Wednesday, July 13, 2011

කන්න කන්න මේකත් බලන්න!



කාලෙකට පස්සෙ ආවෙ නේද?.... ඉස්සෙල්ල පෝස්ට් එක නං එච්චර හරි නැතුවැති ඒකනෙ කට්ටිය බලල නැත්තෙ. ඒකට කමක් නෑ. අද එක වත් බලන්‍ටකෝ. (බැලුවෙ නැත්තං මිනී 3යි , පෙස්ටි 2යි හරිය. මල් වඩං මගේ ගානෙ ගෙදෙට්ටම)  මේ දවස් ටිකේ ප්‍රසන්ටේශන් එකකට කොටු වෙලා ඉදියෙ ඒකයි පෝස්ට් 1ක් දාන්න බැරි වුනේ.. දැං ඉතිං ඒකෙන් කමක් නෑ. මේක බලන්න..

පොඩ්ඩක් හිතන්න ඔයත් සත්තුන්ගෙ මස් කනව නේද? (ම්ම්ම්ම් ආසයි නේ?) දැං කන්නෙ නැත්තං ඉස්සර හරි කාල ඇතිනෙ. මස් වර්ග වලින් අපේ ඇගට පෝෂ්‍ය කොටස් ඇතුල් වෙනව. ඒක මම නෑ කියන්නෙ නෑ ඒත් ඒ සත්තු මරන හැටි කවදා හරි දැකල තියෙද? සමහරු දැකල ඇති. සමහරු දැකල නැතුවැති.දැකල තියෙන අය තාම කනවනං මේක කියවල බලන්න.


ඔයාට ඔය හිටගෙන ඉන්න කකුල් දෙකට පන නැති වෙන්න පාරක් ගැහුවොත් මොකද්ද වෙන්නෙ? නැත්තං කකුල් දෙකෙන් එල්ලල තිව්වොත්? පණ පිටින් මැසිමක් ඇතුලට යැව්වොත්? කොහොම වේදනාවක් ඇති වෙයිද? සත්තු දහස් ගාණක් මේ ලෝකෙ මේ වෙලාවෙ එහෙම මරණව ඇත්ද? මේ වෙලාවෙ කීදෙනෙක් ඒව රහ කර කර කනව ඇත්ද? පොඩ්ඩක් හිතල බලන්න. අන්න ඒකයි මම කියන්නෙ. අපිට සත්තුන්ගෙ මස් මාළු කෑවෙ නෑ කියල කිසිම ලෙඩක් හැදෙන්නෙ නෑ. මේ ලෝකෙ ඕන තරං මිනිස්සු ඉන්නව ශාක ආහාර විතරක් ගන්න (අර වෙජිටේරියන් කියන්නෙ. හැබැයි ඉතිං හොරට මස් කන වෙජියොත් ඉන්නව.). ඒ මිනිස්සන්ට ඉහෙන් බහින රෝගයක් නෑ. ඉතිං ඇයි අපි මස් කන්නෙ නොකා ඉන්න බැරිද? පොඩි ළමයිනුයි ටිකක් වයසට ගිය අය නං කෑවට කමක් නෑ කියමුකෝ. ඒත් ඇයි අනිත් අය කන්නෙ අනුන්ගෙ කෑම කාල තමන්ගෙ බඩ සෙමෙට්‍රියක් (සුසාන භූමියක්) කර ගන්නෙ මොකටද.

නොකා ඉන්නම බැරි නං මෙන්න මේ Video එක බලන්න*‍* (මිනිත්තු 11ක් වගේ තමයි තියෙන්නෙ) .එතකොටවත් කන්න බැරි වෙයිද බලන්න. කන එක නැවැත්තුවනං තමන්ගෙ අනිත් යාළුවොන්ටයි , නෑදෑයොන්ටයි මේක පෙන්න්න. අපි වගේම අහිංසක පරාණයක් කාල අපි ජීවත් වෙන්නෙ මොකටද ඊට වඩා හොදයි අපි මැරෙනෙක.

මම නං ඉස්සර මස් කෑව ඒත් මේ Video එක අපේ තාත්ත ගෙනත් පෙන්නුවයින් පස්සෙ කෑම සදහටම අත්තැරිය. දැං මං එළකිරි වෙජියෙක්. ආයෙ එකෙන්ම. ඒකයි මමත් මේක දැම්මෙ. ඔයාලත් මේක බලල හොද නරක කියන්නකෝ...






