියවන්නනි,

       කට්ටියටම ඔක්කොටම ඉස්සෙල්ල  සුභ අළුත් අවුරුද්දක් වේවා කියල කියන්න ඕනෙ!!
අද ඉදං මම වෙනස් විදියකට තමා බ්ලොගිය ලියන්නෙ.

^උඩට යන්න