Wednesday, February 2, 2011

ඉලංදාරියාට උදව්වක් වෙමු.

මේ පිංතූරය Facebook
හි Profile Picture එක කරගෙන
දිලුම්ට උදව්වක් වෙන්න!
මොකද්ද මේ පොස්ට් එක?‍කව්ද මේ ඉලංදාරියා? කියල අහයි හැමෝම
ඇත්තටම ඉලංදාරියා කියන්නෙ බ්ලොග් කරුවෙක්.අපි වගේම අහිංසක විදියට බ්ලොග් එක ලියන කෙනෙක්.ඒත් එයාට එක අඩුවක් තියෙනව.අපිට වගේම හොදට ඇස් පේනව.ඇවිදින්න පුළුවන්.ඒත්.. ඒත් එයාට කං ඇහෙන්නෙ නෑ.ඉලංදාරියාගේ හැබෑ නම දිලුම් දිසානායක.මේ බ්ලොග් පොස්ට් එක නිකන් ජොලියටවත්,හැමෝම මෙයා ගැන දාන නිසා වත් නෙමි.අපේ සහොදරයෙක් වගේ නිසා කරන ඉල්ලීමක්.



දිලුම් අයියා එයාගෙ බ්ලොග් එකෙන් තමා මේ ඉල්ලීම කලේ.මෙන්න මෙහෙම.එයා ලියපු එක බලන්න මෙතන Click කරන්න.

