Friday, February 4, 2011

63 වන නිදහස

කොහොමද යාළුවනේ.හොදින් ඇති කියල හිතනව.අපේ ඉලංදාරියා වෙනුවෙන් දැම්ම පෝස්ට් එක 100කට වැඩි බලල.මට ගොඩක් සතුටුයි.ඇත්තටම අපේ කෙනෙක් වෙනුවෙන් කරන වැඩ වලට හැමෝම සතුටුයි නේ.එයාටත් ගොඩක් සතුටුයි.අපේ ඉලංදාරිය වෙනුවෙන් ගොඩක් කට්ටිය උදව් කරල තියෙන බව එයා කිව්ව.ඉතිං කොහොමද නිදහස? හොද ඇති නේද? මම නම් ඉතිං හැමදාම නිදහස අත්විදින කෙනා නේ.

1948 පෙබරිවාරි 04 කියන දවස හැමොගෙම හිතේ තියෙන ගොඩක් හොද දවසක්.සතුටු දවසක්.එදා අපේ ශ්‍රී ලංකා ජාතියටම නිදහස ලැබුනු බව නම් ඕන කෙනෙක් දන්නවනෙ.වැඩිය විස්තර
නම් මම දන්නෙ නෑ.ඒ වුනාට අපේ මුතුන්මිත්තන් සටන් කරල සුද්දන්ගෙන් අපේ රට නැවත අත්පත් කර ගත්තු බව නම් දන්නව.ඒක ලැජ්ජ වෙන්න ඕනෙ කරුණක් නම් තමයි.ඒකට සමා වෙන්න.අපිට නිදහස ලැබුන දා ඉදං ම අපි එකම ජාතියක් ලෙස හිටිය වගේ ඉදිරියටත් සිටින ගමන්.63 නිදහස ඉහලින්ම සමරමු! ගෙදර ඉස්සරහ ජාතික කොඩියක් එහෙම දාල සමරනවනං ගොඩක් හොදයි.ඔයාලගෙ බ්ලොගියෙත් ඉස්සරහ කොඩියක් දානවනං ගොඩක් සතුටුයි :D

අපිත් සමරමු අපේ නිදහස!


-විදූ-

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න