** කුඩා ළමුන් සහ කම්පණය දරාගත් නොහැකි අය නැරඹීමෙන් වලකින්න. 

මම ගියා... බායී!

--විදූ--

26 comments:

  1. poya dawase uba loku pinakra karagatta

    ReplyDelete
  2. ගොඩක් හොද වැඩක්. ඉස්සරහටත් මේක කරගෙන යන්න. හැබැයි ඉතින් වැදි බණ වගේ නික0 කියල විතරක් මදි. තමනුත් ඒක අනුගමනය කරන්න ඕනෙ

    ReplyDelete
  3. මාළු විතරයි කැවෙ මන්... මට එකත් එපා වුනා අද......... බොහොම ස්තුතියි දැනුවත් කලාට...

    ReplyDelete
  4. දිස් පෝස්ට් හෑව් රිමූව්ඩ් බයි දි ඕතර්!

    ReplyDelete
  5. ඒකත් වෙලාව තමයි! මට ඔය මස් මාලු කන්න බෑ ඇලජික් :)

    ReplyDelete
  6. පිස්සුද බන්..මම මරන හැටි ලයිව් දැකලා තියෙනවා..
    ඒත් තාමත් මස් කනවා....

    ReplyDelete
  7. අනේ ඉතිං අපි නං පන්න පන්න කන්නෙනං නෑ ඔහෙ කලාතුරකිං තමා.

    ReplyDelete
  8. @Anonymous 2 ස්තූතියි සහෝ..... නමත් දැම්මනං තමා වඩා හොද....

    ReplyDelete
  9. @රසික කරුණාත්න මට උබ දැම්ම එක කිව්වනෙ මචං.... ස්තූතියි සහෝ...

    ReplyDelete
  10. @මාක් මාමා හරියට කියෙව්වනං තේරේවි මම වැදි බණ නොකියන බව....

    ReplyDelete
  11. @Nalaka ගොඩක් හොදයි සහෝතතත ස්තූතියි ප්‍රතිචාරයට!

    ReplyDelete
  12. @සසීන්ද්‍ර වීරසිංහ අනේ මොකට කියනවද ඒ ගැන... ස්තූති වේවා ප්‍රතිචාරයට

    ReplyDelete
  13. @රත්ගමයා තෝ ඉතිං කොහොමත් කප්පයනේ.... මට මොකෝ මස් බැරිනං ඕනෙකක් කාපිය...

    ReplyDelete
  14. @සහන් ශේප් එකේ මාළුවෙක්ග බඩක් හේම ඔප්රේෂන් කරල කන්නෙ නේද සහන් අයියේ??

    ReplyDelete
  15. අම්මෝ පිස්සු වගේ බං... ඒත් තාම කනවා.. නවත්තවන්න බැ බං.. :/

    ReplyDelete
  16. @Lakshika Gayal අනේ සාදු... කාපං කාපං මට මොකෝ...

    ReplyDelete
  17. ඔව් ඔයා හරි විදූ..
    ෙම්ක පල කරපු ඒක ෙහාදයි. තවත් ඒක් අෙයක් හරි ෙම් මිනී කුණු කන ඒෙකන් වලකීවි ෙම්ක බලලා.
    පින් ඔයාට ෙගාඩාක්.

    ReplyDelete
  18. \\** කුඩා ළමුන් සහ කම්පණය දරාගත් නොහැකි අය නැරඹීමෙන් වලකින්න.// ඕක කියන්නෙ බල ඉවර උනාමද යකෝ..???

    ReplyDelete
  19. @අනිල් ලසන්ත අනිවාරෙන් අයියේ මටත් ඕන එච්චරයි.... ගොඩක් ස්තූතියි කොමෙන්ටුවට

    ReplyDelete
  20. @සුළඟිල්ල | pinkie තරු 2ක් දාල තියෙන්නෙ ඒකට තමයි යකෝ.....

    ReplyDelete
  21. බොහොම හොද දෙයක්, ඔය වීඩියෝ එක දාපු එක. ඕක ගිහින් පෙන්නන්න ඕනේ ක්ලබ් බල මිනිස්සුන්ට...

    ReplyDelete
  22. @Joniya Man ස්තූතියි සහෝ.... ඔව් අනිවාරෙන්...

    ReplyDelete

^උඩට යන්න