Friday, January 13, 2012

පුලුවන්නං හොයන්න.. හොයල කියන්න

නේ යාළුවනේ.... ඔන්න ඉතිං සුභ අළුත් අවුරුද්දෙ කුලුදුල් පෝස්ටුව.... ඉස්සෙල්ලම කස්ටියට,
 සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියනව(නැත්තං ඉතිං වසල හමාරයි).අවුරුද්දට ඉතිං බ්ලොගේට ලස්සන ඇදුමක් අන්දල ටයිට්ල් පොඩ්ඩත් ලස්සනට මංද කරලනෙ තියෙන්නෙ. ආ නැද්ද හා? දැං සාපෙත් ඉවර නිසා ගෙදර තමයි හිටියෙ. ඉන්න ගමං පෝස්ට් එකක් දාන්න කල්පනා කලා කලා මොනවත්ම හිතට එන්නෑ. අන්තිමට එකක් තෝර ගත්ත. ඒකත් මාව බයිට් වෙයි කියල හිතල නැවැත්තුව. අන්තිමට මේක තමයි ඉතිං දාන්න හදන්නෙ....

මේකයි මං අද කියන්න ආවෙ. මතක ඇතිනේ අර ඔළුව මෙව්ව කර ගත්ත පෝස්ට් එක(බැලුවෙ නැත්තං දැම්ම ගොහිං බලන්ට) අන්න ඒකෙ පාට් ටූ එක කීවොත් මං හරි මයෙ හිතේ.... හැබැයි ඉතිං ඒකට වඩා වෙනස්... බලන්නකෝ පහලින්ම.... මේකෙත් අර ස්ටෙප් ටික වගේ ටිකක් තියේ... ඒක හින්ද අතරමං වෙන්නෑ කියල සුවර්... හැබැයි මේකෙ ඔයාලට හොයල උත්තර කියන්න ටිකකුත් තියේ...

මුලිං ඉතිං,


මෙහෙම පේනවද බලන්න

1. මේ පිංතූරෙ හැංගිල ඉන්නව සුප්‍රසිද්ධ නැපෝලියන් , එයාගෙ භාර්යාව හා එයාගෙ ළමයා.


2.මේකෙ ඉන්නව මනුස්සයෙක්(හිටගෙනද, ඉදගෙනද,කොහේද ඉන්නෙ කියල කියන්නෙ නෑ).


3.මේ කොටියගෙ ඇගේ පේනව ගැහැණු කෙනෙකුගෙ මූනක්


4.මේ සීබ්‍රලා අතරෙ ඉන්නව සිංහයෙක්(සිංහයෙක් කිව්වට සිංහ මූණක්)


5.මේ තාප්පෙ ගෑණු දැරිවියෙක් ඉන්නව(අනේ ඉතිං කළාත්මක ඇහැකිං බලහල්ලකෝ යකුනේ)


6.මේ ඇන්ටි එක්ක ඉන්න අංකල් බලං ඉන්න පැත්තෙ කව්ද ඉන්නෙ


7.මේ පිංතූරෙ ආච්චිට අමතරව තව කෙනෙක් ඉන්නව (ලශ්ෂන....... එක්කෙනෙක් :D)


ආහ් දැං හැංගිච්ච කට්ටිය ඉන්න තැං , ඉන්නෙ කව්ද , කෙන්ද , මන්ද ඔක්කොම හොයා ගන්න ඇති කියල හිතනව....



දැං ඉතිං ගනං කොරන්නකෝ (ගනං දන්න නොදන්න හැමෝම හොදේ...) 


1.මේ පිංතූරෙ තියෙන ♥ (හදවත්) ගණන කීයද?




2.මේ පිංතූරෙ මූණු කීයක් තියෙද?
3.මේ පිංතූරෙ පැන්ඩ බබාල කීයක් ඉන්නවද?


මෙන්න ගේම.. වැඩ්ඩෙක් නං හොයා ගන්න 

මේක තමයි මම දන්න විදියට අමාරුම එක. ඒ වගේම අන්තිම එක. මේ පහළ තියෙන පිංතූරෙ ඇදල තියෙන්නෙ ඇමරිකාණු චිත්‍ර ශිල්පියෙක් වන Rusty Rust. මේ පිංතූරෙ තියෙන්නෙ අති විශාල බෙංගාල  ව්‍යාඝ‍්‍රයෙකු උණ වණ‍යක සිටගෙන සිටින දර්ශණයක් බව ඔයාලට පේනව ඇති.

