Sunday, March 27, 2011

E-mail එක

ආ රසකතාවක් වගේ නේ???? හික් අද ඉතිං ඊ - ලියුම් යවන කාලෙනේ. අද විජ්ජාව දියුනුයි නේ.මාත් හිතුව අපේ මාමට මමයවපු මේල් එක ගැන කියන්න ..ලියුම මොකද්ද කියල ඔයාලම බලාගන්නකෝ... මේ අපේ සිංහල මිස් කියපු හැටියට පෞද්ගලිකද මොකද්ද වරේගයේ ලිපියක් හොදේ....




කෙෂාන් විදුරංග (විද්දා) ,
"හෝම් ස්වීට් හෝම්" නිවස,
Blogger හංදිය ,
ජංජාලය.

අපේ මාමා වෙත, 
                          මාමාගේ නම මාක් විත්තිය මම දනිමි. අපේ අයියා මට උබ ගැන කියා දුන්නා.උබට දැං වැඩ වැඩිලු නේ.කමක් නෑ බං මේකට රිප්ලයි පාරක් දාහං හෝදේ.ලංකාවෙ කස්ටියගෙන් ගොඩක් බොට මේල් එන නිසා මාත් මේ නිකමට කියල එව්වෙ.උබට ඉතිං සල්ලි හම්බුනාම අපිව අමතකයි නේ.මේ මේ උබ 2010 යේ Person Of The Year උනාලු නේ. හොදා හොදා. ඔය සමාජ මදුරු දැල දිගටම කොරං පලයං කෝ.උබේ ප්‍රොෆයිල් පොජ්ජට රික්වෙස්ට් පොජ්ජක් මන්ද කොරන්ට බෑ බොල.උබ මහ කුජීත විදියට ඒක නැති කොරලනේ.දැං ඉතිං උබේ හොදයි නරකයි මං කියන්නං.

                           බොටත් ඉතිං විස්ස විජ්ජාලෙ වැඩ නැති කමට මේක හැදුවනෙ.අන්තිමට ඉතිං උබේ දැල ලෝකෙ හොදම එක උනානේ. ඒකට මට මොකෝ. අනික් එවුන් උබේ වැරදි විතරයි නේ කිව්වෙ. මේං අහගනිං උබේ හොද දේවල්.උබ අපේ මනිස්සුන්ට කලෙ කන හැටි උගන්නපු එක මම ගොඩාරියක් අගේ කොන්නව. ඒ වගේම උබ සිංහල දන්නැති එකත් මම අගේ කොන්නව.ඉතිං සෝ වැඩ ටිකක් කරල තීන්නෙ අළුතෙන්. අර අර චැටිං ගෲප් වැඩේ නං දවස කාලකන්නි කොරන්න නියම වැඩේ බං. තව ටැග් කරන පොටෝ කැලී 5ක් එක්කහු කරල හදන එක පොටෝ කෑල්ලෙ වැඩෙත් ෆට්ට. මාත් ඒක දාං ඉන්නෙ.අම්මපා. බොරුනං බලහං මගේ ප්‍රොෆයිල් පොජ්ජ පැත්තෙ ගාටල http://www.facebook.com/keshan.vidu... මම දැං යාළුවො 1709ක හිමි කාරයෙක්. ඒක උතේ ඉතිං උබ හිංද. මේගොල්ලො කොච්චර වටිනවද නේද? ඕනෙම දුකකදියි සැපකදියි ලගින්ම ඉන්නවනෙව.දැං තිං උබේ හොද කීව ඇති.පල්ලෙහා හෑල්ලෙන් කියන්නෙ නරක සහ කරන්න ඕන වෙස්කං .

                           අග ඉදං මුලටම මම කියං යන්නං . අන්තිම වැරැද්ද. අර පොල් ගාන්න හදපු poll කියන කුනුහර්පෙ. ඒක මහ වදයක් බං. ඊලගට ලගදිම ආවෙ අර පොටෝ ඕපන් වෙන සිස්ටැම් එක වෙස් කොරපු එක.ඒකත් මාර වාතෙ.චැටිං ගෲප් වලට අපෙං නාහම අපිව ඇදල දානෙක.ඒකෙන් Leave උනාම අයෙත් ඇඩ් වෙන්න බැරි එක.අපිට ඕන වෙලාවට Leave වෙන්නයි , ඕන වෙලාවට ඇඩ් වෙන්නයි අපිට නිදහස ඕනෙ.අළුතෙං හැද්ව ප්‍රොෆයිල් සිස්ටම් එක.ඒකට වඩා තිබ්බ එක හොදා බං.තවත් වටිනාම දේ තමයි අර මැසේජ් වලට ටැග් කොරන කෙරමේ අපිටම අයෙත් අන්ටැග් කර ගන්න ඕන විදියට හදපං. ඊලගට යාළුවොන්ගෙ ලිමිට් එක අන්ලිම්ටඩ් වෙන්න ඕන.අපිට mp3 සිංදු අප් කොරන්න ඕන.තව අර යාළුවො තරහ උනාම Block කරල දාන එක නවත්තන්න ඕන.මට මේ වෙලාවෙ අමතක වෙච්ච දේවලුත් ඇති.

