Wednesday, February 16, 2011

බොම් බොම් එක පිට එක...යං යං මරු තුරුලට

ආ යළුවනේ..... කොමද ජීවිතේ... එල ඇතැයි සිතමි... ඊයෙ අපේ Sports meet එක. ආවෙ 9ට විතර තමා ගෙදර.හික් දැං කකුල් කඩිත්තුව.ඇයි ඉතිං පැය 7ක් විතර එක දිගට හිටගෙන.බස්එකේදීත් තව පැය 2ක් හිටගෙන ආවෙ..මට ඉතිං මළ... ආපු ගමං ඇදට වැටුන අද උදේ 9 වෙනකං දොයි...අපො මේ මොනාද මං කියවන්නෙ.. හික් මේක නෙමේනෙ කියන්න ආවෙ ඕං හේනං කතාව..

(උගුරපාදමින්) අද මම  ආවෙ අපේ දුම් දුම් බොන කස්ටියට පොඩි උපදෙසක් දීල යන්න.මම නං ඔය විද්‍යව ගැන වැඩි දන්නෙ නෑ..මේ දැං මම බුකිය සැරිසරනකොට පොඩි පිංතූරයක් දැක්ක.. ඒක දැකල තමා හිතුනෙ මේක දාන්න..



.
ඔය පිටරටනං සීතලට හේම තමා දුම පානය කොරන්නෙ..සීතලයි කියල තේ කෝප්පයක් බීව නං අහවරයිනෙ ඒගොල්ලොත්.නැද්ද බං?? අනිව අනිව... ඒ පිටරට. දැං ලංකාවෙ.යකෝ ලංකාවෙ උං මේව මොන මගුලකට බොනවද මංද.අනේ මංද... මම දන්නෑ ඕව.. උය දුම් බොන එක මහ වැඩකට නැති එකක් කියල තමා මම නං හිතන්නෙ.කොම උනත් තමන්ගෙ සෞඛ්‍යයටම කෙලව ගන්න එක තමා බොන උං කරන්නෙ... කමක් නෑ ඉතිං.තමන්ගෙ සෞඛ්‍යයට විතරක් නං ඒත් දුම් බොන කෙනෙක් ගාව ඉන්න කෙනෙක්ට උනත් ඒ දුම ආග්‍රහනය වීමෙන් ඔය දේම වෙන්න පුළුන්.ඒක නිසා මම කියන්නෙ දුම් බොන කට්ටිය ඒක නවත්තන්න.නොබොන කස්ටිය බොන කට්ටිය ගාව ඉන්නත් එපා.එයාල බොන එක නවත්තන්නපු
ළුන්නම් ඒක කරන්න. එච්චරයි.. මේව නං ඉතිං හැමෝම දන්න ඒවනෙ.. නේද?? කමක් නෑ මම දන්න ටික ඕං කිව්ව පහල තීන Video 1යි පිංතූරෙයි බැලුවම කට්ටියට තේරෙයි රගේ...


පේන්නෙ නැත්තං රූපය උඩ Click කරන්න




Full Video 1ක් නං හොයා ගන්න බැරි උනා. මේක තමයි හොයා ගත්තෙ.බලන්නකෝ...


--විදූ--





10 comments:

  1. වැදගත් ලිපියක් මචං... මටනම් අදාල නෑ.. අදාල අය දෙතුන් පාරක් කියෙව්වනම් තමා හොඳ...

    ReplyDelete
  2. @prasanna86k හික් හික් ස්තූතියි බං.. ආදල නෙවුනට උබ බොන උංට නොබී ඉන්න කියන එක යුතුකමක්..

    ReplyDelete
  3. මේක හොද ලිපියක්.සිගරට් බොන අයට අර වීඩියෝ එක මැක්සා.සුභ පතනවා තව හොද පෝස්ට් දාන්න.

    ReplyDelete
  4. හි හි.. ශෝක් ආ...! උබ ඉතින් දන්නවනෙ මම සුරාවෙන් සූදුවෙන් තොරයි කියල.. හික් හික්..

    ReplyDelete
  5. කිතුලට ගිය මිනිහටත් කියන්න දෙයක් තිබුනලුනේ මලේ..... දුම් බොන අයටත් හේතු ඕනි තරම්. මත් පැන් බොන අයට වගේම.

    දුම්බොන අය මෙව්වා බලලා හිතා ගනී මොනව හරි එච්චරයි. :@

    ReplyDelete
  6. @සුළඟිල්ල | pinkie ස්තූතියි සහෝ.. අපොයි ඔව් දන්නව දන්නව

    ReplyDelete
  7. @හා පැටික්කි (MS) ඔව් අක්කෙ මොනව කරන්නද.. හැදෙන්නෙ නැති එකා කොවෙ දාල මැකුවත් හැදෙන්නෙ නෑ..ස්තූතියි ප්‍රතිචාරයට

    ReplyDelete

^උඩට යන්න