Monday, May 9, 2011

Toilet කේස් එකක්



වල් වල් වල් :/
කව්ද යකෝ වල්?
අනේ ඔයා නෙමේ මේ බ්ලෝගියෙ වල් (හුදෙක් ඇඩ් එක සදහා පමණී)
මේක වැඩිපුර කට්ටිය කියවන්නැති නිසා මේකෙත් වල් පැල හැදිල පොල් පැළ වගේ.... මොනව කොරන්නද අනේ.

 අද මම කියන්න යන්නෙ අපේ චූටි අයිය කියපු කතාවක්....
මම මේ ලග එන සම්බුද්ධත්ව ජයන්තිය (අකුරු හරිද මංද) ට මොනවද කරන්නෙ කියල කතා කර කර ඉන්නකොට මේං මේක සිරිපාදෙ ගිය කතාවක් කිව්ව. අෆ්ෆට සිරි හිනාවෙලා මගේ කොන්දත් රිදෙනව.මෙන්න මෙහෙමයි උනේ..



අපේ අයියයි අයියගෙ යාළුවො ටිකකුයි සිරීපාදෙ වන්දනාවෙ ගියා කියල වියංගාර්තයෙන් කිව්වනේ.. මුං එක එක කඩවල් වලිං ක එක ජාති කාල තමයි ගිහිල්ල තියෙන්නෙ.කට්ටිය ඉතිං ආතල් එකේ සිරීපාදෙ නගින්න පටං ගෙන. ඔයා ආතල් එක තිබිල තියෙන්නෙ ටික වෙලාවයි. එකපාරට ඔන්න එකෙක්කෙනාට එක්කෙනාට බොබ්මාලි ගෙං කොල් එන්න පටං ගත්තලු. අහුවෙන අහුවෙන දේ කාපු ඒවයි රගේ ඔක්කෝන්ටම තේරුනාලු. අපේ අයියයි තව අයියල දෙතුන් දෙනෙ‍ක් ලෙඩ වෙලා හිටිය හිංද යංතං බේරිල.නැත්තං ඕකුන්ටත් වෙන්නෙ ඕකම තමා.

ඔන්න ටිකෙන් ටික එක්කෙනා එක්කෙනා කැලෑ අස්සෙ රිංගන්න පටං ගෙන (හොද ගත්තෙ හැටි දෙයියො දනී). ඔහොම ඔහොම වැසිකිලි තියෙන තැනකටත් කට්ටිය ආවලු. ඉතිං ඒක බස් එකකට නගින්න වගේ පෝලිම නිසා එකෙක් ගිහිල්ල කැලේට.... හික් මිනිහ ගිය පයිංම ආයෙ එනවලු....

             "මචං ඌරෙක් හිටිය" කියල

මේ අතරෙ අර පොලිමට අයියල එක්ක ගිය අර බොබ්මාලි කතා කරපු අයියල ටික සෙට් උනාලු. අයියයි තව අර ලෙඩ වුන ටිකයි එක තැනකට වෙලා මේ වැඩ ටික Video කරනවලු.

ඒ අතරෙ මෙන්න එක ඇන්ටි කෙනෙක් මේ Video කරනඑක බලං ඉදල නිකං ගහන්න වගේ.එයාටත් අරය කොල් එකක් දීල. ඔන්න ඇන්ටිගෙ වාරෙ ආවළු ඇතුලට ගිහිං ටික වෙලාවකට පස්සෙ

"හනේ අම්මේ" කියල කිව්වලු..... කොහොම හරි Video එකේ ඒකත් ඒ විදියටම තියෙනව.

කොහොමද කතාව? අපේ අයිය නං කියපුවෙලාවෙ මට හිනා ගියා. කොහොම හරි ඒ ඇන්ටිට මාර බරකින් නිදහස් උනා වගේ දැනෙන්න ඇති නේ. ඊට පස්සෙ හිටපු මිනිස්සුන්ට ටොයිලට් එකට යන්නත් අමතක වෙන්නැති හික්......

පරක්කුවෙලා හොදටම මම යනව.(හැමදාම පාඩං කරනව කියල බොරු කියන්නත් බෑ නේ)....


--විදූ--

11 comments:

^උඩට යන්න