Saturday, March 19, 2011

මේව මහ කැත වැඩ..

හායි කස්ටිය.. අර කලිං දාපු පෝස්ට් එක මං ඩිලීට් කලා... ඒක වැඩක් නෑ. මේකෙ බැදුන මකුළු දැල් අහක්
කොරන්න වෙනම මැසිමක් සහ කම්කරුවෙක් ගේන්න වෙයි වගේ.තව පොඩි Color Wash පාරකුත් දෙන්න ඕන. අයෙත් මේක මැක්සා විදියට හදන්න ඕන. ඒත්....
ඒත් මට මේ සාපෙ හිංද මොනම වැඩක් වත් කොරන්න විදියක් නෑ අෆ්ෆා. හරි සාටර්. ඒත් මොනා කරන්නෙයි.පාඩම් කරන්නත් එපැයි. ඒමදිවට පංති. ඡන්දෙ දවසෙත් පංති ඊට ඉස්සරියෙන්දයි , පස්සෙන්දයිත් පංති. මට එපා වලා තියෙන්නෙ. මොනව කරන්නද. දැං ශිෂ්‍ය නායක පට්ටම හම්බුන හිංද තවත් වැඩ වැඩියි.
මොනාද මේක මේ කියන්නෙ? මැටි මොලෝ. ඕක නෙමේ නෙ කියන්න ආවේ. කියන්න යන දෙ කියපං බොල.හරි හරි ඕං හේනං අහගන්නකෝ.....


මෙන්න මේකයි අද මම කියන්න යන්නෙ.බුකියෙ පැත්තෙ යන අය නං මේක දන්නවැති.හහ් ඒක තමයි කියන්න යන්නෙ...

මේ දවස් වල චැට් කොරන වෙලාවට හැමොටම වගේ මේං මේ වගේ එවා එනව ඇති නේ.. බලන්නකො.හැබැයි Link 1 Click කිරන්න නං එපා. මේන්න මේ වගේ ඒව තමා එන්නෙ.

OMG: This girl killed herself after her FATHER posted this message on her wall: http://bit.ly/hl0uXL <2011/03/18>
Hey, check out this girl, lol, she must be out of her mind for making that video!: bit.ly/erH085 <2011/03/19>
Yo, I am going to look like a sharpie in 21 years! See what you will look like: bit.ly/hAKS75 <2011/03/20>
දින ටිකක් තියෙන්නෙ ඒව ආපු දවස් හොදේ.. නැතුව මේ ඒකෙ තිබුන එකක් නෙ‍මි..
.ඔය වගේ දෙවල් චැට් කරන කොට ආවද කියල? ආව නේද? අන්න ඒක තමයි කියන්නෙ. මේක එක්තරා ආකාරයක Virus 1ක් . මේ Link 1 Click කලාම තමන්ගෙ Chat List එකේ ඉන්න හැම යාළුවෙක්ටම මේ වගේ එකක් යනව. මේකෙන් සමහරුන්ගෙ Account වලට Log වෙන්න පවා බැරි වෙලා තියෙනව.

හදිස්සියෙවත් Log වෙන්න බැරි උනොත් කරන්න තියෙන්නෙ Account 1කේ Password එක වෙනස් කරන එක. හැබැයි ඊට පස්සෙ නං ඒ වගේ ගොං වැඩ කොරන්න යන්නෙපා.මේ වගේ Shout Url ආවොත් Click කරන්න එපා.ඒව Long Url Site 1ට ගිහිල්ල Expand කරලම බලන්න ඒක ඇගට ගුනයි.

මේක ගොඩක් අය දන්නව ඇති කොහොම උනත් මම හැමදාම වගේ මේකත් මම කිව්වෙ මේක ගැන නොදන්න අයට.මොක උනත් "අවදානමට පෙර සූදානම හොදය" කියනවවෙ. මේක වැදගත් කියල හිතෙනවනං කමෙන්ට් එකක් දාල යන්න....

--විදූ--

22 comments:

  1. ලොල්ය... අයි බන් මෙහෙම පොස්ට් දාන්නෙ..?? තියෙන ගොන් කමට කුක් කරානම් විදවන්න දියන්...

    ReplyDelete
  2. @සුළඟිල්ල | pinkie හික් පව් නෙ බං අබි වගේම අහිංසක උං නේ ඕව කුක් කොරන්න බලං ඉන්නෙ. ඒක නිසා කිව්වෙ...

    ReplyDelete
  3. හොදා හොදා..... මට දං ඔක පස් පාරක් විතර වුනා.....

    ReplyDelete
  4. @කුක්කා හික්.. කුක්කා කුක් කොරන්න ගිහිංම කික් වෙලා...

    ReplyDelete
  5. ela ela සිරා වැඩක්! :D..

    ReplyDelete
  6. හිහි මටත් මේ දඔයවගේ එකක් ආවා.......
    මේක කියවල තිබ්බ නිසා බේරුනා

    ReplyDelete
  7. @සහන්හික් ස්තූතියි අයියේ...... අන්න ඒකනෙ...

    ReplyDelete
  8. තාම නම් ආවේ නෑ බං... බලමු ඉස්සරහට. උම කිව්ව එක හොඳයි බං.

    ReplyDelete
  9. @prasanna86k හහහහම්ම්ම්ම්ම්.. ස්තූතියි සහෝ...

    ReplyDelete
  10. මටනං ආවද කියල මතකයක්වත් නෑ,
    ආවොත් ඉතිං කික් කොරලම බලනව...

    ReplyDelete
  11. කිව්ව එක හොදයි මල්ලියා...තැන්කු

    ReplyDelete
  12. @නිම්ශාස්තූතියි අක්කේ..... වෙල්කං වේවා!

    ReplyDelete
  13. වෙලාවට කලින් කිව්වෙ. අපි ඉතින් ඔය වගේ ගොන් වැඩ කරන්න හරි දස්සයි නොවැ

    ReplyDelete
  14. @පිණිබිඳු...අනිවාරෙන්.... මම දැන්නෙ නැතුවය ඔයාලගෙ වැඩ....

    ReplyDelete
  15. අෆ්ෆා ඔව්ව අයින් කොරන්න බැරිද මන්දා, දන්නැති මිනිහා අනාතයි කිව්වලු.

    ReplyDelete
  16. මන් නම් 99 බේරුනා..මෙpost එක නිසා.thanx විදු.....

    ReplyDelete
  17. @MKනවත්තන්න ක්‍රමයක් නම් දන්නෙ නෑ.... තියෙන එකම ක්‍රමේ තමයි ඉතිං ලිංක් එක උඩ කොටන්නෙ නැතුව ඉන්නෙක.....

    ReplyDelete
  18. @Gevinduඒක තමයි මටත් ඕන වෙලා තිබුනෙ සහෝ..... ස්තූතියි ප්‍රතිචාරයට...

    ReplyDelete

^උඩට යන්න