Wednesday, June 13, 2012

මොකද්ද මේ IT - p.1 | Introduction

යුබෝවන් යාළුවනේ... ආයෙත් ටික දවසකට පස්සෙ  ඔන්න මම ආව. (හෑ.. මෙන්න මූ ඇවිල්ලා :O)  ආයෙත් ඉස්කෝලෙ පටං ගත්තු හිංද වැඩ ටිකක් වැඩියි...( අපි දැං අයියලනේ :P)
පරණ පෝස්ට් එක නං එච්චරම කට්ටිය බලළ ති‍බ්බෙ නෑ.. සමහරවිට ඔයාල ටයිම් ලයින් එකට ආස ඇති. ඒ‍කට මොකෝ...

අද නං මම ආවෙ අළුත් වැඩක් ගැන කියන්න. ඔයාල සමහර විට මගේ බ්ලොග් එකේ දාපු ඇඩ් එක දකින්නැති. ඔව් අන්න ඒක තමා. මේක Information Technology (IT) එහෙමත් නැත්තං තොරතුරු තාක්ෂණය ගැන කියල දෙන පාඩම් මාළාවක්. ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නව මේ සම්බන්ද ව වැඩිය නොදන්න අය. අන්න ඒ අයට තොරතුරු තාක්ෂණය කියන්නෙ මොකක්ද කියන එක ගැන සහ ඒ ගැන ඉගෙන ගන්න තමා මම මේ පාඩම් මාළාව ඔයාලට ‍ලබා දෙන්නෙ. මේක IT විෂය සා.පෙට හරි, උ.පෙට (GIT) හරි ඉගෙන ගන්න යාළුවොන්ට ගොඩක් වැදගත් වෙයි. පොඩි PDF File එකක් තියෙන්නෙ. භාගෙන ඉගෙනගන්න හරී...

පොඩි කතාවක් කියන්නම්,
        ඉස්සෙල්ලම කියන්න ඕන අපේ ඉස්කෝලෙ IT උගන්නන සර් තමා මේකෙ මුල් කතෘ තුමා. මොකද මේකෙ Word Files ටික එයාගෙ. සර් ඔය Word Files Projector එකේ දාල තමා අපිට පාඩම උගන්නන්නෙ. ඒක අපිට ලොකු උදව්වක් උනා. ඇයි ඉතිං සමහර ඒව ලියන්න ගියාම පන යනවනේ. අපි ගාව පෙන් එකක් එහෙම තියෙනවනම් සර් ගෙන් අහල මේ සෙට් එකම ගෙදර ගෙනැල්ල බලාගන්නත් අපිට ඉඩ දුන්න. දැං ඉතිං කියන්නෙපා තෝ සර්ගෙ ඒව මේහෙ දාල හිට්ස් වැඩි කරගන්න හදනව කියල. (අනේ පලයං ඩෝ යන්න. අපි එහෙම නෑ හරිය..) අනේ එහෙම නෑ. සර්ගෙ අතින් උන අඩුපාඩුත් හදල පොඩි පොඩි දේවල් එකතු කරල ඒක PDF File එකක් කරල තමා මම ඔයාලට මේ දෙන්නෙ.

අන්න ඒ පාඩම් මාලාවෙ කුළුදුල් , නැත්තං පළමු , නැත්තං Very First , මුල්ම , P A R T  1 කොටස තමා මේ දෙන්න යන්නෙ.. ආ දැං ඔය කස්ටිය පහලින් ඕක Download කරගන්නලා.....

What'sIT_Part1.pdf 
File Size: 307.56KB
Font: MR_HOP_19
MediaFire Password: -keshanvidu-



බාගත්තට කමක් නෑ Comment එකක් දාලම යන්න, පුලුවන්නං Follow පාරකුත් දාන්න.මොකද මේ එක දෙයක් වත් මම කරන්නෙ කිසිම මූල්‍යමය  දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. ඔයාලට කරන උදව්වක් විදියට. ඉතිං මට ලැබෙන ලොකුම ලාභෙ තමා ඔයාලගෙ Comments සහ බ්ලොග් එක Follow කරන ගාන වැඩිවීම. 

විශේෂයෙන්ම කියන්න ඕනි‍ මේක මම දෙන්නෙ මේ ගැන දන්නෙ නැති අයට ඉගෙන ගන්නයි , දන්න අයට දැනුම වැඩි කරගන්නයි. අපි කව්රුවත් 100%ක්ම හැම දෙයක් ගැනම දන්න අයි නෙමෙයි නෙ.

ඉතිං අදට මම ගිහිල්ල එන්නං. පස්සෙ හම්බෙමු ඈ... මේ පළවෙනි එක විතරයි , තව ගොඩා....රියක් කොටස් එන්න තියෙනව. දෙවනි කොටස නැත්තං P A R T  2  එක ළගදීම අරගෙන එන්නං කෝ.....

මීට,
ඔබේ ආදරණිය නැත්තං සදාදරණීය උම්මා පටිය,
විදූ

6 comments:

  1. හ්ම් :O මෙව්වා ගැන හෙව්වෙ ඉස්සර බං..

    ReplyDelete
    Replies
    1. උබ දැං හොයනේව මම නෙ දන්නෙ සහෝ.... නැද්ද මං අහන්නෙ ඈ??? :P

      Delete
  2. අර මොකෑ උම්මා පටියා කියන්නේ ???

    අර පීඩීඑෆ් එක බාගෙනම බලන්නම් !!!

    ReplyDelete
    Replies
    1. හැක හැක.... හලේ ඒක නිකං දැම්මෙ ඈ...
      එළස්... ස්තූතියි මධුරංග අයියේ....

      Delete
  3. උබට තැන්කූ බන් ....ආ උබලගේ සර්ටත් තැන්ක්ස්.... අනිත් එකත් ඉක්මනට දාපන් මචෝ...

    ලීල්

    ReplyDelete
    Replies
    1. ටැංකූ ලීලා.. එලාස්.. මම ඉස්මනටම දාන්නං ඈ.... එල තමා...

      Delete

^උඩට යන්න