Saturday, February 12, 2011

කෙළිමඩලේ දී මට උන ඇබැද්දිය


අද නං කියන්නෙ හිනා යන කතාවක් නෙමේ...ටිකක් දුක හිතෙයි ඒත් ඉතිං හොද යාළුවො නං සතුටු වෙයි (බුදුබනේ තියෙන විදියට කීවොත් ඉතිං අපායසහයක මිත්‍රයො.) හහමම්ම්ම් ඊට ඉස්සෙල්ල විශ් කරන්න කෙනෙක් ඉන්නවනෙ.මට දැනගන්න ලැබුන අද අපේ නිරහංකාර අහිංසකාවි ගේ ඉපදුන ඩේ එකලු (අර සිංහලෙං Birth Day කියන්නෙ! අන්න ඒක).ඉතිං එයිට සුභ මෙව්ව එකක් ම වේවා. (අනිත් කට්ටිය තරහවෙන්න එපා.මෙයාගෙ බර්ත් ඩේ එකට විතරක් විෂ් කරා කියල.උපං දින දැනගත්තොත් අනිව විෂ් කරනව.දැනගත්තෙ නැත්තං  ඉතිං පොඩ්ඩක් මතක් කොරන්නකො...)

අනේ මංද මේ මොකෝ උනේ....????
ඔන්න දැං කතාව..දන්නවනෙ මගේ කතාවල ඉතිං දුෂ්ටයෙක් නෑ,පෙම්වතියක් නෑ,පෙම්වතෙකුත් නෑ.මිතුරො විතරයි.මිතුරියොත් අඩුයි.අඩුයි කියන්නෙ ඇත්තෙම නැති තරං.



මේක උනේ මම 9 වසරෙ ඉන්න කාලෙ ඒ කියන්නෙ ක්‍රි.පූ.2009.(හුටා කෙලිය නේද තාප්පෙට! යකෝ ක්‍රි.පූ නේමේ.ක්‍රි.ව.ආං හරි)  වසරේ අන්තිම වගේ මගේ ටිකිරි මොලේ මතකෙ හැටියට 2009/10/26.... වසර අවසාන වාර විභාගෙටත් ලගයි.ඉතිං  මම එදා ස්කොලෙ ගිහිං ගෙදර ඇවිල්ල ඉතිං.කෑව ගියා.....(ගියේ කොහේටද? මොකටද?) ආ කියන්න මතක නැති වුනානේ.මම ගියේ සෙල්ලං කරන්න නේ.යන්නෙ පිට්ටනියට.පිට්ටනියට ඉතිං අපේ ගෙදර ඉදං  කිලොමීටර් 3ක් විතර තියේ. ඉතිං මගේ රොද දෙකේ කන්තකය පිටේ නැග්ග ( වර්ඩ්ස් කෑල්ල කොපි කලේ රංමසු අයිය .හික් ගොල්ඩ් Fish ලොක්කගෙන් ) නැගල ඉතිං යන්න තියෙන්නෙ මාර ඝන කටුපොල් වනාන්තරේකිං.යනකොට සිංදුවක් හේම කිය කිය යන්න අමතක කරන්න බෑනේ.ලස්සන ගැනු ළමයෙක් දැක්ම ඉතිං (ටෝක් කරනව?? අපෝ නෑ) බිම බලාගෙන මම මගේ පාඩුවෙ කන්තකයව දක්කනව (හික් ඉතිං ඒව මොකට කියනවද.අම්ම එක්ක යනකොටත් කෙල්ලොන්ට කියන ඒවයෙ හැටියට. කාඩ් කුඩු නේ :O).ඔන්න ඉතිං අපේ මහා කෙලි බිමට සැට් උනා.... හහම්ම්ම්ම්ම්ම්ම් එතකොට නං හැමොම වගේ ඇවිල්ල. ගෙදරින් නං අවේ 3.30ට විතර.එනකොට 3.45 විතර වෙලා (කෝමද මගේ පෑගිල්ල.පිස්සු හැදෙයි නේ??).අපි ඉතිං මොකෝ ගිය ගමං  නටන එවුන් නෙමේ නේ.පොඩි පොඩි ආගිය කතා ටිකක් (ඕප දූප) එහෙම කතා කාරල 4.15ට වගේ සෙල්ලං කරන්න ගියා.ඔන්න එකෙක් ඉරි  අල්ලන්න ගියා.අපි ඉතිං 21ක් වෙනි සියවසේ මිනිස්සුනේ.ඉන්න ගානට (සමහර වෙලාවට වැඩිය එකක් අඩුවට) ඉරි අල්ලනව. ඉරි  ටික පොලවේ ඇදල නොම්බර  ටික මාරු කරල කාගෙ හරි Mobile Phone එකක කොටනව (උදා - 35142).පස්සෙ ඉරි ටික අල්ලල.එක කොනක ඉදං කියනව තමන්ගෙ අංකෙ.