                         මගේ යාළු ලිස්ට් එකේ අපේ සක්විති අයියා,පැලවත්තෙ වික්ටර්,ටැක්සි කාරයා,පිස්සු දොත්තර,බාබා ලන්තයේ බබාල සැට් එක‍,කතරගම දෙයියෝ ect. වගේ හෙන සැට් එකක් ඉන්නව.තව අයියල ඉන්නව අක්ක‍ලගෙ වේසෙන්. එයාල අනිත් අයියලව අන්දනව. අන්දන උං ඉතිං ගෑනුම තමයි.ඒව ගැන කිව්වොත් ඉතිං අද දවසම යයි.ඉතිං දැං බොට වැඩත් ඇතිනේ මම තව සබැදුම් දෙකක් තුනක් විතර දෙන්නං.අපේ මහින්ද අබේසුන්දර මාමයි , එයාගෙ විමසුම පිටපතයි මේ දවස්වල නැගලම යනව බං.

               මේං අපේ කුප්පය බොට එවපු මේල් එක  
               ඇස්ට්‍රා පුතා එවපු 3 මෙන්න 1 ,2 , 3
                          

මේ අපේ උං ගෙං බොට තෑග්ගක්. උපංදිනේ කියල එවහං ඇහැක් උනොත් විසිට් එකක් දාල යන්න එන්නං.

මම හේනං මේක මෙතනිං ඉවර කොරන්නං.අපේ ලංකාවෙ අයියා හොදින් ඉන්නවනේ??? අනිත් උනුත් මතක් කොරා කියහං.

 මීට විශ්වාසී
විද්දා පුතා.
       


10 comments:

  1. ෙහාදයි විද්දා පුෙත්. උඔට සියලු ෙදවියන්ෙග් පිහිටයි.

    ReplyDelete
  2. "ඒ වගේම උබ සිංහල දන්නැති එකත් මම අගේ කොන්නව."
    ආ....මට තේරුනා. උබ අපිට ඉංගිරිසි බැරි නිසා නේද ලියුම සිංහලෙන් දැම්මෙ??

    ReplyDelete
  3. :P ela ela.... sirawatama mara wadayk ban fb :P

    ReplyDelete
  4. දැන් දැන් මාර්ක් අංකල්ට හෙන ඉල්ලුම නේ...මූට දැන් සිංහල පුලුවන් ලු..අබේසුන්දරයට කුනුහබ්බෙන් බැනලා පහුගිය දවසක පිටපත වරද්දලා... :)

    ReplyDelete
  5. @රත්ගමයා ඔව් බං අපේ එවුං මෙහෙම ලියුං යවද්දි කාටද බං සිංහල බැරි වෙන්නෙ. හොද වැඩේ ඕකට ඔහොම්මමයි වෙන්ටෝන... මේ ඒක නෙවි උබ අර ටැස්ට් එකට ගිහිං ඇවිල්ල වෙනස්වෙලානෙ බං හරියට.කුප්ප විදියට කියලම නෑනේ..... අපේ මර්වින්(ඇම්ඩන්) සිල්ව ඇමතිය බොට ගැහුවවත්ද?

    ReplyDelete
  6. අනේ මන්ද බොලව්....... ඕකා ඔය මගුල නොහද හිටියනං හොඳා කියල හිතෙයි, මෙහෙ උං ඌව පට්ට ගහන විදිහට.

    ReplyDelete
  7. @සහන් ඒක නැත්තං කොරයි මං මේ බොලොග්ගෙ..... මට නං කිසි අවුලක් නෑ.. මේක නාහද හිටියනං මම ස්කෝලෙ වැඩ ටික කොරං පාඩුවේ ඉන්නව බං...

    ReplyDelete

^උඩට යන්න