Saturday, February 9, 2013

ඔබේ ප්‍රියතම Android Apps PC එකෙන් Run කරමු


ආ යාළුවනේ. මාස 5කට 6කට පස්සෙ මේ පැත්තෙ ආව. මේක මමද කරේ කියල හිතෙනව අප්පා. අනේ මංද දැං මං කම්මැලි වෙලාද කොහෙද. කෝම උනත් කමක් නෑ මගේ යාළුවො ටික මගේ ගාව ඉන්නවනේ.

ම්ම්ම්ම් අද දෙන්න ආවෙ ටිකක් වටින එකක්. අපි හැමෝන්ටම Android තියෙන Phones , Tablets නෑ නේ. අනේ මංද මට නම් සුට්ටි පෝං කට්ටක් තියෙන්නෙ. :D ඉතිං ඒ නැති අයට (නෑ නෑ අර උඩ කියපු දේවල් නැති අයට ඈ :P ) එකක් දෙන්න තමා ආවෙ. මොකද්ද දන්නවද දෙන්න ආවෙ?

මේක Software එකක්. අපිට Android  වලට තියෙන Apps අපේ මැසිමෙං ම Run කරන්න පුලුවන් එකක්. ගින්නක් නෑ සුපිරියට වැඩ. ඇත්තටම ආස හිතෙනව. ඔයාලත් බාගෙන බලන්නකො ඈ...

Friday, November 16, 2012

මොකද්ද මේ IT - p.2 | Data & Information


ඔන්න ටික කාලෙකට පස්සෙ ආයෙත් ආව සැප දුක බලල පෝස්ට් එකක් දාල ඔයාලට දෙයක් දීල යන්න. මතක ඇතිනෙ අර IT PDF Collection එක. ඉතිං දුන්න පොරොන්දුව අනිව ඉටු කරන්නෝන නිසා ඔන්න අද අරං අව ඒකෙ පාට් ටූ එක. ඉතිං ඉස්සෙල්ල එකත් ගොඩ දෙනෙක් බාගෙ තිබ්බ. ඒක ගැන මට සතුටුයි. පරණ එක බාගන්න බැරි උනා නං මෙතන Click කරල යන්ටකො ඈ.

Sunday, September 9, 2012

Android, Smart Phones නැති අපට | Opera Mini වලින් සිංහල කියවමු


ලාලුවලේ.. දෙකෙං පස්සෙ තුන පටං ගන්න ටික දවසක් ගියා ඈ.. ගනං ගන්ටෙපා... හික්. ඉතිං ටික දෙනෙක් සුභ පතල තිබ්බ. ගොඩ දෙනෙක් බලල තිබ්බ.. ඒකට මොකෝ.. මෙන්න තුන් වෙනි අවුරුද්දෙ විද්දා ලියන පස්ට් පෝස්ට් එක... වැඩි ආටෝප කැටයං මෙලෝ දෙයක් නෑ එකෙංම වැඩේට බයිනව ( ඈ වැරදුනාවක්කද්ද? හිනා වෙන්ටෙපා යකෝ “වැඩේට බහිනව කියල කිව්වෙ“ ඈ බලන්ටකෝ ඒකත් ඈ? අකුරකිං වචනෙක මුළු අරුතම නැත්තං තේරුමම වෙනස් කර තැහැකිනේ? මාරයි නේ ඈ??? :D .. දැං වැඩේ මගය ඈ.. කෙලිංම වැඩේට බහිනව කිව්වට වචනයක් ගිය දුර ඈ??)  

සෝ... අද මං ආවෙ අද කාලෙ කාගාවත් තියෙන මොබයිල් පෝං වලට පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්න. 

Tuesday, August 14, 2012

2යි දෙකේ කතාව සහ තවත් කතා

අඩෝ මේ Title එකෙන් මිනිස්සු මයින්ඩ එන්ඩෙපා හරිය... ගහනව දැනගනිං දත් සෙට් එක ගැලවිල යන්න... සික් මුං මහ කැත විදියට මගේ දිහා බලන්නෙ ඈ. අද ආවෙ මේ.......


