Monday, November 7, 2011

ගෙවන ලදී.. | කෙටි කතාවක්

අද ස්කොලෙත් නිවාඩු නිසා හිතුන මේ  පැත්තෙ ඇවිල්ල ඉස්මනට යන්නෝන කියල. හෙට වාර විභගෙත් තියෙන නිසා. ඉක්මනට යන්න ඕන නිසා ඉක්මනට පෝස්ට් එක දාන්නම්. මේක කෙටි කතාවක්. මම හදපු එකක්ම කියන්නත් බෑ. හැබැයි වැඩි අයිතිය මගේ.

මෙහෙමයි මේකෙ තියෙන නම් , ගම් සියල්ල මනඃකල්පිතයි. තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසි නම්.(මම ම හදාගත්තුව). ඔන්න එහෙනං කතාව.

මේ සිද්දිය වෙන්නෙ එක නිවාඩු දිනයක (අද වගේ).

මාරියා විලියම්ස් කියන්නෙ....
කාර්යාලයක ටිකක් ලොකු රස්සාවක් කරන ඉතාම රූමත් කෙනෙක්. මාරියා එදා උදේ පාන්දරින්ම තමන්ගෙ අම්මලගෙ ගෙදරේ ඉදං නගරයේ නැවතිල ඉන්න එයාගෙ බෝඩිමට යන්න පිටත් උනා.එක පරටම මාරියාගෙ අම්ම කෑගැහුවා.

"දුවේ ඔහොම පොඩ්ඩක් ඉන්න මේ කෑම පාර්සලෙ ගෙනත් දෙනකං" කියල.

අම්මගෙ අති උයපු තවත් කෑම වෙලක් කන්න තියෙන ආසාවටම මාරියාත් ටිකක් වෙලා හිටිය කෑම එක ගෙනත් දෙනකම්. කෑම එක අම්ම ගෙනත් දුන්නයින් පස්සෙ මාරියා කෑම එකත් තමන්ගෙ ගමන් මල්ලට දාගෙන ගමන යන්න පිටත් උනා.

"අම්මෙ මම ගිහින් එන්නම්, ‍පරක්කු උනොත් නගරෙට යන කොච්චිය අල්ලගන්න වෙන්නෙ නෑ" ඒ මාරියා

"එහෙනං පරිස්සමින් ගිහින් එන්න" කියල මාරියගෙ අම්ම කිව්ව.

මාරියා ඉක්මනට දුම්රිය නැවතුම්පොළට ගියා. ඒත් වැඩක් උනේ නෑ. එතකොටත් නගරයට යන දුම්රිය ගිහින්. අම්මාගේ කෑම පාර්සලය නිසා මාරියාට දුම්රිය මග හැරුනා. ඒත් කිසි කනස්සල්ලක් මාරියගෙ පෙනෙන්නට තිබුනෙ නෑ.ටිකකින් නගරය බලා යන තවත් දුම්රියක් දුම්රිය පොළට ළගා  උනා. මාරියා ඒකට නැගල හොද අසුනක ඉදගත්ත.නැගපු දුම්රියෙ එච්චර සෙනග හිටියෙත් නැති නිසා. එයා හිටියෙ බෙහොම පාළුවෙන්. ටිකින් ටික දුම්රිය ඉස්සරහට ඇදුනා. මාරියත් පෙතක් අතට අරන් කියවන්න පටං ගත්ත.

"නෝනා ටික්‍ට් එක දෙන්න" කිව්ව. ඒ ටිකට් පත් පරීක්ෂකවරු.මාරියත් එයා ගත්ත ටිකට් පත පෙන්නුව.

මද වේලාවකට පසු....

"මෙහෙවරෙන් හොර කොල්ලා. උබ හිතුව නේද කෙච්චියෙ හොරෙන් යන්න. ඒ මදිවට පොතුත් විකුනනව. මෙහෙවරෙන්." ඒ කිව්වෙ ටිකට් පත් පරීක්ෂකවරයෙක්.

සාමාන්‍ය වයසක කොලුගැටයෙක් ව බොහොම රළු වචනෙන් කතා කරන ටිකට් පරීක්ෂක කෙනෙක් ඇද ගෙන විත් මාරියා ඉන්න තැනම තියාගෙන ප්‍රශ්න කරනව. ඒවට අර පිරිමි දරුවාත් බයෙන් ගෙත ගැහි ගැහි නොයෙක් නොයෙක් උත්තර දෙන බව මාරියාට ඇහුන. ඒත් එච්චර පැහැදිලි නැති නිසා තේරුනේ නෑ. සමහර දේවල් ඇහුන. ඒවායි ඇයට පැහැදිලි උනා මෙම ළමයා ඉතා දුප්පත් ඉගෙනීමට මහත් උනන්දුවක් දකවන ළමයෙක් බව. ඔහුගේ ඉගෙනීමට අවශ්‍ය වියදම ඔහුගේ දෙමව්පියන්ට දැරීමට නොහැකි උන නිසා ඔහු පොත් විකුනා එයට අවශ්‍ය මුදළ සොයා ගන්නා බවත් , ඔහු යන්නේ නගරයට බවත් කියා සිටියා. මේ ගැන දුක සිතුනු මාරියා තමන්ගෙ පසුම්බියෙන් ගත් 1000 නොට්ටුවක් පරීක්ෂක වරුන්ට දුන්නා. ඉන්පසු ඔවුන් අර දුප්පත් ලමයාව නිදහස් කළා. මරියා තමන් ළගින් ඔහුව හිනදවගෙන ඔහුගේ තොරතුරු අසන්නට උනා.

