ආහ් සෙට් එක.... කොමද ජීවිතේ හේම??? හොදයි නේ???
මම නං ඉතිං ඉන්නව...
මේ මේ ඒක නෙමේ අද මම කියන්න ආවෙ.. අපි කරපු මහ ජාතික වැඩක් හව් වෙච්ච එකක් ගැන.. ඔයාලත් බලාගන්නකෝ...
මේක උනේ අපේ ස්කොලෙ ස්පොර්ට් මීට් එකට පුරුදු කරන දවස් වල...ඔය කව්රුත් දන්නවනේ ඔය විශේෂෘංග වල තියෙන්නෙ 10,11 උන්ටම කියාපු වැඩේ අර(කට්ටි පැනීම.. නෑ නෑ බං) මාච් එක.. ඔන්න ඕකට පුරුදු කරනව.. අපේ ස්කොලෙ තියෙන නිවාස 3 තමයි විජය ගැමුණු පැරකුම් ඔය තුනේම උන් අපි එක්ක සැට් උනා... දැං ඉතිං පුරුදු කරන වෙලාවෙ තව උං ටිකක් පස්සෙන් එනව ආවෙ නැති කස්ටිය ඇදං යන්න... හික් අපි යයි ඕවට ... අපේ ස්කොලෙ තියෙන්නෙ ගාළු කොටුවෙනේ...ඉතිං ඒක ඇතුලෙම තමා පුරුදු කරන්නෙ.. අපි ඉතිං එතනින් පැනල ගියා.. දැං අපි එක්ක ඉන්නව 8ක් 10ක් විතර... මුළු කොටුව පුරාම ඇවිද්දා.. ඇවිදල කඩ කීපයකටත් ගියා අර VOC කාසි විකුනන්න තියෙනව.. අන්න ඒව ගන්නවද කියල අහන්න.. අපේ එකෙක් ගාව තියෙන නිසා ගියා කඩවල් 2කට.... එච්චරයි... අපි ඇවිද අවිද ගියා.. යනකොට මෙන්න
Thursday, February 17, 2011
Wednesday, February 16, 2011
බොම් බොම් එක පිට එක...යං යං මරු තුරුලට
ආ යළුවනේ..... කොමද ජීවිතේ... එල ඇතැයි සිතමි... ඊයෙ අපේ Sports meet එක. ආවෙ 9ට විතර තමා ගෙදර.හික් දැං කකුල් කඩිත්තුව.ඇයි ඉතිං පැය 7ක් විතර එක දිගට හිටගෙන.බස්එකේදීත් තව පැය 2ක් හිටගෙන ආවෙ..මට ඉතිං මළ... ආපු ගමං ඇදට වැටුන අද උදේ 9 වෙනකං දොයි...අපො මේ මොනාද මං කියවන්නෙ.. හික් මේක නෙමේනෙ කියන්න ආවෙ ඕං හේනං කතාව..
(උගුරපාදමින්) අද මම ආවෙ අපේ දුම් දුම් බොන කස්ටියට පොඩි උපදෙසක් දීල යන්න.මම නං ඔය විද්‍යව ගැන වැඩි දන්නෙ නෑ..මේ දැං මම බුකිය සැරිසරනකොට පොඩි පිංතූරයක් දැක්ක.. ඒක දැකල තමා හිතුනෙ මේක දාන්න..
(උගුරපාදමින්) අද මම ආවෙ අපේ දුම් දුම් බොන කස්ටියට පොඩි උපදෙසක් දීල යන්න.මම නං ඔය විද්‍යව ගැන වැඩි දන්නෙ නෑ..මේ දැං මම බුකිය සැරිසරනකොට පොඩි පිංතූරයක් දැක්ක.. ඒක දැකල තමා හිතුනෙ මේක දාන්න..
