Wednesday, August 18, 2010

නිවාඩු කාලයට පෙර දින ටිකේ මගේ Life එක.......

ඔන්න ඉතිං කාලෙකට පස්සේ විද්දා නිවාඩු කාලයේ හොද ෆන් එකක් ගත්තා.දැං ඉතිං නිවාඩුනේ භාගයක් විතර ඉවරයි නොවැ. ඒක නිසා මම කල්පනා කරා මගේ නිවාඩු ඉස්සෙල්ලා දින ටික ගෙව්න හැටි ඔය කට්ටියට කියන්න.
ඕං කට්ටියම අහගන්නකො. නිවාඩු දෙන්න ඉස්සෙල්ල මගේ කිව්වට අපේ වැඩ..
නිවාඩුව ඉවර වුනාම නිවාඩුක‍ාලෙ ගත කරපු හැටිත් මම ඔයාලට කියන්නම් කො.....





      මම ඉතිං අපේ පාසැලේ IT  උගන්වන ගුරැතුමාගේ සුහච කීකරු ගෝලයනෙ (සර් ඉන්න වෙලාවට පමණි). හික්zzz. අපේ කිව්වට මගේ IT කරන යාලු‍‍වො සෙට් එකයි මායි අපේ වාරවිභාගෙට පස්සෙ දවසෙ (ඒ කියන්නෙ අගෝ.03 වෙනිදා)  ඉදන්ම Computer Room එකේ තමයි කාලෙ ගෙව්වෙ.Internet ගියා, On-line games ගැහුවා,Facebook ගියා,Software Download කරා. එක එක විකාර ගොඩක් කරා.ඔන්න ඉතිං නිවාඩු දෙන දවසත් ආවා කියමුකො.එදා තමයි නියම දවස.අපි එදා අපේ Computer Room එකට Full Cleanup එකක් දුන්නා. Computers ගැලෙව්වහම තමයි අපිට දෙයියො සිහි වුනේ. Computers ඇතුලේ දුවිලි මකුලු දැල් පිරිල . මේ වගේ මරාල කඩන් වැටෙන්නෙ අපිටම කියල හිතාගෙන අපි ඉතිං සුද්ද කරා. ඒක ටිකක් ලේසියි හැබැයි ගොඩක් අමාරුයි. අපි Computer ටික සුද්ද කරලා ආපහු Fit කරා.පස්සෙ අපේ සර් කිව්වා Computer ටික Format කරන්න කියල.ඉතිං  ඔය වැඩ ටික ඉවර වෙනකොට ඉස්කෝලෙ අවසන් වෙන වෙලාව නිසා මම වේලාසනින් ගෙදර ආවා.

     ඔන්න ඔහොම තමයි නිවාඩුවට ඉස්සර දින දෙක තුන ගෙව්නෙ.....
අද නම් මගේ මමී මීයා ආවෙ නෑ.ඒ වුනාට මට දැන් ‍අඹ කඩන්න යන්නත් වෙලාව හරි...

    කස්ටියටම ගුඩ් බායි... කිව්වා......

හිත තුටින් බර වන......!
පැතු පැතුම් ඉටුවන........!!
ඉසුරුබර නිවාඩු කාලයක්ම වේවා.....!!!!

---විද්දා---

2 comments:

  1. කොහෙද බොල අඹ තියෙන්නෙ?

    මචන් වර්ඩ්වෙරිෆිකේශන් අයින් කරහන්කො බන්...කමෙන්ට් කරන්න අමාරුයි

    ReplyDelete

^උඩට යන්න