ඔන්න දැං තමා හොදම හරිය...... ඔන්න පළවෙනියට ප්‍රහාර එල්ල කිරීමට ඉතිං හොද බැටෙක්ට හම්බුනෙ.වෙන කව්ද ඉතිං ඒ මම තමා.බැටාගෙ හොද වැඩිකමද කොහෙද පළවෙනි බොලෙන්ම මෑන් Out.ඔන්න ටික වෙලාවත් ගියා දෙවනි එකත් කාලකන්නිය වගේ ලකුණු  20ක් ද කොහේ දො ගහල මම ගත්තු කැච් එකකින්  Out මු ඉතිං මට හොදට පිං දිදී  බෝල් රකින්න ආව. දැං ඉතිං අර කැච් එක ගත්තු කික්එකට අයෙ කැච් එකක් එනකං ඉන්නව ඉවසිලි නැතුව......
"ඔව් මෙන්න  තුන්වන  පිතිකරු වෙත ලිද ළග සිට පන්දුව දැමීමට ජෙමා දුවගෙන එනවා..ඔව් මෙන්න පංදුව පිතිකරුවා වෙත එල්ල කරා..... පිතිකරුවාගෙන් දැවැන්ත පහරක්... ඉහල අහසේ පන්දුව පාවෙවී බිමට පතිත වෙනවා...... එක බෝලයක්... ක්‍රීඩකයින් හතරක්...අහස දිහා බාලාගෙන මෙන් දැං බොලේ ඇල්ලීමට ක්‍රීඩකයින් දෙන්නෙක් ලං වෙනාව....... දඩෝං" 


මහා හයියෙන් මොකද්ද වැදුනා.... අවසනාවක මහත! අර බොලෙ අල්ලන්න ආපු දෙන්නෙක් එකට හැප්පිලා.එයින් කෙනෙක්ට බොහොම අමාරුයි.කව්ද ඒ.වෙන කව්රුත් නෙමේ බොලව් ඒ මම.... මට තත්පර 30ක් විතර සිහිය නැතුව හිටිය වගේ මතකයි...පස්සෙ නැගිටින්න හැදුව ඒත් බෑ.ඇවිදගන්න බෑ.ඊට පස්සෙ මිනිස්සු ටිකක් ඇවිල්ල මට උදව් කලා.... මොනවදෝ බාම් එකක් ගෑව.කකුල ඇද්ද. ඒත් බෑ.පස්සෙ එක අයිය කෙනෙක් පිට්ටනියේ පාර කෙලවරටම මාව උස්සන් ආව.... අපි එක්ක එදා සෙල්ලං කරන්න ආපු අයිය කෙනෙක්ගෙම  මොටර්සයිකලේන් ගෙදර ආව.... පස්සෙ මම වෙදමහත්තයෙක් ගාවටත් එක්කං ගියා... මාසයක් විතර ඇදේ.... එපා උනා... අන්තිමට මට ඇවිදින හැටිත් මතක නෑ...


කතාව නං ටිකක් දිග වැඩියි වගේ නේ.... බලන්නත් එපා වෙනව ඇති නේ.... ඔය එක දවසක් විතරයි අපේ සෙල්ලම් පිටියෙ..තව කතා ගොඩක් තියේ..පුළුවන් විදියට දාන්නම් කෝ....මම දැං යනව ආ... කියන්න අමතක උනා මම අදේ හිටියෙ මගේ දණහිසේ ඇටේ බිදිල....ඒකයි....

මම ගිහිං එන්නං කෝ.....

--විදූ--

12 comments:

  1. @ගාමින්ද ලස්සන සමීකරණයක්... ඒත් මට මේව පෙන්නන්න් බෑ බං...

    ReplyDelete
  2. මට දුක හිතුනේ නෑ නේ....ඒ මොක්ද දන්නේ නෑ....

    ReplyDelete
  3. @රත්ගමයා උබ ඉතිං මගේ ලාළුවනේ ඒකයි.... කුප්පයා....ඉකේයියා....

    ReplyDelete
  4. එදා ඒ ඔළුව වැදුන ඉෆෙක්ට් එක තමා තාම උඹට තියෙන්නේ :D

    ReplyDelete
  5. හික්ස්. උඹටත් වෙන වැඩ... අර පූසා කිව්වා හරි වගේ.. :D

    ReplyDelete
  6. @චතුවා (ළමයා) අඩේ ඒකනෙ බං..මම පව් නේ බං... අනේ බොල....තෝත් දැං පූසයි පැත්තෙ නේ..හිටහං....

    ReplyDelete
  7. මීට පස්සෙ අර මහෝෂධ පඬි තුමා වගේ හෙවනැල්ල දිහා බලාගෙන දුවන්න.

    ReplyDelete
  8. @පිණිබිඳු... අනේ ඉතිං මේ පොඩි එකාට ඕව තෙරෙන්නෙ නෑ නේ....

    ReplyDelete
  9. බලන්ට සෙල්ලම ලෙල්ලම වෙන හෑටි නේද?

    ReplyDelete

^උඩට යන්න