"මිනිස් ජිවිතය හරිම පුදුමාකාරය, විටක සතුට දොරේ ගලා යයි, විටක දුක් කරදරනිමක් නෑතිව පෑමිනෙයි.මගේ ජිවිතයෙත් මම සතුටින් කාලය ගතකල කාලයක්තිබුනා. හරිම සෑහෑල්ලුවෙන් මම ජීවිතය විදිමින් හිටියා. ඒත් කාලයා මගේ සතුටඋදුරාගෙන එවෙනුවට කදුළුවල ඝනකම මට තිලිණ කලා. අද මම මේ ලියන හෑමදේමමට සටහන් කරන්නට තිබුනේ මීට හුග කලකට කලින්. මම මේ ගෑන සටහනතබන්නට සිතු සෑම මොහොතකම එය වෑලකී ගියා.
 එත් අද මේ සියල්ල පවසා ඔබේන් උපකාරයක් බලාපොරොත්තු වන තරමටමකාලයේ අදෘශ්‍යමාන හස්තයට මම නතුවෙලා.
 යමක් කමක් තේරෙන කාලයක ඉදලා මගේ තිබුන හිනය උනේ රුපවහිනිසංස්කාරක වරයෙක් වෙන්න. මම හෙමින් හෙමින් විවිද කඩයිම් පසුකරමින් ජිවිතේඉදිරියට ගෙවාදමමින් සිටියා.ඒ අතර තුරදී මට ලංකාවෙ ප්‍රසිද්ද රෑපවාහීනිවැඩසටහන්  ආයතනයකින් මගේ සිහින රැකියාවට කැදවීමක් ලැබුණා... මම ඉතාමත්ආශාවෙන් රෑකියවෙ නිරතවෙමින් තවදුරටත් රුපවාහිනී මාධ්‍ය පිලිබදව ඉගෙනගත්තා. රුපවාහිනි අධ්‍යක්ෂනය,  නිශ්පාදනය පිලිබදවත් මට ඉගෙන්ගන්න ලෑබුනා.. ඒ වගේම රූපවාහීණී වැඩසටහන් සහාය අධ්‍යක්ෂණයටත් අවස්ථාවන් ලැබුනා.නමුත් ඒ තනතුර හොබවන්නට මට අවස්ථාව ලැබුනේ එකම එක ඒකාන්ගික ටෙලිනාට්‍යයක පමණයි.. මේ කාලයෙදි තමයි මගේ ජිවිතේ සතුටින්ම ගතකරපු කාලය,ඒත් ඒ සතුට පෑවතුනේ ඉතාම කෙටි කාලයක් පමනයි ... මේ කාලය තමයි මගේජිවිතේටකනකොකා හඩන්න පටන් ගත්තේ.. මම දෑක්ක හෑම හීනයක්ම මගේඉදිරියේදීම බොදවෙලා සේදිලා ගියා.
හිටි හැටියෙම මගේ එක කනක ශ්‍රවනය දුර්වල උනා. ඒ එක්කම ටික දවසකින් එයසම්පුර්නයෙන්ම නෑසීගියා. එවගේම අනිත් කනෙත් ශ්‍රවනය දුර්වල වෙන්න පටන්ගත්තා. පළමු කනේ ශ්‍රවනය දුර්වල වෙන්න පටන් ගත් මොහොතේ සිටම අදදක්වාම වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු උනා. නමුත් අවාසනාවට මගේ කන්දෙකේම ශ්‍රවණතත්වය පහල  යාම නතරකරගන්නට බෑරි උනා. සියල්ල මෙසේවෙද්දි මාස තුනක කාලයක් සදහා මට ශ්‍රවණාධාරකයක් බාවිතා කිරීමෙන් පිහිටක්ලබා ගත්තා. නමුත් තව තවත් මගේ කනට සම්බන්ධ ස්නයු දුර්වල වුනා. මගේඈසෙමින් තිබු එකම කනත් නෑසී ගියා(බිහිරිඋනා). මෙ සියල්ල සිදුවී දෑන් වසරඑකහමාරක ටත් වඩා කාලයක් මම බිහිරි බව විදිමින් සිටිනවා. මේකාලය තුල මමජිවිතේ දී වින්ද වේදනාව කියා නිම කරන්නට මට පුලුවන් කමක් නෑ.. . ගොඩක්වෙලාවට මගේ බ්ලොග් එකේ මම මගේ දුක කවි ලෙසින් පිට කලා.
මම කෙමෙන් කෙමෙන්න සමාජ ගතවිම අත්හරිනු ලෑබුවා. ගෙදර අය පවා යමක් මටපෑවසීමට ඈත්නම් කොලකෑලිවල ලියා දෙමින් අදටත් ..මා සමග සංනිවේදනයගොඩනෑගිමට මහත්වු ප්‍රයත්නයක් දරමින් සිටිනවා.මම ගෙවාදෑමු මුසල කාලයපුරාවටම මම මගේ යහලුවන් ගෙදර අය සහ බොහෝ දෙනා සමග අදහස් හුවමරුකලේ කොල කෑලිවල ලියමින්. වෛද්‍ය වරුන්ගේ මතය වී ඈත්තේ තවත්අනපේක්ෂිත කාලයකින් මගේ කතා කිරිමත් නෑතිවනු ඈතිබවයි.
ජාතික රොහලේ උගුර කන නාසය පිලිබද ප්‍රධාන විශේෂඥ වෛද්‍ය ශාන්ත පෙරේරායටතේ සෑත්කමක් කල අතර එයිනුත් කිසිම ප්‍රතිඵලයක් සිදුවුනේ නෑ ... නමුත් දෑන්මාහට ශ්‍රවනය නෑවත ලබා ගෑනීමටනම් කර්නශන්ඛ බද්යක් කලයුතු බව වෛද්‍යනිගමනයයි. ඒසදහා අවශ්‍ය කරන උපකරනය ගෙන්වා ගෑනීම සදහා යන වියදම වුරුපියල් ලක්ශ 30(මිලියන 3) ක්වු විශාල වියදම මටවත් මගේ පවුලේ කිසිවෙකුටවත්දෑරිය නොහෑකි මුදලක්...
මගේ නෑදයනුත් මම මෙතෙක් කල් හම්බ කල මිතුරනුත් ඔවුනට හැකි ලෙසින් උදවුකිරීමට ඉදිරිපත් වෙමින් සිටිනවා. ජනාධිපති අරමුදලෙනුත් මුදලක්බලාපොරොත්තුවෙන් සිටින අතර මා සමග මගේ ‘ඉලන්දාරියා’බ්ලොග් අඩවියසමගින් මා හා ඒකාත්මික වු වර්චවල් මිතුරන්ගෙනුත් හැකි උපකාරයක්බලාපොරොත්තුවෙන් මාගේ මේ සටහන තැබීමට සිතීමී. මා මෙවැනි සටහනක්තැබීමට කිසි දිනකත් නොසිතුවෙමි නොපැතුවෙමි. නමුත් මිනිසුන් අසරන වන්නේනොපැතූ නොසීතු අවස්ථාවන් වලදීය. මාගේ බ්ලොග් අඩවිය තුලින් මා ගොඩක්හිතෛහී මිතුරන් හදුනා ගත්තා. වර්චුවල් අවකාශයෙන් තොර අවංක බැදීම් ඇති කරගත්තා. සමහරුන් මා රෝහල් ගත වී සිටි කාලයේ මාගේ සුවදුක් විමසීමට පැමිණියා.වචනවලින් උවත් බ්ලොග් මිතුරන් මාව සෑහෙන දිරිමත් කලා. ඔවුනට අනේකවාරයක් ස්තූති. ඒ වර්වුල් මිතුරු කමවත් මට නොපැවතුනානම් මගේ ජීවිතය කිසිදුශබ්දයක් නොමැති කලු වර කාමරයක තනිවුනා හා සමානයි මට වරෙක සිතෙයි.
ඉතින් මිතුරනේ මා හා ලැබැදිව සිටි ඔබගෙන් මා මේ උපකාරයක් බලාපොරොත්තුවන වෙලාවයි. ඔබට හැකියාවක් ඇතිනම් මට මගේ ආබාධය සුව කර ගැනීමට අත්වැලක් වෙන්න ඔබට අනේක වාරයක් ස්තුතියි. මේ සමග මගේ රෝගය හා ඒසම්බන්ධ ලිපිද ඉදිරිපත් කරමි.  
                                                       ස්තුතියි!.                                             "

