Monday, October 24, 2011

Blogger Comment Box එකේ Background එක වෙනස් කරමු!

යාළුවනේ... කොහොමද... ඉස්සෙල්ලාම (හැමදම කරන වැඩේ) මගේ මචං ලා මචිංලාගෙන් සමාව වදාරන්න කියල ඉල්ලනව... (දෙන්නෙම නෑ... හූ හූ).... මේ ඒක නෙමේ අද (අද ගැන නං කියල වැඩක් නෑ... ඒක නිසා නොකිය ඉන්නං..) සෑහෙන්න හීතලයි (කකකකටකටකටකටකට කටක කට) හෙනත් ගහනව... අනේ මට හෙන ගහපං කියල කියපු ඈයොන්ට ෆුල් ආතල් ඇති..... අයියෝ මේ එකේක දේවල් නිසා කොරන්න ආපු වැඩෙත් ඇන හිටිය (කොහෙද?) ....

අද මං ආවෙ ඔයාලට පට්ට ට්‍රික් එකක් අරගෙන. මේක වැදගත් වෙන්නෙ නං බ්ලොග් ලියන අයට. අනිත් කට්ටියත් දැනගෙන හිටියට වරදක් නෑ. අපේ Blogger Comment Box එක තියෙනවනේ (ඔය පහල තියෙන පිංතූරෙ තියෙන්නෙ ඒක තමා) අන්න ඒකෙ Background එක වෙනස් කරන ක්‍රමයක් කියන්න තමයි මේ බ්ලෙග් පෝස්ට් එක වෙන් වෙන්නෙ.




මයෙ හිතේ මම මේ දාන 1වෙනි බ්ලොග් ට්‍රික් එක. එහෙනං දැං අපි වැඩේට බහිමුකෝ.....



1 වන පියවර


Blogger >> Dashboard >> Design >> Edit HTML වලට යන්න


දැං  Download Full Template කියන එක Click කරල Template එක බාගන්න ( මේක කරන්නෙ ඔයාලගෙම හොදට. මොකද මොකක් හරි වැරදීමක් උනොත් ආයෙ ඕක අප‍්ලොඩ් කරාම පරන තත්වෙට ගන්න පුලුවන් නිසා. කියන්න ඕන නෑ නේ දන්නවනේ)

*මතක ඇතුව Expand Widget Templates කියන තැන ඉස්සරහ තියෙන ටික් එක දාන්න.


2 වන පියවර


දැං  ]]></b:skin> කියන ටැග් එක හොයා ගන්න (F3 ඔබල එන Box එකට ඔය ටැග් එක Paste කරන්න.)



3 වන පියවර


පහල  තියෙන Code කෑල්ල ඉස්සෙල්ල හොයා ගත්තු ටැග් එකට උඩින් Paste  කරන්න. 



#ranga-form iframe{ 
background:#ffffff url(Pattern Image Link) repeat; 
border:1px solid #ddd; 
-moz-border-radius:6px; 
-webkit-border-radius:6px; 
padding:5px; 
font:normal 12pt "ms sans serif", Arial; 
color:#800000
width:578px; height:213px !important; 
}

#ranga-form a{ 
color:#fff; 
}




**වැදගත්

* මේකෙ Pattern Image Link කියන එකට මම පහල දීල තියෙන Image වලින් කැමති එකක ලිංක් එකක් හරි http://www.backgroundlabs.com/ කියන Site එකෙන් ඔයාලට කැමති Pattern එකක් තොරල
ඒකෙ පිංතූරෙ ගාව යට තියෙන  Download image කියන එක ගාව Right Click කරල Copy Link Address ඔබල Copy කරගන්න. ඒක මම ඉස්සෙල්ල කිව්ව තැනට Paste කරගන්න. 


*#80000 කියන තැනට ඔයාල තොරගත්ත Image  එකට හරියන Color Code එකක් දෙන්න. ඒ පාට තමයි Comment as කියන තැනට එන පාට 


*578px තැනට ඔයාලගෙ Comment Box පළල Pixels වලිං දෙන්න


4 වන පියවර


දැං <div class='comment-form'> කියන ටැග් එක හොයා ගන්න. පස්සෙ ඒ ටැග් එක මකල එතනට <div id='ranga-form'> කියන ටැග් එක Paste කරන්න.




5 වන පියවර


අන්තිමට SAVE TEMPLATE කියන එක Click කරන්න

වැඩේ හරි ගියා නම් Your changes have been saved. View Blog කියල උඩිං වැටෙයි. 


ම්ම්ම්ම් අමතක උනානේ මම අර දෙනව කිව්ව  Image Links ටික. ඔන්න පහල තියෙනව Preview එකත් එක්කම මම මේ දෙන ඒවා මට හොදයි කියල හි‍තෙන ඒව. ඔයාලට කැමති එකක් ගන්න අර උඩ මම කිව්ව විදියට හොදේ.....




Retro
Image Link : http://www.backgroundlabs.com/backgrounds/151.jpg
Color Code : #808080 





Stripes 
Image Link : http://www.backgroundlabs.com/backgrounds/20.gif
Color Code : #808080 






Clouds
Image Link : http://www.backgroundlabs.com/backgrounds/10.jpg
Color Code : #000080 






Green Bamboo

Image Link : http://www.backgroundlabs.com/backgrounds/218.jpg
Color Code : #000000 





ඕකෙන් උඩම එක තමයි මම දාල තියෙන්නෙ. ඔයාලත් ඔයාලගෙ Template එකට ගැලපෙන Image එකක් තොරල දාගන්නකෝ.
වැඩේ හරි ගියානං Comment එකක් දාල යන්න. මොකක් හරි අවුලක් නං Comment එකකින්ම කියන්න.
අදට මම ගියා. හැමදාම වගේ මේකත් කියල දුන්නෙ නොදන්න අයට හරියේ. දන්න අයට නෙමේ.....

මම ගියා... මෙන්න හෙ ගහනෝ...
--විදූ--

8 comments:

^උඩට යන්න