Wednesday, June 13, 2012

මොකද්ද මේ IT - p.1 | Introduction

ආයුබෝවන් යාළුවනේ... ආයෙත් ටික දවසකට පස්සෙ  ඔන්න මම ආව. (හෑ.. මෙන්න මූ ඇවිල්ලා :O)  ආයෙත් ඉස්කෝලෙ පටං ගත්තු හිංද වැඩ ටිකක් වැඩියි...( අපි දැං අයියලනේ :P)
පරණ පෝස්ට් එක නං එච්චරම කට්ටිය බලළ ති‍බ්බෙ නෑ.. සමහරවිට ඔයාල ටයිම් ලයින් එකට ආස ඇති. ඒ‍කට මොකෝ...

අද නං මම ආවෙ අළුත් වැඩක් ගැන කියන්න. ඔයාල සමහර විට මගේ බ්ලොග් එකේ දාපු ඇඩ් එක දකින්නැති. ඔව් අන්න ඒක තමා. මේක Information Technology (IT) එහෙමත් නැත්තං තොරතුරු තාක්ෂණය ගැන කියල දෙන පාඩම් මාළාවක්. ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නව මේ සම්බන්ද ව වැඩිය නොදන්න අය. අන්න ඒ අයට තොරතුරු තාක්ෂණය කියන්නෙ මොකක්ද කියන එක ගැන සහ ඒ ගැන ඉගෙන ගන්න තමා මම මේ පාඩම් මාළාව ඔයාලට ‍ලබා දෙන්නෙ. මේක IT විෂය සා.පෙට හරි, උ.පෙට (GIT) හරි ඉගෙන ගන්න යාළුවොන්ට ගොඩක් වැදගත් වෙයි. පොඩි PDF File එකක් තියෙන්නෙ. භාගෙන ඉගෙනගන්න හරී...

Sunday, May 13, 2012

පරණ Facebook Profile එක ආයෙත් ගමුද?...


ඔන්න කියපු විදියටම වැදගත් පෝස්ට් එකක් අරං ආයෙමත් ආව මම.... අද ගොඩක් දුක හිතෙන දවසක්.. උදේ නැකිටපු ගමං ගියා බුකියට, යනකොටම දැක්කෙ මේ ආරංචිය.. ඒක නිසා ගොඩක් දුක හිතුන. මොකද අපේ ඔබා මාමා නැත්තන් සනත් මාමා අපේ අතරින් සදහට වෙන් වෙලා..

හැබැයි මම ආවෙ ඒක කියන්න නෙමේ. ඔය උඩ තියෙන Title එකෙන් තේරෙනවනෙ මොකද්ද මං කියන්න හදන්නෙ කියල..... ඔව් ඔව් බුකියට අළුතෙන් හදුන්වල දුන්න Time Line Profile System එක සමහරුන්ට හෙන වදයක් වෙලා තියෙනව.. ඕක ඇවිල්ල නං ටිකක් කල් ඒත් තාමත් සමහරුන්ට ඒක වදයක්. බිකෝස් ඒක ඩවුන්ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යනව (මගේ වගේ පිල්ම් බාල ලිමිට් එක පැනපු අයට, නැත්තනම් ස්ලෝ කනෙක්ෂන් තියෙන අයට), අනික මේකෙ ඔයට කවර් පොටෝය අරකය මේකය කිය කියා තියෙන ඒවට එක එක පිතූර කෑලි හොයන්න ගියාම හෙණ වදේ නෙ... 

ඒක නිසා ඔන්න මම අද ගෙනාව ඔයාලට පරණ පොපයිලේ ආයෙත් ගන්න පුලුවං විදියක්

Saturday, May 5, 2012

අද?....

අද දවස ඇත්ත වශයෙන්ම කියනවනං.... (මාස 4කට නොඅඩු කාලයක් බ්ලොග් පෝස්ට් නොදැමීමට හේතුව ඇසීමෙන් වලකින්න... අද දවසෙ බොරු කියන්න බෑ)

සියළු ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාම උතුම් දවසක්,
ඇත්තටම මටත් එ‍හෙමයි,
මොකද මාත් බෞද්ධයෙක්,

ඒත් අද..?

