Thursday, April 28, 2011

අපි ඉතිං යන්න යනවා.

හායි. ඇයි හලේ මේ දුකෙන් වගේ? හපොයි මම මේ දාල තියෙන්නෙ මොකද්ද….. මලා.. යකුනේ මම නෙමේ යනව කිව්ව.

       මේකයි මම දැන් මේ රටේ නෙව සමහර දේවල් වලට මේ රටේ පුරවැසියෙක්(වගේ) විදියට අකමැතියි. ඒවයින් එකක් තමයි ඉස්සර භාවිතා කරපු හා දැනටත් භාවිතයේ තියෙන අර සිංහය ඉන්න Water Mark එක තියෙන සල්ලි කොළ. අන්න ඒව දැං නැති වෙමින් යන හිංද ඒ ගැන පොඩි සදහනක් කරන්න තමයි හිතුවෙ.



සිංහය ඉන්න Water Mark එක
       මම අකමැති ම මේ සිංහය ඉන්න Water Mark එක  අයින් කරල ඒකට කුරුල්ලොන්ගෙ පිංතූර දාපු එකට. ලංකාවේ එඩිතර භව සහ එක්සේසත් භව විදහාපාන මේ සිංහය අයින් කරේ ඇයි කියල හැමෝම කතා කරපු හිංද මම ඒක ගැන කියන්න යන්නෙ නෑ. ඉස්සර තිබුන ලස්සන සහ වටිනාකමක් පේන්නට තියෙන ඒව වෙනුවට දැං තියෙන්නෙ කුරුල්ලන් පමණක් ඇති පිංතූර ටික්ක. පරණ තිබුන මොණර කොලේ (රු.1000) වගේ මිනිස්සු ආමන්ත්‍රණය කරපු ඒ කොළ දැං නැතිවෙලා යනව. ගොඩක් දුකයි.

මේ තියෙන්නෙ පරන එව්ව සැට් එකම
      අපේ රටේ සමහරුන් එකතු කරන්නෙ ඔය අළුතින් ආවයි කියන කුරුළු කොළ.මම නම් කියන්නෙ ඇත්තටම අපි එකතු කරන්න ඕන අපේ රටෙන් නැතිවී යන මේ පරණ කොළ ටික (සල්ලි කොළ හොදේ). අපෙන් පස්සෙ එන අනාගත පරපුරට මෙහෙම දේවල් තිබුනා කියලවත් කියන්න ඕව එකතු කරල පොඩි Album එකක් හදල තියාගන්න.ඒක වටිනව. මම නං දැනටමත් හදල ඉවරයි.

මේක මගේ තනි මතය. කියවන්න තරං දෙයක් නැතුව ඇති.මම හැමදාමත් කියනවනෙ මට රසට ලියන්න තේරෙන්නෙ නැහැ. මම අදට යනව. පහළ තියෙනව මම මාර කට්ටක් කාල එකතුකර ගෙන තවත් ඒවගේම අමාරුවෙන් හෙන කට්ටක් කාල Scan කරල ඔයාලට පෙන්නන්න තමයි දැම්මෙ.බලල මටත් අදහසක් කියල යන්න අමතක කරන්න එපා.මේකෙ ඉස්සරහ පැත්තයි පිටිපස්සෙ පැත්තයි තියේ. පේන්නෙ නැත්තං පිංතූරෙ උඩ කුක් පාරක් දාන්න..

              ~ඉදිරිපස~                                                                                                  ~පිටුපස~









**කස්ටිය හිතන්නෙපා මම හොර සල්ලි අච්චු ගහන කොම්පැනියක පාට් ටයිම් ජොබ් එකක් කොන්නව කියල හොදේ.. මේ මගේ ස්කෑනර් රාජයාගෙ වැඩ. හික්.

*** අනේ මම ඔයාලට ආදරයෙන් , කරුණාවෙන් , අහිසකව , ect..... කියන්නෙ අනේ මේව හොර සල්ලි අච්චු ගහන ඒවට නං යොදා ගන්නෙපා. අනේ එහෙම කරන්න නම් එපා


ප.ලි - ඉදිරිපස Updated .දැං ඉතිං භාගෙන මොනා කලත් කමක් නෑ. මගේ නම නං ඕවට ගාවන්නෙපෝ... මම පව්....





--විදූ--

14 comments:

  1. මචන් ඕවා භාවිතා කරන්නෑ කියල දැනගෙන ඔය නම්බර්වලින් කොල ගැහුවොත් තමා සීන් එක, එව්වා කපන්න තියෙන්නෙ පුලුවන්නන්.

    ReplyDelete
  2. @MK අම්මප ඇත්තමයි. මට අමතක උනා සහෝ... අයෙත් අප්ලෝඩ් කරන්න එපා වෙනව ඒත් මම බලන්නම්. ස්තූතියි කිව්වට... මම හිතනව මගේ බ්ලොගිය බලන අය ඒවගේ කැත වැඩ කරන එකක් නැහැ කියල

    ReplyDelete
  3. සිරා කතාව, සිංහය නැතුව අප්සට් තමයි බං!
    [මචං මරුවට ඉස්කෑන් කොල්ල, පුලුවන්නම් ඔය උඩිං දාලතියන අකුරුටික අයිං කොරහං :D]

    ReplyDelete
  4. @සසීන්ද්‍ර වීරසිංහ ස්තූතියි මචං.. අනේ බොල කොල්ලො... මගෙන් මුකුත් නාහ හිටපං..

    ReplyDelete
  5. අපේ අනන්‍යතාවය සිංහයා.. මොනා කරන්නද මල්ලියෙ... ඒත් මේ එක එක හාල් පාරු වැඩ නිසා රට දාල යන්න නම් හිතන්න එපා...

    ReplyDelete
  6. @සුළඟිල්ල | pinkie දැං ලංකාව අනන්‍යතාවයක් නැති රටක් වෙලා අයියෙ. කොටින්ට කරන්න ඕන වුනු වැඩේ අපේ කට්ටියම දැං කරනව. අනේ මම ‍එච්චර මොඩ නෑ 

    ReplyDelete
  7. දැන් පාලම් කොකෙක්ද බන් ඉන්නේ?

    ReplyDelete
  8. යකෝ. අඳෝමැයි කිව්වලු. මේ සල්ලි කොල ටික බලන්නෙ කොහොමද ? උඹ නිකං මුදල් ඇමති වගේ උඹේ නම දාගෙනනෙ හැම ෆොටෝ එකකටම. අඳෝමැයි.

    ReplyDelete
  9. මොනා උනත් ඔයා කරල තියෙන්නෙ නම් වටින වැඩක්.

    ReplyDelete
  10. @ගාමින්දමම දාලාතීන්නෙ ඕන කෙනෙක්ට බලන්න පුලුවන් විදියට මල්ලී..... අනේ ෆල යන්න ඕකෙ මුදල් ඇමතිගෙ නම තියෙනව... පී පී තාරා

    ReplyDelete
  11. මල්ලියේ , පොලිසියෙන් අල්ලන් යයි ද ඔයාව... මට නම් අලුත් සල්ලි කොළ එපා වෙනව. හරියට මාරු වෙනව කලබලේට....

    ReplyDelete
  12. @සොඳුරු සිත අලේ භයවෙන්නෙපා අක්කා... මාව අල්ලං ගියෝත මං ඒගොල්ලොන්ට මෙන්න මෙහෙම මෙහෙම ගහන්නෙ... ඔව් අක්කේ.. මල ජරාව...

    ReplyDelete

^උඩට යන්න