Monday, May 30, 2011

XP Admin Account 1 Hack කරමු

කාලෙකට පස්සෙ නේ... මුලින්ම සුභ වෙසගක් වේවා! ඒ වගේම දිලුම් අයියටත් නිවන් සුව පතනව... මේ දවස් ටිකේ මම ටිකක් බිසි (විද්දා ඉස් ලයික් ඇන් ඇක්ටර්.. බොරු බීසී ගැන නොකියන්න). බුකියටත් ගියේ නෑ හුග කාලෙකින්. ඉතිං දුක සැප කොහොමද? එල එල ....අද මම කියන්න යන දේ නං වැදගත් වෙන්නෙ ඔය ඉන්ටර්නෙට් කැෆේ යන අයට තමයි.. අනිත් කට්ටියත් කරල බලන්න. කැෆේ වල අපිට ඒ කොමාගෙ ඇඩ්මින් එකවුන්ට් එකෙන් ලොග් වෙන්න බෑ නේ. පාස් වර්ඩ් දාල තියෙන්නෙ. ඉතිං ඔය එක එක ගැජට් කෑලි Install කරන්න ගියාම ඇඩ්මින් එකවුන්ට් එකේ නැතුව බෑ කියනවනේ. අද කියල දෙන්නෙ ඇඩ්මින් එකවුන්ට් එක හැක් කරන හැටි.

ඔය නංගිලා මල්ලිලා එහෙනං හොදට අහගන්න.....

Monday, May 9, 2011

Toilet කේස් එකක්



වල් වල් වල් :/
කව්ද යකෝ වල්?
අනේ ඔයා නෙමේ මේ බ්ලෝගියෙ වල් (හුදෙක් ඇඩ් එක සදහා පමණී)
මේක වැඩිපුර කට්ටිය කියවන්නැති නිසා මේකෙත් වල් පැල හැදිල පොල් පැළ වගේ.... මොනව කොරන්නද අනේ.

 අද මම කියන්න යන්නෙ අපේ චූටි අයිය කියපු කතාවක්....
මම මේ ලග එන සම්බුද්ධත්ව ජයන්තිය (අකුරු හරිද මංද) ට මොනවද කරන්නෙ කියල කතා කර කර ඉන්නකොට මේං මේක සිරිපාදෙ ගිය කතාවක් කිව්ව. අෆ්ෆට සිරි හිනාවෙලා මගේ කොන්දත් රිදෙනව.මෙන්න මෙහෙමයි උනේ..

Thursday, May 5, 2011

රටක් වටින පුතෙක්

මෙන්න මේකයි අද මම කියන්න යන්නෙ ලස්සන කොල්ලෙක් ගැන රස කතාවක්..... මම දාපු අර Video එක ඔයාල බලල තිබුනෙ නෑ .... ඒකට කමක් නෑ මේකවත් බලන්නකෝ....

මේ කතාව ආරම්භ වෙන්නෙ බුද්ධ වර්ෂ දෙදහස්පන්සිය තිස් අටක් වූ වෙසක් මස පස්වැනි සිකුරාදා ගාල්ල  සමුපකාර රොහලේදී මාලිනී ආදිහෙට්ටි සහ මාතර ආරච්චිගේ නිමල් ප්‍රේමසිරිට පුත්‍රරත්නයක් ඉපදුනා.මේ පුත් කුමාරයා මාර ලස්සනයි... එයා තමයි මුළු පව්ලෙම මල්ලි...

Wednesday, May 4, 2011

Shaun the Sheep Ep.18 | වැලි මීයා සමග

අනේ ඉතිං පොරොන්දු වුනාට මට ගේන්න බැරි වුනේ මගේ Net Connection එක Slow කරල.. මගේ ගිය මාසෙ 3GB ඉවර උන නිසා... මම Bill එක ගෙව්වට තාම Slow... එෆාවෙනව.... මට ඕනෙ නං Video එක දාන්න තිබුන ඒත් මමත් ඒක බලල දාන්නෝන නිසයි Connection එක හරියනකං හිටියෙ. ඉතිං අද කට්ටියගෙ දුක සැප අහන්නත් බැරි වුනානේ.. කෝමද ඉතිං..... ආහ් අපි වැඩේට බහිමු නේ...

Sunday, May 1, 2011

ඔබ කැමතිද? | ජනමතයට විවෘතයි


ආදෝ මැයි 1 වෙනිද නේ? අපි වගේ කම්කරුවො පාරට බහින දිනේ (හැමදාමත් පාරෙම තමයි නැද්ද)... එක  වෙනිද මරු අෆ්ෆා... අපේ ලංකාවෙ සැට් එකක් ම පාරට බැහැල. මම මේ මැයි 1 ගැන නෙමේ කියන්න ආවෙ.අද දිනේ මතක් උන හංද කිව්වෙ. මේ මම එහෙනං කාරනාව කියල ඉන්නංකෝ ඉස්සෙල්ලා... ඔන්න එහෙනං කියනවා.. ඔන්න කිව්වා .... ඔන්න කිව්වා.... ඔන්න කිව්වා (පහළ පහළ පහළ බොල තීන්නෙ.)

Thursday, April 28, 2011

අපි ඉතිං යන්න යනවා.

හායි. ඇයි හලේ මේ දුකෙන් වගේ? හපොයි මම මේ දාල තියෙන්නෙ මොකද්ද….. මලා.. යකුනේ මම නෙමේ යනව කිව්ව.

       මේකයි මම දැන් මේ රටේ නෙව සමහර දේවල් වලට මේ රටේ පුරවැසියෙක්(වගේ) විදියට අකමැතියි. ඒවයින් එකක් තමයි ඉස්සර භාවිතා කරපු හා දැනටත් භාවිතයේ තියෙන අර සිංහය ඉන්න Water Mark එක තියෙන සල්ලි කොළ. අන්න ඒව දැං නැති වෙමින් යන හිංද ඒ ගැන පොඩි සදහනක් කරන්න තමයි හිතුවෙ.

Saturday, April 23, 2011

බුකියෙ Edit Thumbnail වැඩ කෑල්ල | නොදන්න අයට පමණයි!


කාලෙකිං හොද පෝස්‍ට් එකක් දැම්මෙත් නෑ නේ. අවුරුද්දටවත් එකක් දාන්න බැරි උනා. මම මගේ භාර්යාව (කොම්පීතරේ) එක්ක නෙමේ හිටියෙ. ඒකයි. මම අපේ තාත්තලාගේ ගමේ ගියා ඒකයි. ඒකට සමාව ඉල්ලනව. සොරි හොදේ... ඉතිං කාලෙකට පස්සෙ අළුත් පෝස්ට් එකක් දාන්න හිතුව. වැඩියෙන් දැම්මෙ වල්පල් ඒවනේ. අපි වැඩේට බහින්න ඉස්සෙල්ලා අවුරුද්ද සරුද කියල අහන්න කැමතියි. සරු ඇති නේ? එහෙනං එල. ඔන්න හේනං වඩේට බැස්ස...........

^උඩට යන්න