පොඩි දෙයක් කියල යන්න. ම්ම්ම්ම්... අනේ මට කියන්ඩ බෑ අෆ්ෆ

Sunday, August 5, 2012

Photograph අතර art එක - Cinemagraph

ඔන්න අදත් අරං ආව ටිකක් විදිය වෙනස් පෝස්ට් එකක්... ඉස්සෙල්ල පෝස්ට් එකේ දුන්න PDF එක නං භාගෙන තිබ්බෙ 20දෙනෙක් විතර.. ඒකට කමක් නෑ. මම ඊළග එකත් ළගදීම දෙන්නම්... අද ආවෙ ඒව ගැන කියන්න නෙමි. ඔයාලට මතක ඇතිනෙ අර Optical Illusions පෝස්ට් 2 මතක නැත්තං පහලින් ගිහිල්ල බලා ගන්නකෝ...

1. ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!
2. පුලුවන්නං හොයන්න.. හොයල කියන්න

ඔන්න ඔය වගේ ටිකක් අමුතු එකක් ගැන තමා කියන්න හදන්නෙ. Optical Illusions වලට වඩා වෙනස් දෙයක්. බලන්නකො.

Wednesday, June 13, 2012

මොකද්ද මේ IT - p.1 | Introduction

ආයුබෝවන් යාළුවනේ... ආයෙත් ටික දවසකට පස්සෙ  ඔන්න මම ආව. (හෑ.. මෙන්න මූ ඇවිල්ලා :O)  ආයෙත් ඉස්කෝලෙ පටං ගත්තු හිංද වැඩ ටිකක් වැඩියි...( අපි දැං අයියලනේ :P)
පරණ පෝස්ට් එක නං එච්චරම කට්ටිය බලළ ති‍බ්බෙ නෑ.. සමහරවිට ඔයාල ටයිම් ලයින් එකට ආස ඇති. ඒ‍කට මොකෝ...

අද නං මම ආවෙ අළුත් වැඩක් ගැන කියන්න. ඔයාල සමහර විට මගේ බ්ලොග් එකේ දාපු ඇඩ් එක දකින්නැති. ඔව් අන්න ඒක තමා. මේක Information Technology (IT) එහෙමත් නැත්තං තොරතුරු තාක්ෂණය ගැන කියල දෙන පාඩම් මාළාවක්. ලංකාවෙ වැඩි දෙනෙක් ඉන්නව මේ සම්බන්ද ව වැඩිය නොදන්න අය. අන්න ඒ අයට තොරතුරු තාක්ෂණය කියන්නෙ මොකක්ද කියන එක ගැන සහ ඒ ගැන ඉගෙන ගන්න තමා මම මේ පාඩම් මාළාව ඔයාලට ‍ලබා දෙන්නෙ. මේක IT විෂය සා.පෙට හරි, උ.පෙට (GIT) හරි ඉගෙන ගන්න යාළුවොන්ට ගොඩක් වැදගත් වෙයි. පොඩි PDF File එකක් තියෙන්නෙ. භාගෙන ඉගෙනගන්න හරී...

Sunday, May 13, 2012

පරණ Facebook Profile එක ආයෙත් ගමුද?...


ඔන්න කියපු විදියටම වැදගත් පෝස්ට් එකක් අරං ආයෙමත් ආව මම.... අද ගොඩක් දුක හිතෙන දවසක්.. උදේ නැකිටපු ගමං ගියා බුකියට, යනකොටම දැක්කෙ මේ ආරංචිය.. ඒක නිසා ගොඩක් දුක හිතුන. මොකද අපේ ඔබා මාමා නැත්තන් සනත් මාමා අපේ අතරින් සදහට වෙන් වෙලා..

