Friday, February 11, 2011

මචං නිල් කැටේට වතුර!


හික් අදත් පිස්සු කතාවක් ලියන්න යන්නෙ අර මම ඊයෙ දුන්න තෑග්ග (අන්න ඒක තමායි) ඒක 24 දෙනෙක් බාගෙන ඔයි.බුහාහාහාහාහා.මට මාර සතුතුයි ඕයි.තනි ඇහෙං බේරෙනව කදුලු දුසිං ගනං.හික් හික් අද හිනා වෙනව වැඩිද මංද.මේ මම මොනවත් ගහලා නෑ හරි. ඉතිං ඉතිං.මම මාර හැපි එකේ ඉන්නෙ අද කියන කතාව හිනා වෙන්න දෙන එකක් . පට්ට පදිරි වෙන්න දෙන්නංකෝ.කියෝල බලල හිනා වෙන්නකෝ....

අපි මේ ළගදි ගියා....‍(කොහේද බං??)  අතරමග හෝව් හෝව් අමතක උනා අතරමග නෙමේ බං කතරගම.හික් අද වැරදෙනව වැඩියි.දැං ඉතිං කට්ටිය හිතෙනව ඇති උබ කතරගම ගියාම අපිට මොකෝ කියල.මේකනෙ සීන් එක ...
ඔය ඔය පහල තියෙනව...

අපි කතරගම ගියේ අපේ පව්ලෙ කට්ටියත් එක්ක. අපි හිටිය කොල්ලෝ 5ක් විතර (විතර කිව්වෙ මම කොලු භාගයක්නෙ තාම) ඉතිං අපි මෙහෙන් ගියේ උදේ.එදි නිදහස් දවසනෙ (කියන්න අමතක උනා ගියේ පෙබරවාරි 04 )  ඉතිං අපේ ප්‍රතම පුරවැසිය (මතක් කොරන්න එපා එකව කියන්න නං එපා.) ඇවිල්ල යන්න ඔන්න මෙන්.ගියා විතරයි.ඉතිං එදා ෆන් එකටත් එක්ක නවතින තැනට යන්න ඉස්සෙල්ල අපි 3දෙනෙක් වැවකින් නාගෙන ගියේ.අනිත් ඩබල වෑන් එකේ හිටිය.නවතින තැනින්ම නානනව කියල..

ඔන්න ඉතිං නවාතැන් ගන්න තැනට ගියා කියමුකෝ.හික් එතනට යන්න ඉස්සෙල්ල අපි තැන් 50කට වඩා හොයන්න ඇති .සමහර ඒවයේ හිටියෙ පොලීසියෙ අය , ත්‍රිවිද හමුදාවෙ අය. හැමතැනම ඒකට්ටියට දීල.

ඉතිං අන්නතිම ලස්සන වෙල් යායක් තියෙන තැනක හිටියෙ.හික් ඒව පේන්නෙ කොහෙද යනකොට රෑ 7.30 යි ද කොහෙද.ඔන්න ඉතිං අර පස්සෙ නානව කියපු කට්ටිය කාගෙන් හරි හොයාගෙන ගිහිල්ල පැය 2ක් විතර නාල මෙන්න බොලේ එනව.ගියේ ටෝච් එකක් වත් නැතුවනේ.මෙන්න මු ඇවිල් අපිට කියනව "මචං නිල් කැටේට වතුර තියෙනව " කියල අපිත් ඉතිං හා හා කියල හිටිය

පස්සෙ උදේ නැගිටල අපි ඉතිං අරුං අර කියපු ස්තානය හොයං ගියා ඒ ඩබල එක්කම.හික් හික් හික් මට හිනාකාල මැරෙන්න හිතුන . මල මගුලයි මුන් නාල තියෙන්නෙ ගොඩක් වතුර තීන වෙලක.මුං මඩ නාල හොදටම.

කතාවට හිනා යන්න නං නැතුව ඇති නේ? කමක් නෑ.කොහොමද කියල කියල යන්නකෝ.මම අදට ගියා.බායි!