Monday, February 14, 2011
වැල සාමි මමයි
ඔය පලහිලව් මලඉලව් තීන කට්ටියනං ඉතිං අද පාක් වල වගේ ඒවයි ගිහිල් මේ දවස සමරනව ඇති... හික් අද දවසෙ මොකද්ද අද දවසෙ අරුමෙ.අනේ මන්දන්නෑ..මට නං ඕව තෙරෙන්නෙත් නෑ.. ආදරේ කියන එක නං දන්නව... බුකියෙ යාළුවා නං දන්නව ඒ ගැන.. ඒත් ඉතිං මට ආදරේ කරන්න ඉන්නෙ මගේ අම්මයි තාත්තයි නෑදෑයොයි යාළුවොයි විතරයි...මට ඉතිං ආදරවන්තියෙක් නෑ නේ හිටියෙත් නෑ... ඒකටත් එක්ක මට ඕන තරං යාළුවො ඉන්නව... පිරිමි යාළුවොයි ගැහැනු යාළුවොයි. දෙගොල්ලොම...
මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..කාට හරි |
Saturday, February 12, 2011
කෙළිමඩලේ දී මට උන ඇබැද්දිය
අද නං කියන්නෙ හිනා යන කතාවක් නෙමේ...ටිකක් දුක හිතෙයි ඒත් ඉතිං හොද යාළුවො නං සතුටු වෙයි (බුදුබනේ තියෙන විදියට කීවොත් ඉතිං අපායසහයක මිත්‍රයො.) හහමම්ම්ම් ඊට ඉස්සෙල්ල විශ් කරන්න කෙනෙක් ඉන්නවනෙ.මට දැනගන්න ලැබුන අද අපේ නිරහංකාර අහිංසකාවි ගේ ඉපදුන ඩේ එකලු (අර සිංහලෙං Birth Day කියන්නෙ! අන්න ඒක).ඉතිං එයිට සුභ මෙව්ව එකක් ම වේවා. (අනිත් කට්ටිය තරහවෙන්න එපා.මෙයාගෙ බර්ත් ඩේ එකට විතරක් විෂ් කරා කියල.උපං දින දැනගත්තොත් අනිව විෂ් කරනව.දැනගත්තෙ නැත්තං ඉතිං පොඩ්ඩක් මතක් කොරන්නකො...)
අනේ මංද මේ මොකෝ උනේ....????
ඔන්න දැං කතාව..දන්නවනෙ මගේ කතාවල ඉතිං දුෂ්ටයෙක් නෑ,පෙම්වතියක් නෑ,පෙම්වතෙකුත් නෑ.මිතුරො විතරයි.මිතුරියොත් අඩුයි.අඩුයි කියන්නෙ ඇත්තෙම නැති තරං.
Friday, February 11, 2011
මචං නිල් කැටේට වතුර!
අපි මේ ළගදි ගියා....(කොහේද බං??) අතරමග හෝව් හෝව් අමතක උනා අතරමග නෙමේ බං කතරගම.හික් අද වැරදෙනව වැඩියි.දැං ඉතිං කට්ටිය හිතෙනව ඇති උබ කතරගම ගියාම අපිට මොකෝ කියල.මේකනෙ සීන් එක ...
Thursday, February 10, 2011
දැක්කම කලංතෙ වගේ!
මේ මොකද යකෝ වෙලා තියෙන්නෙ? අර උඩතියෙන මාතෘකාවෙ තේරුම මොකද්ද?.
කියවලම බලන්නකො. එතකොට තේරෙයි.
විද්දට මොකෝ මේ වෙලා තියෙන්නෙ.මඥ්ඥං පරිප්පුවක් වත් කෑවද? නැත්තං වෙරි වැඩිද?
ඔය එකක් වත් නෙමේ බොල මම අද ඉන්න මාර හැපි එකේ!
ඒ මොකෝ?
පොඩි කාරනයක් නිසා
ආහා මොකක් හරි සෙට් කොරගෙනවත් ද?
