Friday, April 1, 2011

මිලියන 20ක එකම පැතුම

ICC-World-Cup-2011
අද නං ඉතිං ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මං… මට මම මාර සතුටෙන් ඉන්නෙ අද අපේ සිංහයො ටික දිනනකං.ඒත් පොඩි ඉදලක් තියෙනව.මැතිව්ස් කොල්ල අද ඉන්ජඩ් වෙලා.මැන්ස්ටත් ඉක්මන් සුවය පතනව.බැටිං ලයින්අප් එක එල , බොලිං මැක්සා , ෆීල්ඩිං ගැනත් බයවෙන් දෙයක් නෑ.එකකිරි සමග ඇල් ජලය වගේ අපේ සිංහයො කප් එකෙන් ගහනව.(අම්ම බැට් එකෙන් ගහන්නෙ අද දවස විතරයි.මීටපස්සෙ කප් එකෙන්)ඒව ගැන නං නෙමේ මම අද කතාකරන්න ආවෙ.



මමනං අපේ කොල්ලොන්ට සුභපතන්න ගොඩක් වැඩ කොලා.මගේ බුකියෙ යාළුවොනං දකින්නැති ඒව.

මේං මේව තමා මම කලේ..


මගේ Our Lions Are The Best Facebook Album එකයි. තව Profile Pictures ටිකක් හැදුව ඔයාල මේවට කැමති නම් මේවගෙන් එකක් Profile Picture එක කරගෙන අපේ කොල්ලොන්ට සහය දෙන්න
OneNation_OneCup 20millionhearts1wish Beware From Lions denawa bate  Proud_2Ba_Sri lankan

මම බලකරන්නෙ නෑ.කැමතිනම් මෙයින් එකක් දා ගන්න.මේකෙ කිසිම සුරුකීමේ අයිතිය කියල මගේ නම හරි වෙන මොනව හරි දෙයක් දාල නෑ. බය නැතුව දාගන්න.මොකද සමහරු අනුන්ගෙ ඒව දාගන්න අකමැතියි නේ.ඒකයි මම එහෙම කිව්වෙ.
මැච් එක බලනකං මට ඉවසිල්ලක් නෑ. අද හවස 2.30ට තමා මැච් එක පටාං ගන්න කං ඉවසිල්ලක් නැතෝ……
මම එහෙනං ගියා. හැමෝම අපේ සිංහොයො දිනන්න කියල පොඩි ප්‍රාර්තනාවක් කරන්න.ඒකත් අපේ කොල්ලොන්ට ලොකු හයියක්.

ජයගොසට Rock වෙමු!
Cup එක අපි ආයෙත් ගේමු
96 දුන්න බැටේ මේපාරත් දෙනව බැටේ
ඉන්දියාවෙ කදුවල හිම දිය කරමු
--විදූ--

2 comments:

  1. මැච් එක දිනන එක හොඳයි බන්.. ඒත් ගොන් පාර්ට් දාන්න එපා. ඉන්දියාවෙ කදුවල හිම දිය උනොත් කප් එක ගේන්න ලංකාවක් තියෙයිද දන්නෙ නෑ. :P එල එල...

    ReplyDelete
  2. @සුළඟිල්ල | pinkie අපි දාන්නෙ ඉතිං ගොම් පාට් නේ... ස්තූතියි

    ReplyDelete

^උඩට යන්න