ඔයාලට තියෙන්නෙ මේ පිංතූරෙ ඇතුලෙ සැගවිලා ඉන්න ව්‍යාඝ‍්‍රයා (The Hidden Tiger) ව හොයා ගන්න එක...




ඔන්න ඕව ටික මගේ යාළුවො හොයා ගත්තොත් පහළින් කමෙන්ට් කරන්න( හොයා ගත්තෙ නැතත් කමක් නෑ අදහස දක්වල යන්නකෝ..) 


මේකට කොන්දේසි ටිකක් තියෙනව
**********************************
*කොන්දේසි කිව්වට කොන්දේසිම නෙමේ මේකයි. මම දන්නව ඔයාල මේව හොයා ගන්න ලේසි ක්‍රම දන්නව කියල. ඒත් කව්රුවත් එහෙම කරන්න යන්න එපා. තමන්ගෙම හැකියාවෙන් කරන්න බලන්න. 


**කොමෙන්ට් කියවල එහෙම උත්තර දෙනව නෙමෙයි ඕං (මං දන්නැද්ද අපේ සැට් එකගෙ හැටි) 


මේවට කියන්නෙ ළමයි  Hidden Optical Illusions කියල.. හරිද.. හොදට මතක තියාගනිල්ලා ආයෙ කියන්නෙ නෑ...


ඕං මං ගියා....
බොලාව පිස්සු වට්ටපු මම,
විදූ

19 comments:

  1. නැපෝලියන්ගේ ළමයා ඇර අනිත් සේරම දැක්කා... සැඟවුනු ව්‍යාඝ්‍රයා හොයන්න ගියොත් නම් මලාට හොයන්න වෙන්නේ නෑ... Hidden Tiger හෙව්වොත් හොයන්න පුළුවන් ;)

    ReplyDelete
    Replies
    1. බීට්ල් අයිය දස්සය නෙව.. හික් අනිව අනිව...

      Delete
  2. සාපෙ ඉවරනම් දැන් උපේ කරන්න පටන්ගන්න.පත් ගොඩාක් දේවල් හොයා ගත්තා.මං දස්සයනේ..

    ReplyDelete
    Replies
    1. පටං ඇරං තියෙන්නෙ අයියෙ... හික් අසරණය උනාට දස්සයනෙ...

      Delete
  3. හොයන්න පුළුවන්.. ඔක්කොම දැක්කා ගනන් කරේ නෑ..

    ReplyDelete
  4. හොයන්න පුළුවන්.. මටනම් බැරියෝ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං ගුඩ් බබා නෝටි බබා වෙන්න යන්නෙ...

      Delete
  5. මරු නේ වැඩේ !!!
    මාත් කිහිපයක් හෙවුවා !!
    විද්දා මල්ලි තාම පොඩි එකෙක් නෙව.සයිබර් අවකාශයේ මම දැකපු පොඩිම එකා !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියෙ..ඔව් තාම පොඩි එකා... හික් මාත් දන්න විදියට මට වඩා බාල අය බ්ලොග් ලියනව අඩුයි...එක්කො ඒගොල්ලො දන්නෙ නෑ.. නැත්තම් මේව ගැන උනන්දුවක් නෑ අයියෙ...

      Delete
  6. පළවෙනි එකයි..අන්තිම එකයි හැර, අනිත්වා සොයා ගත්ත විදු... අක්කණ්ඩි දැන් නාකි නිසා ඇස් පෙනීම දුර්වලයි වගේ..

    ReplyDelete
    Replies
    1. හයියූ ඒම හිතන්නෙපා තාම එච්චර වයසක් නෑ නේ...

      Delete
  7. අම්මෝ මොලේ අවුල් වුනා වගේ වුනා

    ReplyDelete
    Replies
    1. හප්පේ.. එහෙනං දැම්ම ඩොක්ටර් අංකලයෙක්ට පෙන්නන එපැයි...

      Delete
  8. නැපෝලියන් ඉන්න චිත්‍රය හැර ඉතිරි ටික හොයාගත්තා.. අන්තිම චිත්‍රයෙ කළු පාට ව්‍යාග්‍රයා ඉන්නවා දකුණු අත පැත්තෙ ඉඳන් බලාගෙන ගියොත් කහපාට ඇස් දෙකක් පෙනේවි.

    හෆොයි..! පරණ පෝස්ටුවක් නොවැ.. මං කොහොමද මෙතෙන්ට ආවෙ.. :D

    ReplyDelete

^උඩට යන්න