Thursday, February 17, 2011

අපි වතුර ටිකක් බොන්න ආවෙ සර්...

ආහ් සෙට් එක.... කොමද ජීවිතේ හේම??? හොදයි නේ???
මම නං ඉතිං ඉන්නව...
මේ මේ ඒක නෙමේ අද මම කියන්න ආවෙ.. අපි කරපු මහ ජාතික වැඩක් හව් වෙච්ච එකක් ගැන.. ඔයාලත් බලාගන්නකෝ...

මේක උනේ අපේ ස්කොලෙ ස්පොර්ට් මීට් එකට පුරුදු කරන දවස් වල...ඔය කව්රුත් දන්නවනේ ඔය විශේෂෘංග වල තියෙන්නෙ 10,11 උන්ටම කියාපු වැඩේ අර(කට්ටි පැනීම.. නෑ නෑ බං) මාච් එක.. ඔන්න ඕකට පුරුදු කරනව.. අපේ ස්කොලෙ තියෙන නිවාස 3 තමයි විජය ගැමුණු පැරකුම් ඔය තුනේම උන් අපි එක්ක සැට් උනා... දැං ඉතිං පුරුදු කරන වෙලාවෙ තව උං ටිකක් පස්සෙන් එනව ආවෙ නැති කස්ටිය ඇදං යන්න... හික් අපි යයි ඕවට ... අපේ ස්කොලෙ තියෙන්නෙ ගාළු කොටුවෙනේ...ඉතිං ඒක ඇතුලෙම තමා පුරුදු කරන්නෙ.. අපි ඉතිං එතනින් පැනල ගියා.. දැං අපි එක්ක ඉන්නව 8ක් 10ක් විතර... මුළු කොටුව පුරාම ඇවිද්දා.. ඇවිදල කඩ කීපයකටත් ගියා අර VOC කාසි විකුනන්න තියෙනව.. අන්න ඒව ගන්නවද කියල අහන්න.. අපේ එකෙක් ගාව තියෙන නිසා ගියා කඩවල් 2කට.... එච්චරයි... අපි ඇවිද අවිද ගියා.. යනකොට මෙන්න
තව අපේ පංති වල උං සැට් එකක් 6ක් විතර.. උනුතු පැනල... ඒත් මැන්ස්ලා එක්ක අපි ගියේ නෑ.. අපේ සෙට් එකේ හිටිය උංගෙං වැඩි හරියක් ඉන්නව බුකියෙත්...  හික්ස් ඒව ගැන තමා කාතා කොර කොර ගියේ...


ඔහොම ගිහිල්ල අපි උසාවිය ගාවට ආව. එතනින් වමට හැරිල ගියා අයෙත් අපි පුරුදු කරන තැනට කි.මී භාගයක් විතර ඉස්සරහට වැටෙන පාරෙන් ගියා... අෆ්ෆේ ඒ දවස්වල සුද්දෝ වැහි වැහැල... අපිත් ඉතිං කඩ්ඩෙන් දෙතුන් දෙනෙක්ට කෙටුව.. තව එකෙකේට කොට කොට ඉන්න වෙලාවෙ මෙන්න කාර් එකක් ඇවිල්ල අපේ ගාවම නැවැත්තුව... මෙන්න යකෝ බැස්සනෙ අපේ සෑර්ල ඩබලක්.. (මලා නේද?) දැං ඉතිං සැට් එකම පොලිම ගැස්සුව එතනම...ඔන්න සර් අහනව ,


තමුසෙලව ස්කොලෙන් එව්වෙ මොකටද? 

(සැට් එකම මීයට පිබල වගේ)


දැං මෙතනින් කව්ද කඩවල් ගානෙ ගියේ?


(ඒත් අර ඉෆෙක්ට් එකමයි...)


(මුනු ලගට ලං වී) මොකටද තමුසෙල මෙහේ ආවෙ?


(ඔක්කොම එකවිට) අපි වතුර ටිකක් බොන්න ආ‍වෙ සර්...


(අනිත් සර්) මෙතන ඉන්නෙ මොන නිවාසෙ අයද? 

සර් හැම නිවාසෙකම කට්ටිය

යකෝ මෙතන ෆ්ලැටුන් එකක් හදන්න උං ඉන්නව නේ...


(ඉන්න ගාන ගනං කරමින්) ආහ්.. දැං ඔක්කොම යනව Office එක ඉස්සරහට.