                                                           

 බලන්න කොච්චර දුකද කියල.අපේම සහෝදරයෙක්ට වගේ  කෙනෙක්ට මේ වගේ උනා නේ.ඇත්තටම දුකයි ඒත් කරන්න තියෙන්නෙ මේච්චරයි.




බෑංකු ගිනුම් අංක 71408612 
(ලංකා බෑංකුව මාතලේ ) මෙන්න මේ බැංකු ගිණුමට ඔබේ සහොදරත්වයේ ආධාරය එක් කරන්න.

විමසිම්
0772332071 
0718050116

දිලුම් වෙනුවෙන් අපි
Hands for Dilum
CyberFriends for Dilum (ඉලංදාරියා) Facebook Group



-විදූ-

8 comments:

  1. හොඳා.. මලයා.. ඊයේ මං කිව්ව එක ගණන් ගන්න එපා.. උඹට අදාල කරගන්නත් එපා.. :D

    ReplyDelete
  2. @චතුවා (ළමයා)මං අයියට කිව්වනෙ ඊයෙම.මම එහෙම නෑ කියල.ස්තූතියි ප්‍රතිචාරයට අයියා..

    ReplyDelete
  3. ඊයේ කීවේ මොකක්ද කියාලා හොයා ගත යුතුය......

    ReplyDelete
  4. @රත්ගමයා ‍හිටපිය තොට මම චැට් හිස්ට්‍රිය එවන්න.ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  5. ඉලන්දාරියා වෙනුවෙන් ගාල්ල ආසන්නයේ කරන ඕන වැඩකට අපිත් සෙට් වෙනවා ..... මොකක් හෝ සිද්ධ වෙයි නම් මාද දැනුවත් කරන්න...(lakshanravidu@gmail.com)

    ReplyDelete
  6. @රත්ගමයා
    නොදකින් කුප්පයා.. උඹ හිතුවද උඹ වගේ කියලා අපිත්?

    ReplyDelete
  7. @චතුවා (ළමයා) අනේ බං ඕකට කියල වැඩක් නෑ.‍ඒකට වඩා කට තාර පාරක උලා ගන්න එක හොදා.

    ReplyDelete

^උඩට යන්න