Saturday, May 5, 2012

අද?....

ද දවස ඇත්ත වශයෙන්ම කියනවනං.... (මාස 4කට නොඅඩු කාලයක් බ්ලොග් පෝස්ට් නොදැමීමට හේතුව ඇසීමෙන් වලකින්න... අද දවසෙ බොරු කියන්න බෑ)

සියළු ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාම උතුම් දවසක්,
ඇත්තටම මටත් එ‍හෙමයි,
මොකද මාත් බෞද්ධයෙක්,

ඒත් අද..?
ඔව් අද,
අද වෙසක් පුර පසලොස්වක පෝය දවස

ඒ නිසා,


ඉතිං දැං මගේ යාළුවො වෙසක් කූඩු හදල බල්බ් වැල් දාල ගෙවල් එහෙම ලස්සනට සරසල ඇති නෙ.... 
අද තෙමගුල සිදු වුනා වගේම, රටක් වටින පුතාගෙ 18 වෙනි උපන් දිනේ... ඉතිං සුපුරුදු පරිදිම මගේ බුකියෙ වෝල් එක සුභ පැතුම් වලින් පිරිල... මට ඒකට ගොඩක් සතුටුයි... ඒත් මම දුක් වෙන්නෙ නෑ මම තව අවුරුද්දක් වයසට ගියා කියල. අද මගේ ගානෙ කේක් නෑ. කේක් කනවට වඩා හොදයි මාවත් මතක් කරන් දන්සැල් වලින් ඇති තරම් කෑවනං... නේද? 

ඉතිං තවත් මොකක් හරි වැදගත් ලිපියකිං හමු වෙනකන් ඔයාල ඔක්කොටම 
බුදු සරණයි!

මීට,
විදූ

8 comments:

  1. සුභ උපන්දිනයක් වේවා...

    ඒ වගේම හොඳට දන්සල් වලින් කන්න ලැබෙන, පිනක් දහමක් කරගන්න ඉඩක් ලැබෙන ප්‍රීතිමත් වෙසක් දිනයක් වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරා... ඔයාටත් එසේම වේවා!

      Delete
  2. සුභ උපන් / වෙසක් දිනයක් වේවා....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මාළු අයියේ...

      Delete
  3. සුබ උපන්දිනයක් වේවා විද්දෝ !!!
    ඒ වගේම හිත් තුල් මෙත් මල් පිපෙන සුබ වෙසක් මංගල්ලයක් වේවා !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධූරංග අයියේ..... ඔයාටත් එසේම වේවා!
      ඔයා ඉතිං මට හැම දාම වරද්දන්නැතුව සුභ පතන කෙනානෙ.. :D

      Delete
  4. තාම 18 යිද? අපෝ............. තාම ඉක්කෝලේ යන මල්ලියෙක් නේ.....
    පරක්කු වෙලා හරි හැපී බර්ත් ඩේ & හැපී වෙසක් !!!

    ReplyDelete
    Replies
    1. හි හි.... හලේ බෝම ඉත්තූතියි ඈ.. අක්කටත් එසේම වේවා...

      Delete

^උඩට යන්න