--විදූ--

14 comments:

  1. එල ලිපියක් මල්ලී

    ReplyDelete
  2. @නදීශාන් අමරසේකර හික් අයිය එතන එවෙලෙ හිටියනං පිස්සු හැදෙනව.ස්තූතියි කමෙන්ට් එකට

    ReplyDelete
  3. මල්ලි.. ඔයාදන්නවද වතුර නිල් පාට වෙන්නෙ කොහොමද කිය? වතුර නිශ්චලව තියෙන වෙලාවට සවිධි ප්‍රාවර්තනය වෙනව. ඒතකොට අහසෙ තියෙන නිලපාට වතුරෙන් පේනව. (දැන් අහන්න එපා අහස නිල්පාට ඇයි කියල) ඒත් මල්ලි මම දන්න විදියටනම් රෑ 7.30 ට විතර අහස නිල්පාට නෑනෙ. එහෙම තියෙද්දි කොහොමෙයි නිල්කැටේට වතුර දැක්කෙ..??? o.O

    ReplyDelete
  4. මරු මරු වැඩේ හෙදට කරගෙන යන්න ඹබට ඡය පතම්.

    ReplyDelete
  5. @සුළඟිල්ල | pinkie හික් හික් ඒක තමයි බොල උං දෙන්න අපිට කීවෙ එහෙමනෙ.මං හිතන්නෙ උන් දෙන්න අන්තිමට දැනං ඉදල වෙන්නැති නෑවෙ මඩේ කියල

    ReplyDelete
  6. @Hasantha සාදරයෙන් පිලිගන්නව මගේ බ්ලොගියට.ස්තූතියි කමෙන්ටුවට

    ReplyDelete
  7. හික්ස්...අඩේ..අපේ එකෙකුත් ඉදියා..මූ ඉදියේ බෙලිඅත්තේ..අපිවත් එක්කගෙන ගියා මචන් නිල් කැටේට වතුර කියලා..ග්‍රි මඩ වලක්..මූ බැහැලා නානවා කිසි ගානක් නෑ..එහා පැත්තේ මී හරිකුත් නාවනවා..ඒ අස්සේ මූ කියනවා..වරෙන් මචන් ශෝක් වතුර ටික කියලා..මුගේ.....කියලා අපිත් ආවා..
    ඉකේයියා...මම උඹේ වෝල් පේපර් සෙට් එක 24 පාරක් බෑවා මචන්..ඒක මට ඊයේ කියන්න බැරි උනා....හික්ස්...හූ.......

    ReplyDelete
  8. @රත්ගමයා හික් තොවගේම කුප්පයෙක් වෙන්නැති ඌත්.හික් ඇත්තටෙයි.හොදා හොදා.හේම හරි යාළුවෙක් ඉන්න එක ගැන සතුටුයි.ඉකේයියා....

    ReplyDelete
  9. හිහ්... නාන්න එපැයි මලයත් ඒකෙම.. නිල්කැටේට වතුරනේ..

    මේ මට මාර ප්‍රශ්නයක්.. උඹ කෝමද කොලු බාගයක් වෙන්නේ? :P

    ReplyDelete
  10. @චතුවා (ළමයා) අපිත් ඉස්සෙල්ල නෑවට අයෙ නාන්න හැදුවෙ ඒත් අර නාපු උං දෙන්නගෙ කින්ඩි හිනාව දැකල මම කිව්ව ඕනෙ නෑ කියල.නැත්තං අපි 3 දෙනාටත් මඩ නාන්න වෙනව.කොමෙයි මලයගෙ සූටි ටිකිරි මොලේ.

    අලේ මන්දන්නෙත් නෑ බං ඒක

    ReplyDelete
  11. මචං යාලූවන්ට මඩ ගහන්න හොඳ නෑ... දිඨ්ටදම්ම වේදනීය විදියට පඩිසන් දෙනවා..

    ReplyDelete
  12. @prasanna86k හැක්ස්..මම මඩ ගැහුවෙ නෑ නේ බං.උං මඩ නෑවනේ..

    ReplyDelete

^උඩට යන්න