ඔන්න ඉතිං කස්ටියම යනව පාසැල බලා.. එකෙක් නිසා මේ ඔක්කොම උනා කියල... ඉතිං උගේ අම්මටත් හොදටම පිං දිදී.. යනකොට මෙන්න යකෝ.. අර මම කියපු අනිත් සැට් එකත් අහුවෙලා.. ඒත් අපි නං ගියේ නෑ උං එක්ක.අපි ෆන් එකෙ ගිහිං හිටගත්ත කාර්යාලෙ ඉස්සරහිං... ඔන්න ආව සර්..

(සර් පාට් 2-ආයිමත් ඉන්න ගාන ගනං කරමින්) 15යි මචං.මොකද්ද මුන්ට දෙන දඩුවම?


(සර් පාටි 1) මෙතන මාච් එක කරවමු....




ඔන්න ඉතිං අපිට විනාඩි 5ක විතර මාච් එකක් කරවල පංති වලට යැව්ව.. මෙන්න මේව තමයි අපේ ක්‍රීඩා උත්සවේ කාලෙ කලේ....

හික් හිනා යන්නෙ නැතුව ඇති.. මට ඉතිං ලස්සනට ලියන්න බෑ නේ.. ඒකට සමා වෙන්න...

ඕං මං ගියා....  අන්ත්‍රස්දාං..... 


--විදූ-- 

22 comments:

  1. හප්පේ මාච් එකනම් එපාම වෙනවා..

    ReplyDelete
  2. @හසී හික් ඒ උනාට අපේ මාච් එක තමයි හොදම එක..

    ReplyDelete
  3. ඔය ගුරා ගැන නේද බං කිව්වෙ?

    ReplyDelete
  4. @G.K.D ඔව් ඔව් බං ගුරායි.. යටවරයයි...

    ReplyDelete
  5. මරු වැඩතමා...

    ReplyDelete
  6. දෙයියනේ කියලා අපිට කට්ටි පණින්න වුන්නැ. අපි ඔව්වයින් ආරස්සාවයි කිව්වලු.

    මාච් එකට කට්ටිය හොයන්න නම් මාර අමාරුයි. වෙන එකක් තියා ළමයි ග්රවුන්ඩ් එකට දාලා පන්ති ලොක් කරත් ළමයි 25ක් හොයා ගන්න නැ එක හවුස් එකකින්වත්. අද ඉන්න අය හෙට නැ. හෙට ඉන්න අය අනිද්දා නැ. කියලා වැඩක් නැ. හිනා කාලා මැරෙනවා.

    ReplyDelete
  7. @හා පැටික්කි (MS) අපෝ අක්කෙ අපි කට්ටි නෙමේ පනින්නෙ මාච් එකෙන්....

    ආ ආ ඔය කියවෙන්නෙ කට්ටිය කොරපුව. හික්ස්.. කොහොම කරත් අන්තිම දවසට සුපිරියට අපේ හවුසු එකේ මාච් එක නං කරනව

    ReplyDelete
  8. That's what I want to know what are you doing within school times. loitering is a very bad habit.

    ReplyDelete
  9. මාච් පාස් ගැන කතා කරන්න එපා... මාත් ක්‍රීඩා නායක වෙලා ඉද්දී කෙල්ලොත් එක්ක මාච් පාස් කලිනේ...

    ReplyDelete
  10. අපෝ ස්පොර්ට් මීට් කාලෙ සුදු එවුන් කලු වෙනව කලු එවුන් දම් වෙනවා.

    ReplyDelete
  11. @පිණිබිඳු... හ්හ්හ්ම්ම්ම්ම්ම් හ්හ්හ්හ්ම්ම්ම්ම්ම.ඇත්ත කතාව... ස්තූතියි ප්‍රතිචාරයට අක්කා

    ReplyDelete
  12. මලේ උඹ මූනු පොතෙං දැකල තමයි මේ පැත්තෙ ආවෙ. ෆං කඳු පහයි මලයො වැඩ ටික . . .
    මාච් එක නං මතක් කරන්නවත් එපා . . . . ඒකාලෙ මම හෙනම තුනී කොල්ල . . . සීරුවෙං හිටියාම කකුල් දෙක මැද්දෙං අං තියන ගෝනෙකුට පනින්න පුලුවං මට්ටං. බයිට කාලම එපා වෙනව . . .

    ReplyDelete
  13. :O උඹනම් මාර යකෙක්

    ReplyDelete
  14. @ගාමින්දහික් කොලු කමටනෙ මචෝ ගනං ගන්න එපා.........

    ReplyDelete
  15. Eka story ekak e thumbs up kolla :D

    ReplyDelete

^උඩට යන්න