හැබැයි මම ආවෙ ඒක කියන්න නෙමේ. ඔය උඩ තියෙන Title එකෙන් තේරෙනවනෙ මොකද්ද මං කියන්න හදන්නෙ කියල..... ඔව් ඔව් බුකියට අළුතෙන් හදුන්වල දුන්න Time Line Profile System එක සමහරුන්ට හෙන වදයක් වෙලා තියෙනව.. ඕක ඇවිල්ල නං ටිකක් කල් ඒත් තාමත් සමහරුන්ට ඒක වදයක්. බිකෝස් ඒක ඩවුන්ලෝඩ් වෙන්න පට්ට වෙලාවක් යනව (මගේ වගේ පිල්ම් බාල ලිමිට් එක පැනපු අයට, නැත්තනම් ස්ලෝ කනෙක්ෂන් තියෙන අයට), අනික මේකෙ ඔයට කවර් පොටෝය අරකය මේකය කිය කියා තියෙන ඒවට එක එක පිතූර කෑලි හොයන්න ගියාම හෙණ වදේ නෙ... 

ඒක නිසා ඔන්න මම අද ගෙනාව ඔයාලට පරණ පොපයිලේ ආයෙත් ගන්න පුලුවං විදියක්

Saturday, May 5, 2012

අද?....

අද දවස ඇත්ත වශයෙන්ම කියනවනං.... (මාස 4කට නොඅඩු කාලයක් බ්ලොග් පෝස්ට් නොදැමීමට හේතුව ඇසීමෙන් වලකින්න... අද දවසෙ බොරු කියන්න බෑ)

සියළු ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාම උතුම් දවසක්,
ඇත්තටම මටත් එ‍හෙමයි,
මොකද මාත් බෞද්ධයෙක්,

ඒත් අද..?

Friday, January 13, 2012

පුලුවන්නං හොයන්න.. හොයල කියන්න

ආනේ යාළුවනේ.... ඔන්න ඉතිං සුභ අළුත් අවුරුද්දෙ කුලුදුල් පෝස්ටුව.... ඉස්සෙල්ලම කස්ටියට,
 සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා! කියල කියනව(නැත්තං ඉතිං වසල හමාරයි).අවුරුද්දට ඉතිං බ්ලොගේට ලස්සන ඇදුමක් අන්දල ටයිට්ල් පොඩ්ඩත් ලස්සනට මංද කරලනෙ තියෙන්නෙ. ආ නැද්ද හා? දැං සාපෙත් ඉවර නිසා ගෙදර තමයි හිටියෙ. ඉන්න ගමං පෝස්ට් එකක් දාන්න කල්පනා කලා කලා මොනවත්ම හිතට එන්නෑ. අන්තිමට එකක් තෝර ගත්ත. ඒකත් මාව බයිට් වෙයි කියල හිතල නැවැත්තුව. අන්තිමට මේක තමයි ඉතිං දාන්න හදන්නෙ....

Tuesday, November 22, 2011

කැමතිම YouTube Videos අපේ Web Browser එකෙන්ම බාමු



ආයුබෝවන්ඩ මගේ මිතුරනි! (එසේම වේවා කියලවත් කියපල්ලා‍ ඉතිං);
කලිං පෝස්ට් එක හරි නැහැල්ලු (අනේ මංද කව්ද කිව්වලු). ඒක දාලත් සති 2ක් මයෙ හිතේ ඊයෙට. ඉතිං අවුලක් නෑ‍. ඒක සාටර් උනාට මේක ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව. ඉතිං අපි වැඩි කැටයං නැතුව වැඩේට බහිමුකෝ. අද මම කියල දෙන්න යන එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඔය Videos බලන්න Youtube යන අයට මේක මාර වැදගත් වෙයි කියල හිතනව. හැ‍මෝම ඔකට යනවනේ. මාත් ඒ හැමෝංගෙන්ම එකෙක් කියන්නත් පුලුවං ඈ. ඉතිං ඔය යන අය හැමෝම ඔය සිංදු, කතා කෑලි, විකාර ඒව, වැදගත් වගේ Videos බාන්න කැමතියි නේ. අපිට ඒ Videos බාන්න බෑමේලෝඩර් (Downloader) එකක් ඕන. ඒව නැතුව අපේ Web Browser එකෙන්ම බාන හැටි අද මම කියල දෙන්නම්.



මෙන්න මෙහෙමයි වැඩේ යන්නෙ. .....

