Thursday, October 6, 2011

අවසරයි නමදින්න!

කාලෙකට පස්සෙ නේ ආවේ.... විභාගෙ හිංද වෙන්නැති.... අද නිකමට මේ පැත්තෙ එන වෙලාවෙ පෝස්ට් එකක් දාන්න හිතුන... ඔන්න එහෙනං දැම්මා.... රසවිදින්න පුලුවන්නං රස විදින්නකෝ...
මෙන්න මගේ 3වෙනි නිසදැස....



ඉරි තැලී වියලුණ
කාෂ්ටක ලෝ තලය
නීල වර්ණ දිය පොදින් 
නිවා සනසන්නා සේම,
ජීවිතය නම් වූ.....
ඉරි තැලුන කතරට
අධ්‍යාපනය නම්,
සුනිල වූ දිය දෝත
ආදරෙන් පුද කර....
මේ සුවිසල් දියත මත
ජයගෙනෙන මං පෙතක
සැම දින අප රුගෙන යන...
දයාබර,
ගුරු මව්වරුනි , පියවරුනි
අවසරයි නමදින්න...
ඔබෙ දෙපායුග......

අද කවද්ද කියල මතක අය දන්නවනෙ මම කිව්වෙ මොකද්ද කියල? අද ගුරු දිනේ. ඒකයි මම මේක දැම්මෙ.. ඔයාලගෙ අදහසුත් කියල යන්නකෝ.....

මම,
--විදූ--

8 comments:

  1. මයෙනුත් සුබ පැතුං..

    ReplyDelete
  2. මගෙනුත්.. අපි හැමෝම මෙහෙම ඉන්නේ දෙමාපියන්ගේ පිහිටෙන්. ඒත් නැණනුවනින් පෝෂණය කරේ ගුරැවරැන්. ඔබ තුමන්ලාට තුමියලාට නිරෝගී සැප දීර්ගායුෂ උදාවේවා!!!!

    ReplyDelete
  3. සුභ පැතුම්......!!!!

    ReplyDelete
  4. අදයි ඔයාගේ බ්ලොග් එකට මුලින්ම ආවෙ අය්යෙ..මේ ෆීල්ඩ් එකේ තව පාසල් ළමයි ඉන්නවා දකින කොට ආස හි‍තෙනවා.දිගටම මේ පැත්තෙ එන්නං..

    ReplyDelete
  5. @වර්ෂා.. ස්තූතියි වර්ෂා නංගී.. සාදරයෙන් පිලිගන්නව මගේ බ්ලොග් එකට.. අනිවාරෙන් එන්න...

    ReplyDelete

^උඩට යන්න