Friday, January 13, 2012

පුලුවන්නං හොයන්න.. හොයල කියන්න

ආනේ යාළුවනේ.... ඔන්න ඉතිං සුභ අළුත් අවුරුද්දෙ කුලුදුල් පෝස්ටුව.... ඉස්සෙල්ලම කස්ටියට,
 සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියනව(නැත්තං ඉතිං වසල හමාරයි).අවුරුද්දට ඉතිං බ්ලොගේට ලස්සන ඇදුමක් අන්දල ටයිට්ල් පොඩ්ඩත් ලස්සනට මංද කරලනෙ තියෙන්නෙ. ආ නැද්ද හා? දැං සාපෙත් ඉවර නිසා ගෙදර තමයි හිටියෙ. ඉන්න ගමං පෝස්ට් එකක් දාන්න කල්පනා කලා කලා මොනවත්ම හිතට එන්නෑ. අන්තිමට එකක් තෝර ගත්ත. ඒකත් මාව බයිට් වෙයි කියල හිතල නැවැත්තුව. අන්තිමට මේක තමයි ඉතිං දාන්න හදන්නෙ....

Tuesday, November 22, 2011

කැමතිම YouTube Videos අපේ Web Browser එකෙන්ම බාමු



ආයුබෝවන්ඩ මගේ මිතුරනි! (එසේම වේවා කියලවත් කියපල්ලා‍ ඉතිං);
කලිං පෝස්ට් එක හරි නැහැල්ලු (අනේ මංද කව්ද කිව්වලු). ඒක දාලත් සති 2ක් මයෙ හිතේ ඊයෙට. ඉතිං අවුලක් නෑ‍. ඒක සාටර් උනාට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඉතිං අපි වැඩි කැටයං නැතුව වැඩේට බහිමුකෝ. අද මම කියල දෙන්න යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔය Videos බලන්න Youtube යන අයට මේක මාර වැදගත් වෙයි කියල හිතනව. හැ‍මෝම ඔකට යනවනේ. මාත් ඒ හැමෝංගෙන්ම එකෙක් කියන්නත් පුලුවං ඈ. ඉතිං ඔය යන අය හැමෝම ඔය සිංදු, කතා කෑලි, විකාර ඒව, වැදගත් වගේ Videos බාන්න කැමතියි නේ. අපිට ඒ Videos බාන්න බෑමේලෝඩර් (Downloader) එකක් ඕන. ඒව නැතුව අපේ Web Browser එකෙන්ම බාන හැටි අද මම කියල දෙන්නම්.



මෙන්න මෙහෙමයි වැඩේ යන්නෙ. .....

Monday, November 7, 2011

ගෙවන ලදී.. | කෙටි කතාවක්

අද ස්කොලෙත් නිවාඩු නිසා හිතුන මේ  පැත්තෙ ඇවිල්ල ඉස්මනට යන්නෝන කියල. හෙට වාර විභගෙත් තියෙන නිසා. ඉක්මනට යන්න ඕන නිසා ඉක්මනට පෝස්ට් එක දාන්නම්. මේක කෙටි කතාවක්. මම හදපු එකක්ම කියන්නත් බෑ. හැබැයි වැඩි අයිතිය මගේ.

මෙහෙමයි මේකෙ තියෙන නම් , ගම් සියල්ල මනඃකල්පිතයි. තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසි නම්.(මම ම හදාගත්තුව). ඔන්න එහෙනං කතාව.

මේ සිද්දිය වෙන්නෙ එක නිවාඩු දිනයක (අද වගේ).

මාරියා විලියම්ස් කියන්නෙ....

Saturday, November 5, 2011

Shaun the Sheep Ep.20 | බය උනේ ඇයි?

අද නං ආවෙ ඉක්මනට යන්න.. කොහොමද ඉතිං?  වාර විභාගෙ මේ දවස් වල. ඒක නිසා හෙන විකාරයයි... ඉතිං මම අද ආවෙ ඔයාල ආස Shaun the Sheep ඊලග Episode එක දාන්න.... ළගදිම ඔයාලට පරන ඒව ඔක්කොම එක තැනකදි බලන්න බුලුවං වෙන්න හදන්නයි හිතං ඉන්නෙ.. ඒ කිව්වෙ පේජ් එකක් විදියට. බලමුකො මම හදල ඒ ගැනත් කියන්නම්.... හොදේ... (අනේ මේ දැං කැටයං දැම්ම ඇති)

අද අපේ කට්ටියට එච්චර සුභ නෑ... බය හිතෙන කතාවක් (:P)... එදා මහ මූසල, වැස්ස වැඩි දවසක්...සැට් එකම
^උඩට යන්න