Sunday, May 13, 2012

පරණ Facebook Profile එක ආයෙත් ගමුද?...


න්න කියපු විදියටම වැදගත් පෝස්ට් එකක් අරං ආයෙමත් ආව මම.... අද ගොඩක් දුක හිතෙන දවසක්.. උදේ නැකිටපු ගමං ගියා බුකියට, යනකොටම දැක්කෙ මේ ආරංචිය.. ඒක නිසා ගොඩක් දුක හිතුන. මොකද අපේ ඔබා මාමා නැත්තන් සනත් මාමා අපේ අතරින් සදහට වෙන් වෙලා..

හැබැයි මම ආවෙ ඒක කියන්න නෙමේ. ඔය උඩ තියෙන Title එකෙන් තේරෙනවනෙ මොකද්ද මං කියන්න හදන්නෙ කියල..... ඔව් ඔව් බුකියට අළුතෙන් හදුන්වල දුන්න Time Line Profile System එක සමහරුන්ට හෙන වදයක් වෙලා තියෙනව.. ඕක ඇවිල්ල නං ටිකක් කල් ඒත් තාමත් සමහරුන්ට ඒක වදයක්. බිකෝස් ඒක ඩවුන්ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යනව (මගේ වගේ පිල්ම් බාල ලිමිට් එක පැනපු අයට, නැත්තනම් ස්ලෝ කනෙක්ෂන් තියෙන අයට), අනික මේකෙ ඔයට කවර් පොටෝය අරකය මේකය කිය කියා තියෙන ඒවට එක එක පිතූර කෑලි හොයන්න ගියාම හෙණ වදේ නෙ... 

ඒක නිසා ඔන්න මම අද ගෙනාව ඔයාලට පරණ පොපයිලේ ආයෙත් ගන්න පුලුවං විදියක්
මේක හදල තියෙන්නෙත් අර පරණ චැට් බාර් එක  හදපු අයම තමයි... මේකත් වැඩ කරන්නෙත් Chrome / Firefox / Opera  බ්‍රවුසර් තුනට විත්‍රයි.... 

ඉතිං අපි ඉස්සෙල්ලම  GooglChrome එකට මේක දාන හැටි බලමු.
1. මේ Link එකට යන්න 


2. පහළ රූපෙ තියෙන විදියට Add Button එක ඔබන්න 


3. ඔයා හරියට වැඩේ කලානං පහළ රූපෙ වගේ එකක් බ්‍රවුසර් එකේ දකුණු පැත්තෙ උඩ කෙළවරේ අර යතුර වගේ එක ගාවින් එයි..... 


දැං Mozilla Firefox වලට දාන හැටි බලමු. 

1. මේ Link එකට යන්න 

2. දැං පල්ලෙහා රූපෙ විදියට Install Now  Button එක ඔබන්න 


3. වැඩේ ඔයා ‍වැඩේ හරියටම කලා නම් පහළ රූපෙ වගේ එකක් බ්‍රවුසර් එකේ වම්පැත්තෙ උඩින් එයි....


Opera  වලට නං හරියට වැඩ කරනවද දන්නෙ නම් නෑ හැබැයි මම Opera පාවිච්චි කරන යාළුවෝව අමතක කලේ නෑ ඒක නිසා මම ලිංකුව දෙන්නම් හරි ගියා නම් කියන්නකෝ...

මෙන්න Link එක 
» http://data.newprofiledisabler.net/install/newprofiledisabler-1.0-opera.oex?hp_ref=home

ඔන්න එහෙනම් මම ගියා .... දැං ඉතිං පේස් බුකියෙ තියෙන්නෙ පරණ  පොපයිලේ විත්‍රයි හැමෝගෙම.. බලන්නකො දැං කොච්චර ලේසිද කියල අර වගේ පිංතූර හොයන්න ඕන නෑ. කිසි කරදරයක් නෑ. ඔන්න ලිපිය වැදගත් වුනා නම් Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.....

මීට,
ටයිං ලැයිම එපා වුන
විදූ

2 comments:

  1. පි/න් සිදවෙනව මචං මේ ටයිම් ලයින් එක හෙන වදයක් වෙලා තිබ්බේ....

    ReplyDelete
    Replies
    1. පිං නම් නැතත් කමක් නෑ ඔයා මේ ලිපියෙං ප්‍රයෝජනයක් ගත්තනම්....බොහොම ස්තූතියි සහෝ කමෙන්ට් එකට....

      Delete

^උඩට යන්න