Thursday, February 10, 2011

දැක්කම කලංතෙ වගේ!


මේ මොකද යකෝ වෙලා තියෙන්නෙ? අර උඩතියෙන මාතෘකාවෙ තේරුම මොකද්ද?.
කියවලම බලන්නකො. එතකොට තේරෙයි.
විද්දට මොකෝ මේ වෙලා තියෙන්නෙ.මඥ්ඥං පරිප්පුවක් වත් කෑවද? නැත්තං වෙරි වැඩිද? 
ඔය එකක් වත් නෙමේ බොල මම අද ඉන්න මාර හැපි එකේ!
ඒ මොකෝ? 
පොඩි කාරනයක් නිසා
ආහා මොකක් හරි සෙට් කොරගෙනවත් ද?
අපෝ මුගේ තීන කැත ගතිය.යකෝ ඒ මොන මගුලක් වත් නෙමේ.මේ මැටි  පුතා ලොකු වැඩක් කෝරල අර හසිය අයිය ඇස් පේනවද බැලුව වගේ  මේකත් බලන්නකෝ. ඔය පහල තියෙන ! ලකුණ ගාව පේලිය Highlight කරල බලන්නකෝ.



අනේ යකුනේ මොනවත් නෙවේ මම Blog Post  50 ලීව!.ඒකයි මේච්චර සතුටු.හික් හිතුවෙ මොකක් කියලද? ආ? ඉති ඉතිං

ඉතිං මම ඉන්නෙ මාර හැපි එකේ.මෙච්චර කල් කරපුවයෙ Result පහල තියේ.

Best Post -
Nov 8, 2010, 8 comments
307 Pageviews
Total Page Views6,626
Total Comments
-
148 
Google Followers - 39
‍facebook networkedBlogs Followers - 20
Alexa Rank - 4,465,555


ඉතිං ට ගොඩක් සතුටුයි.ඇත්තටම කියාගන්න බැරි තරං සතුටක්. මුලදි මුලදි ටිකක් එපා උනා කට්ටිය මේක බලන්නෙ නැති නිසා.පස්සෙ පස්සෙ ගොඩක් සතුටුයි.මාත් එක්ක දිගටම ඔයාල ඉන්න කියල තමා මට කියන්න තියෙන්නෙ. ඔයාල මට ලොකු හයියක්.ඒත් ඔයාලගෙ පුතිචාර තමා මදි. එක ප්‍රතිචාරයක් හම්බුනාම තියෙන සතුට දන්නෙ ඒක ලබන කෙනාම තමයි ඉතිං. මාස 6ක් තිස්සෙ කොරපුව තමා මේ.ඉතිං මේක තමා මගේ අර්ධ ශතකය. ඉතිං ඒක වෙනුවෙන් කේක් නම් දෙන්නෙ නෑ හැබැයි පොඩි තෑග්ගක් දෙනව.අර මම මීට කලිං කියපු තෑග්ග කෝ කියල ඇහුව අයටත් ‍ සුභ ආරංචියක් 

පහල තියෙනව ඒක.ඔයාලත් බාගෙනම දාගන්නකො.එච්චර ලොකු දෙයක් නෙමේ මම ම මහංසිවෙලා හදපු Wallpapers Collection එකක්.කිසිම කොපි කිරීමක් නෑ ස්වයං නිර්මාන.අදහසත් මගේ වැඩත් මගේ.සිංහලෙං කියන්නෙ අර My Car My Patrol අන්න හරි.මේ වර්නනා කලාට ඒතරං ලස්සන නැතුව ඇති ඒත්.මට ගොඩක් වටිනව.පහල තියෙන ව බාගන්නකෝ.මං ගිහිල්ල එන්නම්.බායී ,ටේක්කෙයාර් (ටී.සී) , බුදුසරණයි! (බී.ඇස්) ,දෙවිපිහිටයි (ජී.බී.යූ), ගුඩ් නයිට් (gn8) , ස්වීට් ඩ්‍රීම්ස් (ඇස්.ඩී) , සී යූ සූන්! 



 File Size 3.41MB
..::WinRar Password::..
-keshanvidu-


--විදූ--


18 comments:

  1. එල මල්ලී. ඔහොම යං අපි ඔයත් එක්ක. ඔබට ජය!

    ReplyDelete
  2. :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
  3. @නදීශාන් අමරසේකර ඔයාට දහස් වාරයක් ස්තූතියි අයියෙ.ඔයා නිසා තමයි මම මේක පටං ගත්තෙ.එදා ඉදං අද වෙනකං ආපු මේ දුරට මම ඔයාට නයගැතියි.

    ReplyDelete
  4. @සුළඟිල්ල | pinkie අඩේ අද දවසෙ මොකෝ වෙලා තියෙන්නෙ.පිස්සුමයි නෙ මූ නටන්නෙ.කෝම උනත් තෑන්කූ වේවා බොක්ක

    ReplyDelete
  5. පින්තූර ටිකත් ලස්සනයි. :O :)

    ReplyDelete
  6. ඔන්න අපෙනුත් සුභ පැතුම් හොඳේ..

    ReplyDelete
  7. බාලම බලමු.......පට්ටා ඇතැයි සිතමි....

    ReplyDelete
  8. @රත්ගමයා ආයෙ පිස්සුවක් ඇතැ.බාගෙන කියහං කෝ විස්තරේ.ස්තූතියි ප්‍රතිචාරෙට

    ReplyDelete
  9. හොදයි ඹහොම යං . ඹබට ඡය.

    ReplyDelete
  10. එළය.ආයේ කමෙන්ට් ඉල්ලලා අඩන් නැතිව ලියාපං...

    ReplyDelete
  11. @Pirate Bunnyඋබ ඕක කියන හිංද තමයි මම තොට කමෙන්ට් කරන්න කිව්වෙ නැත්තෙ

    ReplyDelete
  12. හරි හරි ඉතිං අඩන්නේ නැතුව හිටිංකෝ, උඹට ප්‍රතිචාර ලැබෙයි බං.
    ජයවේවා කිව්වා...

    ReplyDelete
  13. දැන් නේ දැක්කේ මල්ලියේ........ කොහෙද ඉතින් කකුල් කොර වෙලා මගේ යූස් ඒජ් පැනලා.

    දිගටම ලියමු මලේ සුභම සුභ පැතුම් මල්ලියට............!!!!!

    ReplyDelete
  14. @හා පැටික්කි (MS) කොහෙද ඉතිං අක්ක බ්ලොගියවල් හරහා පනින පැනිල්ලට.ඕක නොවුනනං තමා පුදුම.තෑන්කූ වේවා අක්කේ

    ReplyDelete

^උඩට යන්න