Tuesday, November 23, 2010

Shaun the Sheep Ep.3 | ලොකු බැටලුවාගේ මහත අඩු කරයි...

ඔන්න අදත් ගෙනාව ලස්සනම ලස්සන උඩ පැන පැන හිනා වෙන්න පුලුවන් Shaun the Sheep කාටූන් එකේ කොටසක්.....
මේකෙ නම් වෙන්නෙ අර තඩි බැටලුව පෙන්දෙක් වගේ හීනි කරනව....
මරු උපායවල් තමයි අපේ ෂෝන් දාන්නෙ....
ඒක වෙන්නෙ තඩි බැටලු අයියා අර ඒ කස්ටිය ඉන්න තැනින් එලියට ගන්න බැරි උනාම...
එච්චරටම මෑන් මහත් වෙලා...

Monday, November 22, 2010

Shaun the Sheep Ep.2 | බැටලුවො නාන්න ගිහිං...

ඔන්න මම අදත් ෂෝන්ගෙ කතාවක් ගෙනාව...දන්නවනෙ මේ විදූ බොරු පොරොන්දු දෙන්නෙ නෑ...
ඔන්න මේ ට්‍රැක් පනින එක නැති කරන්න බෙහෙතක් එහෙම තියෙනවනං මට කියන්න මේ දැනුත් ට්‍රැක් පැන්න දැක්කනෙ...
අද මේ බැටලූස්ලා නාන්න යන්නෙ...
මේ ගොල්ලො හොදටම මඩ නාල
ඒක නිසා අපේ ගොවිපල අයිති අංකලි සීයා [දන්නවනෙ]....
එයා බල්ලයියට කිව්වා ඔක්කොම නාවන්න එක්කං එන්න කියල...

Sunday, November 21, 2010

Shaun the Sheep Ep.1 | බැටලුවො Foot Ball ගහයි...


ඔන්න පොරොන්දු වෙච්ච විදියටම අද ගෙනාව Shaun the Sheep කාටූන් එකේ පළමු කොටස.
මේකෙ කස්ටිය ගෝවා ගෙඩියකින් Foot Ball ගහන එකක් තමයි තියෙන්නෙ වැඩි කතා ඕනෙ නෑ ඔන්න කට්ටියම බලන්නකො.ඊළග දවසෙ අනිත් එක ගේන්නම්කො..

Friday, November 19, 2010

බැටලුවාගේ වික්‍රමය‍‍| Shaun The Sheep...

මේක දැක්ක ගමන් ඉතිං කට්ටිය කියයි මේක හසිය අයියගෙ පොස්ට් එකෙන් ගහපු කොපියක් කියල..
අනේ නෑ.එ‍‍හෙම එකක් නෙමේ මම අද ඉදං ඔයාලට මේ Cartoon Series එකේ  Episode එක එක දෙනව.
අන්න මම ට්‍රැක් පැන්න වගේ නේ ඒ ඉස්සෙල්ල කලේ හැදින්වීම [එතකොට මේ මොකද්ද?].
ඔන්න දැං තමා හරිම හැදින්වීම කරන්නෙ....
මේක ඇත්තටම මම බලපු Cartoon Series එකක්.අද මම දැක්ක හසිය අයියා පෝස්ට් එකක් දාල තියෙනව.ඒකයි ඔයාලටත් මේක දෙන්න හිතුනෙ.[හික්  මූට පික්සුද?]
කාටූන් එකේ හැටියට කතාව යන්නෙ ගොවිපලක.මේකෙ ඉන්නෙ බැටලුවො සෙට් එකක්.

Monday, November 8, 2010

මා විසින් ගන්නා ලද හොදම ඡායාරූප 10 [My Top 10 Photography]

අද ආවෙ මම මගේ කැමරා ඇසට අහුවුනු හොදම ඒව 10ක් පෙන්නන්න තමා
වැඩි කථා ඕනෙ නෑ
අපි වැඩේට බහිමුකො
මම ෆොටෝ බ්ලොගියක් කරන බව ඔයාල දන්නවනෙ
ආහ්..... දන්නෙ නැද්ද?
අයියෝ මට වැඩේ අමතක උනානෙ. මම කියන්න හිටියෙ බට් මේ වැඩ හින්ද අමතක උනා.
අයෙත් ට්‍රැක් පැන්න වගේ.
හේ හේ මම ඉතිං ඡායාරූප ගන්න දස්සයනෙ
ඒ දක්ෂකමින් පලපොරෝජනේ අරගෙන මම ගත්තු ෆොටෝ දාල ෆොටෝ බ්ලොගියක් හැදුව.
ඒකට යන්න ඔනි නම් මෙතන Click කරන්නකො.
මේව මොනවද කියල හිතේ ඔයාලට ඒත් මට නම් මේ ගොඩක් වටිනව.
^උඩට යන්න