Sunday, September 9, 2012

Android, Smart Phones නැති අපට | Opera Mini වලින් සිංහල කියවමු


ලාලුවලේ.. දෙකෙං පස්සෙ තුන පටං ගන්න ටික දවසක් ගියා ඈ.. ගනං ගන්ටෙපා... හික්. ඉතිං ටික දෙනෙක් සුභ පතල තිබ්බ. ගොඩ දෙනෙක් බලල තිබ්බ.. ඒකට මොකෝ.. මෙන්න තුන් වෙනි අවුරුද්දෙ විද්දා ලියන පස්ට් පෝස්ට් එක... වැඩි ආටෝප කැටයං මෙලෝ දෙයක් නෑ එකෙංම වැඩේට බයිනව ( ඈ වැරදුනාවක්කද්ද? හිනා වෙන්ටෙපා යකෝ “වැඩේට බහිනව කියල කිව්වෙ“ ඈ බලන්ටකෝ ඒකත් ඈ? අකුරකිං වචනෙක මුළු අරුතම නැත්තං තේරුමම වෙනස් කර තැහැකිනේ? මාරයි නේ ඈ??? :D .. දැං වැඩේ මගය ඈ.. කෙලිංම වැඩේට බහිනව කිව්වට වචනයක් ගිය දුර ඈ??)  

සෝ... අද මං ආවෙ අද කාලෙ කාගාවත් තියෙන මොබයිල් පෝං වලට පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්න. 


අපි ඉතිං පීඩිත පංතියෙ මිනිස්සුනෙ ඈ. ඉතිං ඇන්ඩ්‍රොයිඩ් ද, ස්මාර්ට් පෝංද ඒව මේව ගන්ට අපිලට මනි තීනෙකක්යැ. අද ආවෙ අපේ ෆෝන් වල ඉන්ටර්-ජංජාලෙ සිංහල පේන්නැති ඇත්තන්ට ඒක දා ගන්න උදව් කරන්ට. ඉතිං ඒකට Opera Mini Web Browser එක දාගන්ටෝන. ගොඩක් අය තමන්ගෙ ජංගමේට ඕක දාං නෙ ඉන්නෙ. ඉතිං ඒක දාගෙන නැති ඈයො පහළ ලිංකුවෙං බාගන්ට ඈ..
http://www.operamini.com/mobile/download/

ඒක අහවරයි නේ මං මේ වැඩේ කරන්න පාවිච්චි කරේ Opera Mini 7.0 (Opera Mini Next) එක අනික් ඒවටත් පුලුවං මං හිතන්නෙ. ට්‍රයි කරල බලන්න. බලන්නකො මේ පහල තියෙන්නෙ ඔයාලට සාමාන්‍ය විදියට මොබයිල් එකෙං මගේ බ්ලොග් එක පේන විදහ. (මොනවත් අකුරු පේන්නෙ නෑ)


ඉතිං මේ අවුල විසද ගන්න පොඩි ස්ටෙප් ටිකක් තියෙන්නෙ. අපි බලමු ඒ මොනාද කියල.

1. බ්‍රවුසර් එක ඕපන් කරාම ඔයාලට පේන්නෙමේ විදියටනේ.. ඒකෙ Enter address කියල ඒක ඔබන්න


2. ඒකෙ ටයිප් කරන්න config: කියල ටයිප් කරල,  Go  කියන එක ඔබන්න


එතකොට ඔයාලට මේ වගේ මෙනු එකක් එයි Power-User Settings කියල


3. ඒකෙ පහළට Scroll කරන්න. තියෙනව අන්තිමටම Use bitmap fonts for complex scripts කියල ඒකෙ තියෙන්නෙ No කියල නේද?
4. ඒක Yes කරන්න


5. ඊට පස්සෙ  Save  Button එක ඔබන්න.


දැං බලන්න, පේනව නේද සිංහල? සමාවෙන්න සිංහල විතරක් නෙමේ වෙන භාෂාත් පේනව


ප.ලි : මේක සිංහල බලන්න විතරයි. කොටන්න නෙමේ. ඈ

හැබැයි යාළුවනේ මේක කියල දුන්නෙ වෙනද වගේම මේක දන්නෙ නැති අයට. මොකද දන්න අය නොදන්නව වගේ ඉන්නකොට අපිවත් දන්න දන්න හැටියට කියල දෙන්ටෙපැයි. ඉතිං මේකෙං ප්‍රෙයෝජනයක් ගත්තනම් Comment එකක් දාල, මාව Follow කරල, FB Like එකක් දාල යන්නකො. එහෙනං මම ගියා
ඔබට ජය!

මීට,
සිංහල බලන
විදූ 

4 comments:

  1. කොටන්ඩ නෙමේ බලන්ඩ ලැබිච්ච එකත් වටිනවා නෙව..
    මාත් මේක ඇක්ටිව් කරගත්තා මලේ.. ගොඩක් ස්තුතියි !!!

    ReplyDelete
    Replies
    1. අන්නේකයි මට ඕන.. අයියට මේකෙන් වැඩක් උනා නම් ඒ ඇති... ස්තූතියි අයියා...

      Delete
  2. එතකොට පෝන් එකක් නැති අපිට? :D

    ReplyDelete
    Replies
    1. හයියූ බං. නිකා ඉදිං.. ඔය පෝං කට්ටෙං නෙට් යනවට වඩා කොච්චර සැපද බොල මැසිමෙං මහා සාගරයක් වගේ මොනිටරේ දිහා බලාගෙන නෙට් යනේක...

      Delete

^උඩට යන්න