Monday, January 10, 2011

වැසි දිනක තනිවු මා....

කාලෙකිං තමා බ්ලොගිය පැත්තෙ ආවෙ.පරක්කුවට හේතු උනේ ඔයාලට මම ළගදීම හොද තැග්ගක් දෙන්න යන හිංද (ඔය නොමල් තෑගි නෙමේ.වටිනාකියන සිංහලෙං කිව්වොත් Useful තැග්ගක්).තෑග්ග මොකද්ද කියල නං අහන්න එපා,ඇහුවට කියන්නෙත් නෑ(අපෝ නොදකිං මුගෙ පුරාජේරුව).ඔන්න ඉතිං පටං ගත්ත කචබචේ.හරි හරි.අද ආවෙ ඕක ගැන කියන්න නෙමේ.වෙන දෙයක් කියන්න.මේදවස්වල වැස්සනේ හොදටම (ඉතිං අපිට මොකෝ?.අපිට පාන් ය?) ඔන්න පටං ගත්ත.බනින්න එපා අනේ.ඉන්නවකො කියන්න.

(උගුර පාදමින්) සභාවෙන් අවසරයි, මා මෙතනට පැමිනියේ...(ඔව් ඇවිල්ල ඉන්නෙ) එක්කො වැඩක් නෑ.මම අද ආවේ වැස්ස ගැන නිසදැසක් ඇරන්.ඒත් මට නිසදැස් ලියන්න බෑනේ.ඒත් කමක් නෑ අහගන්නකො
පේනවනෙ මේක ඉන්න තැන.(පුටු ඇන්දෙ ඉන්නෙ)
                            
                       
සීතල සුලං හමා එන
වැහි බිංදු එක දෙක කඩා හැලෙන 
සවස් යාමයක
කුඩයක් ඉහලගෙන
පාළුවට ගිය තැනක
ගස් සෙවනක 
හිදගෙන සිටින 
මා..

සිතන්නෙ..
කුමක් ගැනද
යන්නෙ කොහේටද
කුමක් කරම්ද
මම නොදනී 
මට නොතේරෙයි

තට්ට තනියම සිටින මා..


සැ.යු - මෙය බලා මාගැන වැරදියට සිතීමෙන් වලකින්න.මේවා මාගේ සාමාන්‍ය අදහස් පමණි! (කිව්ව සැර වැඩිද මන්ද.මේව මගේ Normal Words විතරයි හොදේ..)

-විදූ-

14 comments:

  1. ඇත්ත මල්ලී. හොද සිතුවිල්ලක්

    ReplyDelete
  2. ගෙදර ගිහින් නිදියන්න මල්ලියෝ.......

    හෙහ් හෙහ් විහිලුවට කිව්වේ.....
    වෙනස්ම අදහසක්..... නියමයි.......

    ReplyDelete
  3. @හා පැටික්කි (MS) හික්ස්... හා හා දොයියන්නංකො.ස්තූතියි අක්කෙ

    ReplyDelete
  4. එල අදහසක්!! ම්ම්.. අනෙ මට ප්‍රතිචාරයක් දන්න තේරෙන්නෙ නැ.. මොනා උනත් කවිය ලස්සනයි එල.!

    ReplyDelete
  5. එල එල අර useful තෑග්ග මට facebook එකේ කිව්ව එකද?

    ReplyDelete
  6. @හිරාන් චමුදිත ෂ්ෂ්ෂ්ෂ් බොල පොඩි එකෝ.කට ප්‍රවේසංකොරගනිං.....(ඒක තමා.කාටවත් කියන්නෙ එහෙම නෑ ඕං.)

    ReplyDelete
  7. ලස්සන අදහසක්. මේ දවස්වල අපි හැමෝගෙම මාතෘකාව වැස්ස නේද

    ReplyDelete
  8. @පිණිබිඳු...ස්තූතියි පිනිබිදු ... ඔව් ඔව් හැමතැනම කතාවෙන්නෙ වැස්ස ගැන

    ReplyDelete

^උඩට යන්න