Wednesday, February 9, 2011

නොකියම බැරි Nokia විස්තරේ.


ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ඉලෙක්ට්‍රොනික උපකරණය මොකක්ද 
කියල ඔබෙන් ඇසුවොත් ජංගම දුරකථනය ඔබේ පිළිතුර වේවි.
අද ලාංකීය සමාජයේ ජංගම දුරකථනය හුදෙක් සන්නිවේදන උපකරණයකට වඩා
සමාජයේ පුද්ගලයට හිමි තැන කියාපාන මිම්මක් වී අවසානයි. 

ඉතින් මේ කියන්න යන්නේ ලෝකෙ තියන දැවැන්තම දුරකථන නිෂ්පාදන 
සමාගමක් ගැන ඒ තමයි Nokia දුරකතන සමාගම......


මේ සමාගම සන්නිවේදන අංශයේ සෑම සේවාවක්ම සපයනවා 
ෆින්ලන්තයේ දෙවනියට විශාලතම නගරය වන එස්පෝ හි මුලස්ථානය පිහිට තියනවා 
පහතින් දිස්වෙන්නේ එයයි 






මෙය මව් සමාගම වශයෙන් සලකා බැලුවිට අනෙක් අංශ රාශයක් ඔස්සේ සමුහ ව්‍යාපාරය විහිදී ගොස් තිබෙනවා 





Siemens සමාගම සමග එක්වී පටන්ගත්ත මේක වර්තමානය වනවිට ලෝකයේ රටවල් 150 ක්‍රියාත්මක වනවා 
සන්නිවේදන උපකරණ නිපදවන්නන් අතර ඉදිරියෙන්ම සිටින මෙය සේවකයන් 64,000 කගේ එකමුතුවෙන් 
බිලියනයකට අධික පාරිභෝගිකයින් ප්‍රමාණයකට සේවා සපයනවා 













මේක ලෝකයේ වටිනාකමින් ඉහලම ජංගම දුරකථන නිපදවන සමාගමක් 
Signature Cobra නමින් හදුන්වන දුරකතනයක මිල $310,000 පමණ වෙනවා 
ධනවතුන්ට පමණක් සේවා සපයන මෙය ගැනුම් කරුවන් ප්‍රමාණයට අනුව 
නිපද වීම් කරනවා .
එංගලන්තයේ පිහිටා ඇති කර්මාන්තශාලාවේ නිපදවෙන මෙම නිපැයුම් පැරිසිය සිංගප්පුරුව වැනි 
රටවල් කිහිපයක ඇති වෙළදසැල් වල විකිණීමට තිබෙනවා 

මෙම දුරකථන වල ඉතා විශේෂ අංගයක් අඩංගු වෙනවා 
"Vertu Concierge" නමින් හැදින් වෙන මෙය ක්‍රියාත්මක කිරීමට වෙනම key එකක් තියනවා 
එමගින් ඔබට ලෝකයේ කොහේ සිටියත් lifestyle manager සමග සම්බන්ද වෙන්නට පුළුවන් 
විනෝද සවාරි සංවිධානය සිට gourmet dining සේවා දක්වා ඔබට ලබා ගන්නට පුළුවන් 












මේකට්ටිය ලෝකයේ භූගෝලීය සිතියම් නිර්මාණයේ සිට 
Chrysler, Mercedes-Benz වැනි දියුණු රථ වාහන වල ඇති සදහා සිතියම් ලබාදෙනවා 
GPS (Global Positioning System ) ජංගම උපකරණ නිපදවන්නන් වන සමාගම් වලට හා Yahoo! Maps, Bing Maps , MapQuest යන සියලු දෙනා 
මෙහි සේවා ලබා ගන්නවා ඒ වගේම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවන ලද 
Flight Simulator X පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය දත්ත ලබා ගෙන තිබෙන්නේ මොවුන්ගෙන්. 




දැන් අපි මේ සමාගම ගැන කරුණු ටිකක් දැනගත්තානේ.
එත් අපි හැමෝම දන්නා කියන ෆෝන් එකනේ NOKIA 
ඔන්න ඉතින් මම ෆෝන් හදන හැටිත් ඔය ගොල්ලන්ට පොඩ්ඩක් විස්තර කරන්න හිතුව



මෙක්සිකෝවේ ,හංගේරියාවේ සහ චිනේ පිහිටි දැවැන්ත කර්මාන්තශාලා මගින් දිනකට දුරකථන 900,000
වැඩි ප්‍රමාණයක් නිපදවන බව ඔබ දන්නවද ? 
සමාගම සිය නිපැයුම් කාර්ය සදහා වෙනත් කිසිදු සමාගමක් සම්බන්ද කර ගන්නේ නැහැ 
අමු ද්‍රව්‍ය එකලස් කිරීමේ සිට අවසානයේ නිපැයුම බහාලන වල ඇසිරීම දක්වා සියල්ල සිදු කරන්නේ ඔවුන් විසින්මයි 
මෙය ඔවුන්ගේ ලාභය වැඩි වීමට හේතුවක් වී තිබෙනවා 
සාමාන්‍ය දුරකතනයක් නිපදවීමට $87 ගතවෙන අතර එය $129 ලෙස මිල නියම කරනවා එවිට 
33% ලාභයක් ලබනවා .