අපෝ මුගේ තීන කැත ගතිය.යකෝ ඒ මොන මගුලක් වත් නෙමේ.මේ මැටි පුතා ලොකු වැඩක් කෝරල අර හසිය අයිය ඇස් පේනවද බැලුව වගේ මේකත් බලන්නකෝ. ඔය පහල තියෙන ! ලකුණ ගාව පේලිය Highlight කරල බලන්නකෝ.
Wednesday, February 9, 2011
නොකියම බැරි Nokia විස්තරේ.
කියල ඔබෙන් ඇසුවොත් ජංගම දුරකථනය ඔබේ පිළිතුර වේවි.
අද ලාංකීය සමාජයේ ජංගම දුරකථනය හුදෙක් සන්නිවේදන උපකරණයකට වඩා
සමාජයේ පුද්ගලයට හිමි තැන කියාපාන මිම්මක් වී අවසානයි.
ඉතින් මේ කියන්න යන්නේ ලෝකෙ තියන දැවැන්තම දුරකථන නිෂ්පාදන
සමාගමක් ගැන ඒ තමයි Nokia දුරකතන සමාගම......
Friday, February 4, 2011
63 වන නිදහස
කොහොමද යාළුවනේ.හොදින් ඇති කියල හිතනව.අපේ ඉලංදාරියා වෙනුවෙන් දැම්ම පෝස්ට් එක 100කට වැඩි බලල.මට ගොඩක් සතුටුයි.ඇත්තටම අපේ කෙනෙක් වෙනුවෙන් කරන වැඩ වලට හැමෝම සතුටුයි නේ.එයාටත් ගොඩක් සතුටුයි.අපේ ඉලංදාරිය වෙනුවෙන් ගොඩක් කට්ටිය උදව් කරල තියෙන බව එයා කිව්ව.ඉතිං කොහොමද නිදහස? හොද ඇති නේද? මම නම් ඉතිං හැමදාම නිදහස අත්විදින කෙනා නේ.
1948 පෙබරිවාරි 04 කියන දවස හැමොගෙම හිතේ තියෙන ගොඩක් හොද දවසක්.සතුටු දවසක්.එදා අපේ ශ්‍රී ලංකා ජාතියටම නිදහස ලැබුනු බව නම් ඕන කෙනෙක් දන්නවනෙ.වැඩිය විස්තර
1948 පෙබරිවාරි 04 කියන දවස හැමොගෙම හිතේ තියෙන ගොඩක් හොද දවසක්.සතුටු දවසක්.එදා අපේ ශ්‍රී ලංකා ජාතියටම නිදහස ලැබුනු බව නම් ඕන කෙනෙක් දන්නවනෙ.වැඩිය විස්තර
ටැග්:
මගේ Story,
වර්ගීකරණය නොකල,
විශේෂ දින,
හොද දෙවල්
Wednesday, February 2, 2011
ඉලංදාරියාට උදව්වක් වෙමු.
මේ පිංතූරය Facebook හි Profile Picture එක කරගෙන දිලුම්ට උදව්වක් වෙන්න! |
ඇත්තටම ඉලංදාරියා කියන්නෙ බ්ලොග් කරුවෙක්.අපි වගේම අහිංසක විදියට බ්ලොග් එක ලියන කෙනෙක්.ඒත් එයාට එක අඩුවක් තියෙනව.අපිට වගේම හොදට ඇස් පේනව.ඇවිදින්න පුළුවන්.ඒත්.. ඒත් එයාට කං ඇහෙන්නෙ නෑ.ඉලංදාරියාගේ හැබෑ නම දිලුම් දිසානායක.මේ බ්ලොග් පොස්ට් එක නිකන් ජොලියටවත්,හැමෝම මෙයා ගැන දාන නිසා වත් නෙමි.අපේ සහොදරයෙක් වගේ නිසා කරන ඉල්ලීමක්.
Subscribe to:
Posts (Atom)