Friday, August 12, 2011

අතීතාය වර්තමානය සහ අනාගතය...


මගුලක් කතා කන්නව.... විද්ද කවදාවත් කියපු නැති කතා කියනව වගේ... තාම ඉතිං පොඩි එකා නොවැ... ඔයෙ හැටි තේරුමක් නෑ....  ආහ් කියන්න බැරි උනා නේ..අර  ඔලුව මෙව්ව වෙන පෝස්ට් එකට ගොඩක් පරතිචාර හම්බෙලා තිබ්බා... ටැංකූ ඈ.... අද ආවෙ අර වර්ජනෙයි මගේ (මගේ කිව්වෙ විද්දගෙ) අනාගතේ හැටි කියන්න...



මීට හරියටම අවුරුද්දකට ඉස්සෙල්ල.... Aකියන්නෙ 2010/08/12 කියන දවසෙ... මහ රෑ ජාමෙ.... (බුදු අම්බෝ....)  9.33ට විතර අළුතෙන් පටාං ගත්ත බ්ලොගියක චූටි පෝස්ට් එකක් වැටුන.. ඒකෙ නම වුනේ අකුරු වල වැඩ දාන හැටි........... කියල.. දැං ඉතිං දන්නවැතිනේ... මම මොකාටද ආවෙ කියල...1995හේ  05 වෙනි මාසෙ 05 වෙනිද රටක් වටින පුතෙක් ඉපදුනා වගේම 2010යේ 08 වෙනි මාසේ 12 වෙනිද අමුතුම බ්ලොගියක් හැදුන... එක එක වෙනස්කම් වෙලා අදට අවුරුද්ද කුත් උනා... ගොඩක් ලොකු එකක් කියල මම මේක හිතං ඉදියට තාම පොඩි එකක්... මේකන් මම ගොඩක් යාළුවො අදුනගත්ත. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්ත. මුලදි වැඩිය ප්‍රත්චාර හම්බුනේ නැතත් අද වෙන කොට සැලකි යුතු මට්ටමකට ප්‍රතිචාර හම්බෙනව මට. ඒක ගැන නං තියෙ සතුට කියා ගන්න වත් බෑ..

මේකට මුල් අඩිතාලම වැටුන හැටියි පටං ගන්න උදව් දුන්න අයයි ගැන මම මගේ 2වෙනි පෝස්ට් එකේ කියල තියෙනව . මේ පොස්ට් එක දිග මදි නිසා එයාල ගැන අදත් කියනව...

මම මුලින්ම දැක්ක බ්ලොග් එකයි  මේක හදන්න කියල දුන්නෙයි අපේ නදීෂාන් අයිය තමයි. තවත් මහා ගොඩක් කට්ටිය මට එක එක විදියට උදව් කරල තියෙනව. නම් හැම එකම කියන්න ගියොත් මට දවසකට වඩා යාවි. ඒක නිසා හැමෝටම ස්තූති කරනව.

මෙන්න අත... අවුරුද්දක් ඇතුලත වෙච්ච දේවල් වල Summary එක කියන්න යන්නෙ..


Best Post -
මා විසින් ගන්නා ලද හොදම ඡායාරූප 10 [My Top 10 Phot...
Nov 8, 2010, 10 comments
322 Pageviews
Total Page Views - 12,441
Total Posts -  70

Total Comments - 408 
Google Blogger Followers - 65
‍facebook networkedBlogs Followers - 35
Alexa Rank - 6,913,111





Alexa Rank එක ඇරෙන්න ඔක්කොම වැඩි වෙලා තියෙනව ඉස්සෙල්ලා පොස්ට් 50 වඩා.. ඒකට මොකද. මම මේවයින් සැලෙන්නෙ නෑ... දිගටම මේක වර්දනේ කොර ගන්න තමයි කම්පනාව.


අනාගතේ ගැන කියනවනං ඉතිං සුභයි. කිසි අවුලක් නෑ. වෙනස් කම් ටිකක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනව. දිගටම පොස්ට් නං දාන්න බැරි වෙයි මේ අවුරුද්දෙ තියෙන සාපෙ හිංද. ඒත් පුලු පුලුවං වෙලාවට හොද පෝස්ට් ටිකක් දාන්නම් කෝ....

කේක් කන්න තිබුන මේ පහල වුන ඇබැද්දි මේකට උනේ නැත්තං. දැං මටත් නෑ බොලාටත් නෑ. කේක් සුම්මා....

ඔන්න ඔහොමයි අවුරුද්දක තොරණේ විස්තරේ..... දැං සුභ පතල හෝ බැනල කමෙන්ට් දාල යමු නේ?....

ළගදීම පස්ටා පෝස්ට් එකකින් හම්බවීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්න මම

--විදූ--

22 comments:

  1. Best of luck for the Future and for the O/L also විද්දා...
    ඔන්න විනාඩි 2 ක ඈතුලත comment එකක් දැම්ම...


    දේව්දාස්...

    ReplyDelete
  2. එල එලා.......තව තවත් කුජීත කතා ලියන්නට හැකි වේවා...
    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා.... ගේ නෙමේ :)

    ReplyDelete
  3. හෙ හෙ... මයේ සුබ පැතුම් විද්දො.... :) ආ රටක් වැට්ටට කමක් නෑ... සාපේ මෙව්ව කොරගෙනින්...

    ReplyDelete
  4. අහ් බ්ලොගියට සුභ උපන්දිනයක් වේවා...
    උබ චැටෙන් දාපු ලින්කුව දැක්කා ඒත් ඕපන් කලා විතරයි පට්ට බිසී වෙල දැනුයි මචෝ කියෙව්වේ කමෙන්ටුවක් දාන්න පරක්කු වුනේ ඒකයි...

    ReplyDelete
  5. අහ් අවුරුද්දකුත් වෙලා එහෙනම්!
    එල කිරි මචං.. ඔන්න මගෙන් උනුසුම් සුභ පැතුම්. තව සෑහෙන කාලයක් බ්ලොග් ලියන්න ලැබේවාවාවාවාවායි කියල ප්‍රාර්ථනා කන්නව.

    ReplyDelete
  6. විද්දා සාපෙ කියලා මෙවුවා නතර කර ගන්න එපා. මම වගේ කරගෙන පලයන්.....
    මගෙන් උණුසුම් සුභ පැතුම්......
    මීට ජොනියා.

    ReplyDelete
  7. ගුඩ් ලක් මචෝ දිගටම කරගෙන යමු. සා/පෙ ත් ගොඩදාගනින්

    ReplyDelete
  8. හැක් හැක්. මගෙන් සුභ පැතුං...
    දිගෝටම කරාන යමං... :D

    ReplyDelete
  9. patta malli.... magen suba pathum.... :)

    ReplyDelete
  10. ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්........ තව සෑහෙන කාලයක් බ්ලොග් ලියන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  11. @කිඩෝආහ් ඒකට මොකෝ.... දැං ආවනේ.... ස්තූතියි අයියේ

    ReplyDelete
  12. @Joniya Man ස්තූතියි ජානියෝ... බොටත් ඒසේම වේවා...

    ReplyDelete
  13. @නදීශාන් අමරසේකර ටැංකූ ටැංකූ.. ඔයා හින්දනේ ඉතිං මේකත් හදාගත්තෙ

    ReplyDelete
  14. @සසීන්ද්‍ර වීරසිංහ ස්තූතියි අයියේ.. අයියටත් එසේම වේවා...

    ReplyDelete
  15. නියමයි සහෝදරයා... මගෙන් සුභ පැතුම්.. දිගටම කරන් යන්න

    ReplyDelete

^උඩට යන්න