Friday, November 19, 2010

බැටලුවාගේ වික්‍රමය‍‍| Shaun The Sheep...

මේක දැක්ක ගමන් ඉතිං කට්ටිය කියයි මේක හසිය අයියගෙ පොස්ට් එකෙන් ගහපු කොපියක් කියල..
අනේ නෑ.එ‍‍හෙම එකක් නෙමේ මම අද ඉදං ඔයාලට මේ Cartoon Series එකේ  Episode එක එක දෙනව.
අන්න මම ට්‍රැක් පැන්න වගේ නේ ඒ ඉස්සෙල්ල කලේ හැදින්වීම [එතකොට මේ මොකද්ද?].
ඔන්න දැං තමා හරිම හැදින්වීම කරන්නෙ....
මේක ඇත්තටම මම බලපු Cartoon Series එකක්.අද මම දැක්ක හසිය අයියා පෝස්ට් එකක් දාල තියෙනව.ඒකයි ඔයාලටත් මේක දෙන්න හිතුනෙ.[හික්  මූට පික්සුද?]
කාටූන් එකේ හැටියට කතාව යන්නෙ ගොවිපලක.මේකෙ ඉන්නෙ බැටලුවො සෙට් එකක්.
බැටලුවො කිව්වට බැටලුවො විතරක් නෙමේ මේකෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ෂොන් කියන බැටලුව මෑන් තමා වැඩර්.මම ඉස්සෙල්ල කිව්වනෙ මේකෙ ඉන්නෙ බැටලුවො විතරක් නෙමේ තව ඉන්නව ඌරෝ, තව මහ වසම වස බල්ලෙකුත් ඉන්නව බට් මෑන් සපා කන්නෙනෑ [දන්නවනෙ කියමනකුත් තියෙන්නෙ බුරන බල්ලො සපා නොකයි කියල],ආ.... කියන්න බැරි උනා තව මේ ගොවිපලේ අයිතිකාර අංකල් සීයා.
මේ කථාවෙ මොකක් හරි වැරැද්දක් වෙනවමයි.ඔය මං කියපු බැටලුවා ෂෝන් මෑන් පොඩි පොඩි ජිල්මාට් දාල කොහොම හරි ඒ වැරැද්දක් හදනව.ඔය ඔක්කම වෙන්නෙ මිනිත්තු 7ක් වගේ පොඩි කාලයක්.මරු කතා සෙට් එක ඇත්තටම මම හරිම ආසා‍වෙන් බලපු කාටූන් එකක්. මේ කාටූන් එකේ ඔක්කොම ක්ලේ වලින්ලු හදල තියෙන්නෙ.මම ඒක දන්නෙ අපේ හසී අයිය කිව්වයින් පස්සෙ. ඕන නම් බලන්නකො Making Video ටික.මේ අදට ඇති හොදේ.... මොකෝ ආ... මේ බනින්න එන්න එපා හොදේ මම හරි අහිංසකයි.

වාර විභාගෙත් ළගයි....මම යනව පාඩම් කරන්න බායි!!!!

----විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න