පහතින් දැක්වෙන්නේ ෆින්ලන්තයේ NOKIA PHONE එකක් නිපද වෙන හැටි 






දිනකට අමුද්‍රව්‍ය මිලියන ගණනක් මෙම ස්ථානයට ගෙන එනවා 
ඒවා නිසිපරිදි ගබඩා කරන අතර පළමු පියවරේදී අවශ්‍ය අමුද්‍රව්‍ය 
නියමිත් අංශයට ගෙනයනවා 







ඉතා සියුම් උපාංග ප්ලාස්ටික් අසුරන වල හෝ reels of tape වල අසුරා තිබෙනවා 






මෙහිදී Printed Circuit Board එක ඉපදවෙන අතර ඊයම් මිශ්‍රණයක් නියමිත ආකාරයට එයට ස්ථාන ගත වෙනවා 







මම ඔයගොල්ලන්ට මුලින් කියපු Reels මෙහිදී වලට spindles ඇතුල් කරනවා 
ඒවා මැෂිම ආධාරයෙන් printed circuit board එකේ නියමිත ස්ථාන වලට උපකරණ සවිකරනවා 







මේ විදිහට දුරකතනයේ Circuit board එකට සියුම් අංග එකතු වෙනවා 
ඉන් පසු විනාඩි 7 oven එකක් තුලට යොමු කර කලින් තබන ලද ඊයම් 
පාස්සනු ලබනවා 





පළමු තත්ත්ව පරික්ෂාව සිදුකරන අතර මුලික 
උපාංග එක වීමෙන් පසු "flash and alignment" අංශයට පැමිණ ප්‍රථමික මෘදුකාංග 
එක්වෙනවා 





මෙහිදී චිප වල low-level settings සකස් වී පරීක්ෂණ රැසක් සිදුකර 
අවශ්‍ය විදුලි සැපයුම සකසා සියල්ල නිවැරදිද යන්න බැලෙනවා 






මෙහිදී කැමරා හා දර්ශන තිර සවි කිරීම මිනිස් 
ශ්‍රමයෙන් සිදුවෙනවා 






සැකිල්ල සවිකරන අතර පසුව පිටත ආවරණද 
සවිකරනු ලබනවා 





වැදගත් අවස්ථාවක් වන මෙහිදී දුරකතනට 
IMEI අංකය ලබාදෙන අතර බැටරිය සවි කිරීමද සිදු කරනවා 





මෙහිදී සිදු වෙන්නේ ඉතා සියුම් හෝ වැරදීමක් සිදුවී 
ඇතිදැයි පරීක්ෂා කිරීමයි. මිනිස් ඇසක් පමණක් යොදා කරන මෙයින් පසු 
බැටරිය බල ගැන්වෙනවා 





සියලු උපාංග එකම අසුරණයක 
බහා එයට බර්කොඩ් කේතයක් ලබා දෙනවා 




අවසාන වශයෙන් පෙට්ටි වල අසුරන ලද 
නිපැයුම වෙළද පොලට නිකුත් කිරීම සදහා 
පිටත් කරනවා 



ඔන්න ඉතින් ඔහොමයි NOKIA එකේ වැඩ වෙන්නේ 
මේක කියවපු ඔය ගොල්ලන්ගේ දැනුමට පුංචි හෝ දෙයක් එකතු උනානම් එක තමයි 
මාගේ එකම සතුට.

ඒවගේම මේක සකස් කිරීමේදී සමහරක් අවස්ථාවල මාහට නියම සිංහල වචන සොයා ගැනීමට අපහසු වීම නිසා 
එම ඉංග්‍රීසි යෙදුම් එලෙසම බාවිතා කලා

ඒ පිළිබද මා සමාව ඉල්ලා සිටින අතර 
Comment කින් අදහසක් කියල යන්නකෝ 



සැ.යු - මේක කොහේ හරි දැකල තියෙනව නේද? ඔව් ඔව් Elakiri.com 1න් තමා ඉස්සුවෙ. Elakiri එකේ ත්‍රෙඩ් බලන්නෙ නැති කස්ටියට තමා මම මේක දැම්මෙ.වරදවා වටහාගන්න එපා! තරහට Comment නොකර ඉන්නත් එපා 
--විදූ--

8 comments:

  1. @රත්ගමයා හහමම්ම්ම්ම්ම්ම්.ස්තූතියි කමෙන්ට් එකට සහෝ

    ReplyDelete
  2. අම්මෝ ෆෝන් එකක් අතට එන්න කොච්චර දුක් විඳිනවද?

    ReplyDelete
  3. @පිණිබිඳු...ඒකනෙ කියන්නෙ.කොච්චර දුක් වින්දත් කොහොමද ලස්සනට තියෙන අපුරුව ඈ?? ප්‍රතිචාරයට බොහොම පිං

    ReplyDelete
  4. ෙකාෙහන් ඉස්සුවත්, ෙකාෙහන් බෑවත් ෙනාකියා කීයූ විස්ත ෙර් නම් ඉතා අග ෙන්ය. දුසිමක්ම ස්තූතියි!

    ReplyDelete
  5. @අනිල් ලසන්තහිකැස්.තාන්කූ වේවා ‍කමෙන්ටුවට

    ReplyDelete
  6. අඩෝ එලම තමා... නියමයි මචං... හොඳ දැනුවත් කිරීමක්..

    ReplyDelete

^උඩට යන්න