"බොහොම ස්තූතියි මහත්මිය මව බේරාගත්තාට. මම ඔබට මේ ණය මුදල කොහොම හරි ගෙවන්නම්"

"ඔයා මට ණය ගෙවන්න නම් ණය වෙන්න එපැයි. ඔයා මට ණය උනේ නෑ. අනික අපෙ අම්ම කියල තියෙන්නෙ ඔයා වගේ අයට උදව් කරන්න කියල"

"බොහොම ස්තූතියි මහත්මිය"

"දැන් මට  ළමයගෙ නම මොකද්ද කියල කියන්න. විස්තර කතා කලාට තවම නම වත් දන්නෙ නෑ නේ."

"මගේ නම ජෝන්ස් ඇන්ඩෲස්. මම ආස ජෝෂ් කියනවට"

"හරි. එහෙනම් මම ජෝෂ් කියන්නම් කෝ. ජෝෂ් නගරයේ කොයිහරියෙද  ඉන්නෙ?"

"මම ඉන්නෙ නගරයෙ දකුණූ පැත්තෙ මහල් නිවාසයක. නෝන ඉන්නෙ කොහෙද?"

"මට නෝන කියන්නෙපා මගේ නම මාරියා විලියම්ස්. මම ආස මාරියා කියනවට. මම නම් ඉන්නෙ දුම්රියපොළ කිට්ටුව."

මහල් නිවාසයක යැයි කීවට ජෝෂ් ඉන්නේ නගරයේ උතුරු කෙළවරේ මුඩුක්කු නිවසවල බව වෙනත් කෙනෙකුගේ මාර්ගයෙන් මාරියාට දැනගන්න ලැබුනා. ඒත් ඒ බව  මාරියා ජෝෂ්ට නිකමටවත් ඇගෙව්වෙ නෑ . කෙමෙන් කෙමෙන් දෙදෙනාගේම අවසන් නැවතුම කරා දුම්රිය පැමිණියා.

ජෝෂ්ට දැඩි කුසගින්නක් දැනුනා ඒත් බඩගින්නට මොනවා හෝ ඉල්ලීමට ජෝෂ්ට බැරි උනා. තමාව දුම්රියේදී බේරා ගත් ඇයට තවත් කරදර කිරීමට නොහැකි නිසා ජෝෂ් මාරියාගෙන් වතුර ටිකක් පමණක් ඉල්ලුවා.

"මාරියා මහත්මිය මට වතුර ටිකක් දෙන්න පුලුවනිද?"

එහෙත් ජෝෂ් දැඩි කුසගින්නකින් සිටින බව මාරියට වැටහුණු නිසා ඇය ඔහුට තමන්සමග එන ලෙස කීවා.

"ජෝෂ් එන්නකො මම නැවතිලා ඉන්න තැනට යන්න. මෙතන ඉදං ටික දුරයි. ඔයාටත් එතන ඉදං පොඩි වෙලාවකින් ගෙදට යන්න පුලුවන්නේ"

මාරියා ජෝෂ් සමග තමා නැවතී සිටින ස්ථානයට යෑමට පිටත් උනා.එතනට ගොස්.

"එන්න ජෝෂ් ඇතුලට. ඇවිත් වාඩි වෙන්න"

"ස්තූතියි  මැඩම්"

"ඔහොම පොඩ්ඩක් ඉන්න මම ගේන්නම්"

මාරියා ඇතුලට ගොස් තමන්ගේ අම්මා දුන් කෑම පර්සලය රැගෙන විත් ජෝෂ්ට දුන්නා.

"ස්තූතියි මාරියා මහත්මිය" ජෝෂ් කිව්වා.

දින 10ක් පමණ නොකා සිටි අයෙකු සේ ජෝෂ් ඉතාමත් කලබලයෙන් එය ගිල දැම්මා.පසුව...

"මරියා මහත්මිය , ඔබ මාය දුම්රියේදීත් බේරා ගත්තා. දැ් මට කුසගින්නට ඔබේ කෑම පාර්සලයකුත් දුන්නා. මම ඔබට දැන් කොච්චර ණයද?"

" මම කෝච්චියේ දිත් කිව්වනේ , ජෝෂ් මට ණය උනේ නෑ. මම මේක කලේ උදව්වක් විදියට. නැතුව ආපහු ගන්න බලාගෙන නෙමෙයි."

"ඔබතුමිය ගොඩක් කරුණාවන්තයි.ඒත් මම ඔබතුමියට බොරුවක් කිව්වා. මට සමාවෙන්න. මම ඉන්නෙ දකුණෙ නෙමෙයි නගරයේ උතුරේ මුඩුක්කු ගෙවල් පේලියේ. මට සමාවෙන්න."

