Saturday, June 11, 2011

බුකියෙ Updates එවෙලෙම sms එකකින් ගමු

ගොඩක් කාලෙකට පස්සෙ. මේ දවස් වල ගොඩක් වැඩ තිබුන ඒකයි. ටිකක් නිකං ඉන්න වෙලාවක් හම්බුනා ඒකයි ඔයාල‍ට වැදගත් වෙයි කියල හිතුන හිංද තමයි කියන්න හිතුවෙ. මේකත් ඉතිං බුකියටම එන එකක්. ටිකක් පරණයි .

           අපේ ගොඩක් කස්ටිය බුකියට යන්නෙ Massages , Friend Requests , Notifications Check කරන්නනේ. ඒකට බුකියට log වෙන්න ඕන නෑ. මේ ඔක්කොම වුන වෙලාවෙම ජංගමේට sms එකකින් ගන්න පුලුවං.පොඩි පියවර 4කින් කරන්න පුලුවං....
පල්ලෙහා තියෙනව කරන විදියයි ඒකට අදාල පිංතූරෙයි.... 

පියවර_1

ඉස්සෙල්ල කොපීතරෙන් බුකියට log වෙන්න.
 log වෙලා Notification Button එක Click  කරන්න.පහල රූපෙ විදියට Notification list එකේ පල්ලෙහා තියෙන See All Notifications Click කරන්න 

පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න

පියවර_2

ඊට පස්සෙ එන Page එකේ Subscribe:  Via Text Massage කියන එක Click කරන්න.(පහළ රූපෙ බලන්න)

පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න


පියවර_3

ඊට පස්සෙ පොඩි Window එකක් එයි. 
ඒකෙ,

Country: එක විදියට ඔයාල ඉන්න රට තෝරන්න.(උදා :- ලංකාවෙ නං Sri  Lanka) 
Mobile Carrier: කියන එකට ඔයාගෙ Connection එකේ නම තෝරන්න (උදා :- ඔයාල පාවිච්චි කරන්නෙ Dialog නම් Dialog Axiata තෝරන්න)

පස්සෙ  Next   කියන එක Click කරන්න
පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න

පියවර_4

පස්සෙ පස්සෙ ඔයාලගෙ ජංගමේ අරන් F කියල Type කරල 32665 send කරන්න.(සල්ලි යන්නෙ නෑ) එවෙලෙම ඔයාලගෙ ජංගමේට Massage එකක් එයි Facebook Mobile confirmation Code:XXXXX  කියල (මේකෙ XXXXX කියන එකට එන්නෙ ඔයාලට දෙන කෝඩ් එක හොදේ) 

අර ආපු Code එක When you receive a confirmation code, enter it here: කියන එකට යටින් තියන Box එකේ type කරන්න

පස්සෙ  Next   කියන එක Click කරන්න
පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න


ඔයාල මේ ටික හරියට කරානං පහල රූපෙ වගේ එකක් එයි...



සැයු : මැසේජ් එන ඒවයි වෙනසක් කරන්න ඕන නම් Account වල  Account Settings Click කරන්න ඒකෙ  Notifications ටැබ් එක‍ට ගිහිං අර Mobile එකක රූපෙ තියෙන පේළීයෙ ඕන නැති ඒවගේ ටික් එක අයින් කරන්න. වැඩේ සිම්පල්..... 

මැසේජ් එන එක නවත්තන්න ඕන නං Stop කියල Type කරල 32665 send කරන්න.

මේ පෝස්ට් එක දාන්න හිටියෙ ගිය සදුදා. ඔයාලට මේ පෝස්ට් එක වැදගත් උනා නං කමෙන්ට් එකක් දාල යන්න.අදත් මම කියන්නෙ මේක මම කියල දුන්නෙ දන්න අයට නෙමේ නොදන්න අයට.මම ගියා හොදේ....

--විදූ--

6 comments:

  1. Mama facebook eke sinhala blog page ekak haduwa. mama mewata aluth. so poddak a paththe awith waradi adupadu thiyenam kiyala podi support ekak denawada?

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මමත් ගත්තා

    ReplyDelete

^උඩට යන්න