Wednesday, January 26, 2011

Facebook Wall එකට ලස්සන වැඩක් දාමු.

ආ සෙට් එක කොහොමද?
‍මම නං මේ දවස්වල ටිකක් විතර බිසී.පාඩම් වැඩ නිසා.මොකද මේ අවුරුද්දෙ අන්තිමේ සා.පෙ එනවනේ.අද ඔයාලට මම කියන්න යන්නෙ ෆේස් බුකියෙ අළුත් මුහුණුවරේ පොඩි වැඩ කෑල්ලක් දා ගන්න හැටි.මේක ඔයාලටත් ගොඩක් අළුත් ඇති.සමහරු දැනටම කරල ඇති.නැත්තම් දැනගෙන නොකර ඇති.කොහොම උනත් අද මම කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරන හැටි.බලන්නකො ඔයාලත් කරල. මමත් කලා පහල තියෙන පිංතූර ට්ක බලල අදහසක් අරං බලන්නකො කරලම.
මේක ම‍ම ආසාවට මගේ Profile Wall 1ට දාපු එක

Friday, January 21, 2011

Useful 30 Fonts For Free | දැම්ම බාගන්න..

හායි යාළුවනේ!
දවස්  10කින් මොනවත් ලිපියක් දැම්මෙ නැති හින්ද ආව බ්ලොගිය පැත්තෙ මොකක් හරි හොද දෙයක් දීල යන්න.අර ඔයාලට දෙනව කිව්ව විශේෂ ‍ තෑග්ග ලගදීම බලාපොරොත්තුවන්න!!(ඇඩ් එක නරකම නෑ නේ...)කොහොම උනත් ඒක වගේම මේකත් ගොඩක් ඔයාලට විශේෂයි කියල හිතනව.මේක අපේ Photoshop වලට ආස අයට ගොඩක් හොද ආරන්චියක් වේවි. (යකෝ අකුරු පාවිච්චි කොරන්නෙ Photoshop වලට විතරද?? මැට්ට. :O අම්මේ මූ මට බැන්නා  :'( ) ඉතිං අද ඔයාලට දෙන්න යන්නෙ ලස්සන Fonts ටිකක්.ඔය එක එක වැඩ දානකස්ටියට  ‍එහෙම ඕන වෙනවනෙ.ඒකයි දෙන්න හිතුවෙ.ඔයාලත් Download කරගෙනම බලන්න.

Monday, January 10, 2011

වැසි දිනක තනිවු මා....

කාලෙකිං තමා බ්ලොගිය පැත්තෙ ආවෙ.පරක්කුවට හේතු උනේ ඔයාලට මම ළගදීම හොද තැග්ගක් දෙන්න යන හිංද (ඔය නොමල් තෑගි නෙමේ.වටිනාකියන සිංහලෙං කිව්වොත් Useful තැග්ගක්).තෑග්ග මොකද්ද කියල නං අහන්න එපා,ඇහුවට කියන්නෙත් නෑ(අපෝ නොදකිං මුගෙ පුරාජේරුව).ඔන්න ඉතිං පටං ගත්ත කචබචේ.හරි හරි.අද ආවෙ ඕක ගැන කියන්න නෙමේ.වෙන දෙයක් කියන්න.මේදවස්වල වැස්සනේ හොදටම (ඉතිං අපිට මොකෝ?.අපිට පාන් ය?) ඔන්න පටං ගත්ත.බනින්න එපා අනේ.ඉන්නවකො කියන්න.

(උගුර පාදමින්) සභාවෙන් අවසරයි, මා මෙතනට පැමිනියේ...(ඔව් ඇවිල්ල ඉන්නෙ) එක්කො වැඩක් නෑ.මම අද ආවේ වැස්ස ගැන නිසදැසක් ඇරන්.ඒත් මට නිසදැස් ලියන්න බෑනේ.ඒත් කමක් නෑ අහගන්නකො
පේනවනෙ මේක ඉන්න තැන.(පුටු ඇන්දෙ ඉන්නෙ)
                            

