Thursday, February 17, 2011

අපි වතුර ටිකක් බොන්න ආවෙ සර්...

ආහ් සෙට් එක.... කොමද ජීවිතේ හේම??? හොදයි නේ???
මම නං ඉතිං ඉන්නව...
මේ මේ ඒක නෙමේ අද මම කියන්න ආවෙ.. අපි කරපු මහ ජාතික වැඩක් හව් වෙච්ච එකක් ගැන.. ඔයාලත් බලාගන්නකෝ...

මේක උනේ අපේ ස්කොලෙ ස්පොර්ට් මීට් එකට පුරුදු කරන දවස් වල...ඔය කව්රුත් දන්නවනේ ඔය විශේෂෘංග වල තියෙන්නෙ 10,11 උන්ටම කියාපු වැඩේ අර(කට්ටි පැනීම.. නෑ නෑ බං) මාච් එක.. ඔන්න ඕකට පුරුදු කරනව.. අපේ ස්කොලෙ තියෙන නිවාස 3 තමයි විජය ගැමුණු පැරකුම් ඔය තුනේම උන් අපි එක්ක සැට් උනා... දැං ඉතිං පුරුදු කරන වෙලාවෙ තව උං ටිකක් පස්සෙන් එනව ආවෙ නැති කස්ටිය ඇදං යන්න... හික් අපි යයි ඕවට ... අපේ ස්කොලෙ තියෙන්නෙ ගාළු කොටුවෙනේ...ඉතිං ඒක ඇතුලෙම තමා පුරුදු කරන්නෙ.. අපි ඉතිං එතනින් පැනල ගියා.. දැං අපි එක්ක ඉන්නව 8ක් 10ක් විතර... මුළු කොටුව පුරාම ඇවිද්දා.. ඇවිදල කඩ කීපයකටත් ගියා අර VOC කාසි විකුනන්න තියෙනව.. අන්න ඒව ගන්නවද කියල අහන්න.. අපේ එකෙක් ගාව තියෙන නිසා ගියා කඩවල් 2කට.... එච්චරයි... අපි ඇවිද අවිද ගියා.. යනකොට මෙන්න

Wednesday, February 16, 2011

බොම් බොම් එක පිට එක...යං යං මරු තුරුලට

ආ යළුවනේ..... කොමද ජීවිතේ... එල ඇතැයි සිතමි... ඊයෙ අපේ Sports meet එක. ආවෙ 9ට විතර තමා ගෙදර.හික් දැං කකුල් කඩිත්තුව.ඇයි ඉතිං පැය 7ක් විතර එක දිගට හිටගෙන.බස්එකේදීත් තව පැය 2ක් හිටගෙන ආවෙ..මට ඉතිං මළ... ආපු ගමං ඇදට වැටුන අද උදේ 9 වෙනකං දොයි...අපො මේ මොනාද මං කියවන්නෙ.. හික් මේක නෙමේනෙ කියන්න ආවෙ ඕං හේනං කතාව..

(උගුරපාදමින්) අද මම  ආවෙ අපේ දුම් දුම් බොන කස්ටියට පොඩි උපදෙසක් දීල යන්න.මම නං ඔය විද්‍යව ගැන වැඩි දන්නෙ නෑ..මේ දැං මම බුකිය සැරිසරනකොට පොඩි පිංතූරයක් දැක්ක.. ඒක දැකල තමා හිතුනෙ මේක දාන්න..

Monday, February 14, 2011

වැල සාමි මමයි

හික් අද ආදරවන්තයින්ගේ දවසලු නේද?  හික් මට නං ඕව නෑ නේ... මමනෙ ඉතිං වැල සාමි...
ඔය පලහිලව් මලඉලව් තීන කට්ටියනං ඉතිං අද පාක් වල වගේ ඒවයි ගිහිල් මේ දවස සමරනව ඇති... හික් අද දවසෙ මොකද්ද අද දවසෙ අරුමෙ.අනේ මන්දන්නෑ..මට නං ඕව තෙරෙන්නෙත් නෑ.. ආදරේ කියන එක නං දන්නව... බුකියෙ යාළුවා නං දන්නව ඒ ගැන.. ඒත් ඉතිං  මට ආදරේ කරන්න ඉන්නෙ මගේ අම්මයි තාත්තයි නෑදෑයොයි යාළුවොයි විතරයි...මට ඉතිං ආදරවන්තියෙක් නෑ නේ හිටියෙත් නෑ... ඒකටත් එක්ක මට ඕන තරං යාළුවො ඉන්නව... පිරිමි යාළුවොයි ගැහැනු යාළුවොයි. දෙගොල්ලොම...

මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..කාට හරි
අද දවස ගැන කතා කෙරුවොත් ඉතිං කියන්න දෙයක් නෑ... අද දවස කියන්නෙ නිකම්ම නිකං  හැමෝම වයසට යන එක දවසක් විතරයි කියල තමයි ඉතිං මේ පුංචි විද්දට හිතෙන්නෙ... අනේ මන්ද... අද දවසෙ මට නං     හොද දවසක් පේනව ඇතිනෙ අළුත් ටෙම්ප්ලේට් එකක් දාල ලස්සනට හදල තියෙනව....

