Tuesday, November 22, 2011

කැමතිම YouTube Videos අපේ Web Browser එකෙන්ම බාමු



යුබෝවන්ඩ මගේ මිතුරනි! (එසේම වේවා කියලවත් කියපල්ලා‍ ඉතිං);
කලිං පෝස්ට් එක හරි නැහැල්ලු (අනේ මංද කව්ද කිව්වලු). ඒක දාලත් සති 2ක් මයෙ හිතේ ඊයෙට. ඉතිං අවුලක් නෑ‍. ඒක සාටර් උනාට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඉතිං අපි වැඩි කැටයං නැතුව වැඩේට බහිමුකෝ. අද මම කියල දෙන්න යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔය Videos බලන්න Youtube යන අයට මේක මාර වැදගත් වෙයි කියල හිතනව. හැ‍මෝම ඔකට යනවනේ. මාත් ඒ හැමෝංගෙන්ම එකෙක් කියන්නත් පුලුවං ඈ. ඉතිං ඔය යන අය හැමෝම ඔය සිංදු, කතා කෑලි, විකාර ඒව, වැදගත් වගේ Videos බාන්න කැමතියි නේ. අපිට ඒ Videos බාන්න බෑමේලෝඩර් (Downloader) එකක් ඕන. ඒව නැතුව අපේ Web Browser එකෙන්ම බාන හැටි අද මම කියල දෙන්නම්.



මෙන්න මෙහෙමයි වැඩේ යන්නෙ. .....
මේක extension නැත්නං Add-one එකක්. දාගන්න පුලුවං  GoogleChrome /Mozilla Firefox  Web Browser වලට විතරයි.  අනිත් Web Browser පාවිච්චි කරන අය තරහ වෙන්න එපා. හොයල බලන්න ඔයලටත් හම්බවෙයි.

මේක පියවර 3කිං කරන්න පුලුවං (ලෙසටම ඈ). රූපත් එක්ක තියෙන නිසා වැඩේ ලේසි වෙයි. රූප පැහැදිලි නැත්තං ඒක උඩ ඔබන්න එතකොට පෙනෙයි. හොදේ....

ස්සෙල්ල මම පල්ලෙහා දීල තියෙන Link එක ඔබල යන්නකෝ ඒ Web Page එකට
http://www.oxytube.com/
ඊට පස්සෙ ඒ‍කෙ   Install YouTube Downloader   කියල Button එකක් ඇති ඒක ඔබන්න (පහල රූපෙ තියෙනව) 



දැං අපි මේක  Google Chrome වලට දාන හැටි බලමු.


1. මම ඉස්සෙල්ල කියපු විදියට එබුවම ඔයාලගෙ Web Browser එකේ පල්ලෙහා වම් පැත්තෙන් එයි පහළ  රූපෙ තියෙන විදියට Massage එකක්. ඒකෙ Continue කියන Button එක ඔබන්න

2. ඒක එබුවම ටික වෙලාවකින් එයි Confirm Installation කියල Dialog box  එකක් , ඒකෙ Install කියන Button එක ඔබන්න (පහළ රූපෙ තියෙනව)


3හරිගියානම් පහළ රූපෙ වගේ Massage එකක් , Browser එකේ දකුණු පැත්තෙන් වැටේවි.




මේ Mozilla Firefox වලට දාන හැටි


1.  මම ඉස්සෙල්ල කියපු විදියට එබුවම ඔයාලගෙ Web Browser එකේ උඩ වම් පැත්තෙන් එයි පහළ  රූපෙ තියෙන විදියට Massage එකක්. ඒකෙ Allow කියන Button එක ඔබන්න


2. ඒක එබුවම ටික වෙලාවකින් එයි Software Installation  කියල Dialog box  එකක් , ඒකෙ Install Now කියන Button එක ඔබන්න (පහළ රූපෙ තියෙනව)



3.හරිගියානම් පහළ රූපෙ වගේ Massage එකක් , Browser එකේ වම් පැත්තෙන් වැටේවි.


දැං ඉතිං කට්ටිය දන්නවනේ වැඩේ කරන හැටි ඔය ටික කරල ඉවර වෙලා ඔයාලගේ Browser එක Restart කරන්න. ඊට පස්සෙ YouTube වලට ගිහිල්ල Video එකක් Play කරල බලන්න. Player එකට යටින් තියෙන Buttons set එකේ Flag Button එකට දකුණු පැත්තෙන් (ඒකියන්නෙ අන්තිම Button එක) Download කියල Button එකක් ඇති.පැත්තෙන් තියෙන ත්‍රිකෝණ කෑල්ල එබුවම List එකක් එයි (පහළ රූපෙ විදියට)


 ඒකෙන් ඔයාලට ඕන File Format එකකින් , ඕන Video Size එකකින් බාගෙන බලන්නකෝ.



ඔයාලත් කරල බලල කියන්නකො හොද නරක. අදත් කියන්න තියෙන්නෙ මම මේක කියල දුන්නෙ නොදන්න අයට. මම මේ දාපු පෝස්ට් එක වැදගත් , හොද දෙයක් කියල හිතෙනවනං පහලින් ප්‍රතිචාරයක් දක්වල යන්න අමතක කරන්න එපා! අවැදගත් නං ඔයාලට ඕන දේ කියලත් යන්න. මම දන්න දෙයක් නම් කියල දෙන්නම් ! 


සැ.යු ....

  •   ඔයාල තෝරගත්ත Video එක Upload Size ට වැඩි විශාල Size එකකින් බාගන්න ලැ‍බෙන්නෙ නෑ.


පුලුවන්නං....

  •      FB වලිං හරි Googlවලිං හරි Follow කරල යන්න .
  •      ඔයාලත් YouTube වල Register වෙලා ඉන්නවනං මගේ Channel එකට Subscribe පාරක් දාල , Friend Request එකකුත් දාල යන්න.බල කරන්නෙ නෑ.



ඉතිං මම හිතනව ඔයාලත් මේකෙන් මෙනව හරි ඉගෙනගන්න ඇති කියල. අදට මම යනව. තවත් දවසක හම්බවෙමු! ඔයාලට ජය!


ප.ලි - මෙකක් හරි අවුලක් නං කියන්න හොදේ!


මීට Video බාන,
--විදූ--

3 comments:

  1. එල කොල්ලෝ........... නියම වැඩේ........!

    ReplyDelete
  2. මමනංYou tube වීඩියෝ ගන්නේ මේ වෙබ් එකේ You tube Video URL එක පේස්ට් කරලා...

    http://keepvid.com/

    Format ගොඩක් තියෙනවා සිලෙක්ට් කරගන්න ...

    ReplyDelete

^උඩට යන්න