Thursday, January 6, 2011

Lanka net linux 3

අද ආවෙ නං මට හම්බවෙච්ච දෙයක් ගැන කියන්න.ඒක තමයි (මේක).lankanet  එකෙන් මට ගෙදෙට්ටම ආපු Lanka net linux 3.තාම දාල නම් බැලුවෙ නෑ.ඒත් ගොඩක් හෙදයි කියල නම් හිතෙනව.මේ DVD මට හරියටම දවස් 8ක් යනකොට ගෙදෙට්ටම ආව.මට නම් මාර හැපි.අද උදේ තමා ආවේ.මම ඒකට එක දැම්මෙ ගිය දෙසැම්බර් 29.ලංකාවෙ වැඩක් නිසා ඔයාලටත් ආස නම් අරගෙනම බලන්නකො. .පහල තියෙන්නෙ Screen Shot 1ක්.

Sunday, January 2, 2011

විද්දා වෙනස්වෙයි|Time For Change......

                                                                                                    කෙෂාන් විදුරංග (විද්දා) ,
                                                                                                               බ්ලොග් එක පාර,
                                                                                                                 Blogger හන්දිය,
                                                                                                                             ජංජාලය
                                                                                                                        2011/01/02

හිතවත් බ්ලොග් කියවන්නනි,

       කට්ටියටම ඔක්කොටම ඉස්සෙල්ල  සුභ අළුත් අවුරුද්දක් වේවා කියල කියන්න ඕනෙ!!
අද ඉදං මම වෙනස් විදියකට තමා බ්ලොගිය ලියන්නෙ.

Friday, December 31, 2010

මගේ ජීවිතේ වටිනාම අවුරුද්ද අදින් නිමවේ!!

මගේ ජීවිතයේ සොදුරුතම මතකයන් හා වටිනාම අවුරුද්ද වුනු 2010 අවුරුද්ද අදින් අවසන් වෙන බව ඔබ සැවොම දනී.ඇත්තම කිවොත් මගේ ජීවිතේ ම‍ට සතුටුම අවුරුද්ද 2010තමයි.මන්ද යත්, මේ බ්ලොගියේ ආරම්භය සහ ෆේස්බුකියේ ආරම්භයත් මේ වසරේදීම සිදුවූ නිසා වෙනි.ඇත්තටම මේ වසර ද‍ාමා යන්නට දුක වූවත්.කරන්නට දෙයක් නැති කම නිසාම මම එය කරමි.ලස්සන අවුරුද්දට මතකයන් රැසක් එක්කර 2011 වසර ආරම්භ කරන මෙන් මම ඔබ සැමගෙන්ම ඉල්ලනව.මේ හිටිය වගේම ඉදිරියටත් ඔයාල මාත් එක්කම ඉදීවි කියල මම හිතනව.

Thursday, December 30, 2010

Vidhu Film | විදූ චිත්‍රපටය

අනේ දවස් දෙකින් පෝස්්‍ට් එකක් වත් දාන්න බැරි වුනා නෙ.මම ලබන අවුරුද්දෙ ඉදංම පෝස්ට් දාන්න පටංගන්නං. ලබන අවුරුද්දෙ සා.පෙළ ත් තියෙනව.ඒක නිසා වැඩිය පෝස්ට් දාන්න බැරිවෙයි මම හිතන්නෙ.ඒක වැඩක් නෑ අද මමඅවේ ටිකක් විතර මට විශේෂ දෙයක් සහ ඔයාලටත් විශේෂ වෙන දෙයක් කියන්න.ඒක තමයි විදූ කියල අලුතෙන් ආපු චිත්‍රපටිය.ඉස්සෙල්ලම මේක මට විශේෂ මොකෝ කීල බලමු.මොන විශේෂයක්ද , මේකෙ තියෙන්නෙ මගේ නිසා බොල විශේෂ.මූනුපොතේ ඉන්න සෙටාර් එකනං මේ ගැන දන්නව.ඔයාලට විශේෂ මේක ලස්සන චිර්‍තපටියක් නිසා.ළමයින්ටම හදපු එකක් නිසා.මේක නිශ්පාදනේ කල්ල තියෙන්නෙ අශෝක හදගම මාමලු.
^උඩට යන්න