Saturday, February 12, 2011

කෙළිමඩලේ දී මට උන ඇබැද්දිය


අද නං කියන්නෙ හිනා යන කතාවක් නෙමේ...ටිකක් දුක හිතෙයි ඒත් ඉතිං හොද යාළුවො නං සතුටු වෙයි (බුදුබනේ තියෙන විදියට කීවොත් ඉතිං අපායසහයක මිත්‍රයො.) හහමම්ම්ම් ඊට ඉස්සෙල්ල විශ් කරන්න කෙනෙක් ඉන්නවනෙ.මට දැනගන්න ලැබුන අද අපේ නිරහංකාර අහිංසකාවි ගේ ඉපදුන ඩේ එකලු (අර සිංහලෙං Birth Day කියන්නෙ! අන්න ඒක).ඉතිං එයිට සුභ මෙව්ව එකක් ම වේවා. (අනිත් කට්ටිය තරහවෙන්න එපා.මෙයාගෙ බර්ත් ඩේ එකට විතරක් විෂ් කරා කියල.උපං දින දැනගත්තොත් අනිව විෂ් කරනව.දැනගත්තෙ නැත්තං  ඉතිං පොඩ්ඩක් මතක් කොරන්නකො...)

අනේ මංද මේ මොකෝ උනේ....????
ඔන්න දැං කතාව..දන්නවනෙ මගේ කතාවල ඉතිං දුෂ්ටයෙක් නෑ,පෙම්වතියක් නෑ,පෙම්වතෙකුත් නෑ.මිතුරො විතරයි.මිතුරියොත් අඩුයි.අඩුයි කියන්නෙ ඇත්තෙම නැති තරං.

Friday, February 11, 2011

මචං නිල් කැටේට වතුර!


හික් අදත් පිස්සු කතාවක් ලියන්න යන්නෙ අර මම ඊයෙ දුන්න තෑග්ග (අන්න ඒක තමායි) ඒක 24 දෙනෙක් බාගෙන ඔයි.බුහාහාහාහාහා.මට මාර සතුතුයි ඕයි.තනි ඇහෙං බේරෙනව කදුලු දුසිං ගනං.හික් හික් අද හිනා වෙනව වැඩිද මංද.මේ මම මොනවත් ගහලා නෑ හරි. ඉතිං ඉතිං.මම මාර හැපි එකේ ඉන්නෙ අද කියන කතාව හිනා වෙන්න දෙන එකක් . පට්ට පදිරි වෙන්න දෙන්නංකෝ.කියෝල බලල හිනා වෙන්නකෝ....

අපි මේ ළගදි ගියා....‍(කොහේද බං??)  අතරමග හෝව් හෝව් අමතක උනා අතරමග නෙමේ බං කතරගම.හික් අද වැරදෙනව වැඩියි.දැං ඉතිං කට්ටිය හිතෙනව ඇති උබ කතරගම ගියාම අපිට මොකෝ කියල.මේකනෙ සීන් එක ...

Thursday, February 10, 2011

දැක්කම කලංතෙ වගේ!


මේ මොකද යකෝ වෙලා තියෙන්නෙ? අර උඩතියෙන මාතෘකාවෙ තේරුම මොකද්ද?.
කියවලම බලන්නකො. එතකොට තේරෙයි.
විද්දට මොකෝ මේ වෙලා තියෙන්නෙ.මඥ්ඥං පරිප්පුවක් වත් කෑවද? නැත්තං වෙරි වැඩිද? 
ඔය එකක් වත් නෙමේ බොල මම අද ඉන්න මාර හැපි එකේ!
ඒ මොකෝ? 
පොඩි කාරනයක් නිසා
ආහා මොකක් හරි සෙට් කොරගෙනවත් ද?
අපෝ මුගේ තීන කැත ගතිය.යකෝ ඒ මොන මගුලක් වත් නෙමේ.මේ මැටි  පුතා ලොකු වැඩක් කෝරල අර හසිය අයිය ඇස් පේනවද බැලුව වගේ  මේකත් බලන්නකෝ. ඔය පහල තියෙන ! ලකුණ ගාව පේලිය Highlight කරල බලන්නකෝ.

Wednesday, February 9, 2011

නොකියම බැරි Nokia විස්තරේ.


ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ඉලෙක්ට්‍රොනික උපකරණය මොකක්ද 
කියල ඔබෙන් ඇසුවොත් ජංගම දුරකථනය ඔබේ පිළිතුර වේවි.
අද ලාංකීය සමාජයේ ජංගම දුරකථනය හුදෙක් සන්නිවේදන උපකරණයකට වඩා
සමාජයේ පුද්ගලයට හිමි තැන කියාපාන මිම්මක් වී අවසානයි. 

ඉතින් මේ කියන්න යන්නේ ලෝකෙ තියන දැවැන්තම දුරකථන නිෂ්පාදන 
සමාගමක් ගැන ඒ තමයි Nokia දුරකතන සමාගම......

^උඩට යන්න