Friday, August 13, 2010

හදපු හැටි.......

මුලින්ම ඉතින් හා හා පුරා කියල අලුත් වැඩක් පටන් ගත්තට,මේක හදපු හැටි මේ විද්දට කියන්න අමතක වුනා නෙව.
        මම ඉතින් වැඩියෙන් සැරි සරන්නේ මුනු පොතේනෙව.ඒ කියන්නේ මේ මේ FB (Facebok) කියන අටමගලෙනෙ. දන්නවනෙ ඉතිං ඔහොම සැරිසර සර ඉදිද්දි මට මගේ මිතුරැ මිතුරියන් එක්ක ඔය චැට් කියල එකකුත් කොරනව.එතේන්දි තමා මට මේ බොලොග් එක හදන්න  නදීශාන් අමරසේකර කියන මගෙ හොද යාලු ෆිට් එක තමා ඉතිං කියා දුන්නෙ.

       මම ඉතිං කොහොමත් විහිලුවට බර මිනිහනෙ.ඒක නිසා නිකන් ඔය ආවට ගියාට වගේ ඔය  නදීශාන් ගෙන්  මම  ඇහුව,



             "මචෝ ඔය Blog එකක් හදන්නෙ කොහොමද?" කියල.
ඉතිං ඔය මගෙ යාලුව කියපි "  අනේ බන් ඔය Blogger.com එකට ගිහින් පොඩි Create පාරක් දාල හදාගන්න" කියල. මම ඔය .com  ‍එකට ගොහිං ඔය දන්න ජිල්මාට් ටිකක් දාල හදා ගත්තු බොලොග් එක තමා මේ .හොදයිද කියල මට මේක හොදට බලල කියපල්ලකො හොදේ!!!

    ඕන්න ඉතිං අදට ඔච්චරයි. මගේ මමී මීයා මට කෑගහනව නෙව ඕන්න මම එහෙනම් යන්ව. ගුඩ් බායි කිව්වා!!!!

----විද්දා----

6 comments:

^උඩට යන්න