Wednesday, August 18, 2010

නිවාඩු කාලයට පෙර දින ටිකේ මගේ Life එක.......

ඔන්න ඉතිං කාලෙකට පස්සේ විද්දා නිවාඩු කාලයේ හොද ෆන් එකක් ගත්තා.දැං ඉතිං නිවාඩුනේ භාගයක් විතර ඉවරයි නොවැ. ඒක නිසා මම කල්පනා කරා මගේ නිවාඩු ඉස්සෙල්ලා දින ටික ගෙව්න හැටි ඔය කට්ටියට කියන්න.
ඕං කට්ටියම අහගන්නකො. නිවාඩු දෙන්න ඉස්සෙල්ල මගේ කිව්වට අපේ වැඩ..
නිවාඩුව ඉවර වුනාම නිවාඩුක‍ාලෙ ගත කරපු හැටිත් මම ඔයාලට කියන්නම් කො.....



Sunday, August 15, 2010

කාලය සහ Facebook

කාලය දියවීයාම
විද්දා ඉතිං කවදත් කවි නිසදැස් ලියන්න දස්සයනෙ..
ඉතිං අද මම හිතුව මම මගේ තවත් වැඩක් පෙන්නන්න
පොඩි නිසදැසක් ‍හරි කවියක් හරි ලියල
හැබැයි මේක මටවත් තාම කවියක්ද නිසදැසක්ද කියල හිතාගන්න බැරි වු
ඔයාල මේක කියවල මේක ඔය දෙකෙන් කොකටද වැටෙන්නෙ කියල බලන්නකෝ.......

Friday, August 13, 2010

කාර් රේස්......

මම මේ පාර කතා කරන්නේ මුණුපොතේන් හොයාගත්තු එකක් නෙමේ මගේම දෙයක්....ඒක  ඔය තාර පාරේ යන කාර් රේස් ගැන........

       විද්දා ඉතිං කාලෙකට පස්සේ ඔය ගාල්ලේ තියෙන ඕන CD එකක් තියෙන මා දන්නා හදුනන කොමා අංකල්ගේ සොප් එකට ගොඩ වුනානෙව.ගේම්ස් එකක් ගන්න.කාලෙකිං ගේම්ස් එකක් ප්ලේ කරේ නැති හින්දා( කාලෙකිං කියන්නෙ මේ අවු.2 කිං , 3කිං විතර ) හොද කාර් ගේම් එකක් ගැන කොමා අංකල් ගෙන් අහන්න  හදන කොටම කොමා අංකල්ගේ මස්සිනා අංකල් මගෙන් අහනවා
    " මල්ලි මොන වගේ ගේම් එකක්ද බලන්නේ කියල"
ඉතිං මම කිව්වා " අයියෙ, හොද කාර් ගේම් එකක් දෙන්නකො" කියල
මස්සිනා අංකල් ඇහුව මගෙන් " මල්ලි RAM,VGA එහෙම කොහොමද?" කියල.
මම  ඉතිං මගේ ඔය අහපු  වගෙ Mb ගාන එහෙම කිව්වා
" එහෙනම් මල්ලි Need for Speed™ Most Wanted වගේ එකක් ගහමුද?" කියල.
මාත් "හා" කියල ඕක රැ.150 ක් දීල ගෙදර ගෙනෑවා .


හදපු හැටි.......

මුලින්ම ඉතින් හා හා පුරා කියල අලුත් වැඩක් පටන් ගත්තට,මේක හදපු හැටි මේ විද්දට කියන්න අමතක වුනා නෙව.
        මම ඉතින් වැඩියෙන් සැරි සරන්නේ මුනු පොතේනෙව.ඒ කියන්නේ මේ මේ FB (Facebok) කියන අටමගලෙනෙ. දන්නවනෙ ඉතිං ඔහොම සැරිසර සර ඉදිද්දි මට මගේ මිතුරැ මිතුරියන් එක්ක ඔය චැට් කියල එකකුත් කොරනව.එතේන්දි තමා මට මේ බොලොග් එක හදන්න  නදීශාන් අමරසේකර කියන මගෙ හොද යාලු ෆිට් එක තමා ඉතිං කියා දුන්නෙ.

       මම ඉතිං කොහොමත් විහිලුවට බර මිනිහනෙ.ඒක නිසා නිකන් ඔය ආවට ගියාට වගේ ඔය  නදීශාන් ගෙන්  මම  ඇහුව,

Thursday, August 12, 2010

අකුරැ වල වැඩ දාන හැටි ...........

මෙය මට මුහුනු පොත නැත්නම් Facebook එකේදී දැන ගත්තු දෙයකි.
මෙය මට කියල දුන්නේ හසිත කියල  මගේ මුනු පොතේ යහලුවෙක් තමයි.
මම දවසක් මගේ යහලුවාගෙන්

   "අනේ මචෝ ඔය අකුරැ වල වැඩ දාන්නෙ කොහොමද ? " කියල ඇහුව නෙව.
එතකොටම මේක ගත් කට ටම කිවනෙ " මචං කැරැක්ටර් මැප් එකෙන්" කියල.

^උඩට යන්න