අද නං කියන්නෙ හිනා යන කතාවක් නෙමේ...ටිකක් දුක හිතෙයි ඒත් ඉතිං හොද යාළුවො නං සතුටු වෙයි (බුදුබනේ තියෙන විදියට කීවොත් ඉතිං අපායසහයක මිත්රයො.) හහමම්ම්ම් ඊට ඉස්සෙල්ල විශ් කරන්න කෙනෙක් ඉන්නවනෙ.මට දැනගන්න ලැබුන අද අපේ
නිරහංකාර අහිංසකාවි ගේ ඉපදුන ඩේ එකලු (අර සිංහලෙං Birth Day කියන්නෙ! අන්න ඒක).ඉතිං එයිට සුභ මෙව්ව එකක් ම වේවා. (අනිත් කට්ටිය තරහවෙන්න එපා.මෙයාගෙ බර්ත් ඩේ එකට විතරක් විෂ් කරා කියල.උපං දින දැනගත්තොත් අනිව විෂ් කරනව.දැනගත්තෙ නැත්තං ඉතිං පොඩ්ඩක් මතක් කොරන්නකො...)
අනේ මංද මේ මොකෝ උනේ....????
ඔන්න දැං කතාව..දන්නවනෙ මගේ කතාවල ඉතිං දුෂ්ටයෙක් නෑ,පෙම්වතියක් නෑ,පෙම්වතෙකුත් නෑ.මිතුරො විතරයි.මිතුරියොත් අඩුයි.අඩුයි කියන්නෙ ඇත්තෙම නැති තරං.