"මම දන්නව ජෝෂ්. ඔයා මට ඕක කියන්න ඉස්සෙල්ල මම දන්නව.ඔයාට දැන් පරක්කු වෙනවනෙ. ඔයා යන්න. හෙදින් ඉගෙන ගන්න. අයෙත් උදව්වක් ඕන උනොත් මට කියන්න."

"හොදයි මහත්මිය.මම ගිහින් එන්නම්. කරපු උදව්වලට මම ඔබට ණයගැතියි." කියා ඉතා ලැජ්ජාවෙන් ජෝෂ් කිව්වා.

ජෝෂ් වෙඩිල්ලක් තැබුවා මෙන් ඉතා වේගයෙන් දුවගෙන ගියා.



ටික කලකට පසු.......

ජෝෂ් ඉතා මහන්සි වී ඉගෙනීමෙන් පසු නගරයේ  සිටින දක්ෂම වෛද්‍යවරයා උනා. වෛද්‍යවරයෙකු වී ටික කලකට පසු ඔහුට එම රටේ අගනගරයේ තිබෙන රෝහලකට මාරුවක් ලැබුනා. එම රෝහලට ගොස් පළමුවෙන්ම ප්‍රතිකර කිරීමට සිදු වූයේ දරුණු ,‍ සුව කිරීමට  අපහසු රෝගයක් නිසා මෙම රොහලට ගෙන ආ රෝගියෙකුට. ටික දිනකින් පසු එම අසාද්‍ය‍ රෝගයා සුව අතට හැරෙමින් සිටියා. ‍

එම රෝගියා තරමක් මහළු අවුරුදු 55ක් පමණ වන කාන්තාවක්. ඇය සුව වී තමන්ගෙ බිල්පත ගෙනෙන තුරු බලා සිටියා. එහෙත් ඇයි දැනගෙන සිටියා එය ඇයට ගෙවීමට බැරි බව.

මෙම කාත්තාවගේ ළගට පැමිණි හෙදියක් ඇයගේ බිල් පත ඇයට දුන්නා. මහළු කන්තාව සිතූ පරිදිම විශාල මුදලක් එහි සටහන්ව තිබුනා. එහෙත් එහි යටින් රතු පැහැයෙන් "ගෙවන ලදී" යන වචනය දැක්වෙන මුද්‍රාවක් තබා තිබුනා. තවත් යමක් ඇයගේ නෙත ගැටුනා. බිල් පතේ ඉහළ කෙලවරේ යමක් ලියා තිබුනා.ඇයදඑය වෙත අවදානය යොමු කලා එහි

"මුළු මුදලම ටික්පතකින් හා ආහාර වෙලකින් ගෙවන ලදී... 
සහිතික කලේ,
වෛද්‍ය ජෝන්ස් ඇන්ඩෲස්."

--නිමි--

පසු වදනක්..! 

පොඩ්ඩක් හිතල බලන්න මේවගේ දෙයක් වෙන්න බැරිද කියල. යාළුවනේ අපේ බුදු හාමුදුරුවො කියල තියෙනව වගේ සියළුම ආගම් වල කියනව වගේ , තමන් කරන හැම දෙයක්ම තමන්ගෙ පස්සෙන් එනව. තමන් හොද දෙයක් කලොත් එකත් තමන්ට දවසක අයිති වේවි. නරක දෙයක් කලෝත් ඒකත් තමන්ගෙ පස්සෙලන්ම ඒවි. ඒ බව හොදට මතක තියා ගන්න. මේ කතාවෙත් ඒවගේ දෙයක් උනේ. උදව්වක් අනුන්ට කරන්න එපා උදව්වක් බලාපොරොත්තුවෙන්. ඒත් ඒ උදව්ව නිසා දවසක ඔයාලටත් උදව්වක් ලැබේවි!

මේ කතාව මට ලියන්න පැය 2කටත් වැඩිය ගත වුනා. සමහර විට වැරදි වෙලා මරියා වෙනුවට මරය , මාරයියා වගේ දේවල් වැදිල ඇති. ඒවත් මගහැරල ,
මේ කතාව කි‍යවපු හැමෝටම ස්තූතියි!

ඔයාලත් මේකෙන් ආදර්ශයක් ගත්තනම් පහලින් ප්‍රතිචරයක් දීල. කැමතිනම් මගේ බ්ලොග් එක Follow කරල යන්න. මම බල කරන්නෙ නෑ. කැමතිනම් විතරයි හොදේ.....

මම ගියා..
මීට කෙටි කතා රචක,
--විදූ--

3 comments:

  1. නියමයි! හිතලා ලිව්ව කතාවක් කියලා හිතෙන්නෙ නැ. පොඩි පරිවර්ථනයක් වගේ. විභාගෙ ඉවර වෙලා ආය ලියන්ඩ අපි එන්නම් බලන්ඩ.

    ReplyDelete
  2. @බුද්ධි කෙහෙල් කොටුවෙ සූටි මහත්තයව සාදරෙන් පිලි ගන්නව...ස්තූතියි අයියේ

    ReplyDelete

^උඩට යන්න