Monday, November 7, 2011

ගෙවන ලදී.. | කෙටි කතාවක්

අද ස්කොලෙත් නිවාඩු නිසා හිතුන මේ  පැත්තෙ ඇවිල්ල ඉස්මනට යන්නෝන කියල. හෙට වාර විභගෙත් තියෙන නිසා. ඉක්මනට යන්න ඕන නිසා ඉක්මනට පෝස්ට් එක දාන්නම්. මේක කෙටි කතාවක්. මම හදපු එකක්ම කියන්නත් බෑ. හැබැයි වැඩි අයිතිය මගේ.

මෙහෙමයි මේකෙ තියෙන නම් , ගම් සියල්ල මනඃකල්පිතයි. තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසි නම්.(මම ම හදාගත්තුව). ඔන්න එහෙනං කතාව.

මේ සිද්දිය වෙන්නෙ එක නිවාඩු දිනයක (අද වගේ).

මාරියා විලියම්ස් කියන්නෙ....

Saturday, November 5, 2011

Shaun the Sheep Ep.20 | බය උනේ ඇයි?

අද නං ආවෙ ඉක්මනට යන්න.. කොහොමද ඉතිං?  වාර විභාගෙ මේ දවස් වල. ඒක නිසා හෙන විකාරයයි... ඉතිං මම අද ආවෙ ඔයාල ආස Shaun the Sheep ඊලග Episode එක දාන්න.... ළගදිම ඔයාලට පරන ඒව ඔක්කොම එක තැනකදි බලන්න බුලුවං වෙන්න හදන්නයි හිතං ඉන්නෙ.. ඒ කිව්වෙ පේජ් එකක් විදියට. බලමුකො මම හදල ඒ ගැනත් කියන්නම්.... හොදේ... (අනේ මේ දැං කැටයං දැම්ම ඇති)

අද අපේ කට්ටියට එච්චර සුභ නෑ... බය හිතෙන කතාවක් (:P)... එදා මහ මූසල, වැස්ස වැඩි දවසක්...සැට් එකම

Monday, October 24, 2011

Blogger Comment Box එකේ Background එක වෙනස් කරමු!

ආ යාළුවනේ... කොහොමද... ඉස්සෙල්ලාම (හැමදම කරන වැඩේ) මගේ මචං ලා මචිංලාගෙන් සමාව වදාරන්න කියල ඉල්ලනව... (දෙන්නෙම නෑ... හූ හූ).... මේ ඒක නෙමේ අද (අද ගැන නං කියල වැඩක් නෑ... ඒක නිසා නොකිය ඉන්නං..) සෑහෙන්න හීතලයි (කකකකටකටකටකටකට කටක කට) හෙනත් ගහනව... අනේ මට හෙන ගහපං කියල කියපු ඈයොන්ට ෆුල් ආතල් ඇති..... අයියෝ මේ එකේක දේවල් නිසා කොරන්න ආපු වැඩෙත් ඇන හිටිය (කොහෙද?) ....

අද මං ආවෙ ඔයාලට පට්ට ට්‍රික් එකක් අරගෙන. මේක වැදගත් වෙන්නෙ නං බ්ලොග් ලියන අයට. අනිත් කට්ටියත් දැනගෙන හිටියට වරදක් නෑ. අපේ Blogger Comment Box එක තියෙනවනේ (ඔය පහල තියෙන පිංතූරෙ තියෙන්නෙ ඒක තමා) අන්න ඒකෙ Background එක වෙනස් කරන ක්‍රමයක් කියන්න තමයි මේ බ්ලෙග් පෝස්ට් එක වෙන් වෙන්නෙ.

Thursday, October 6, 2011

අවසරයි නමදින්න!

කාලෙකට පස්සෙ නේ ආවේ.... විභාගෙ හිංද වෙන්නැති.... අද නිකමට මේ පැත්තෙ එන වෙලාවෙ පෝස්ට් එකක් දාන්න හිතුන... ඔන්න එහෙනං දැම්මා.... රසවිදින්න පුලුවන්නං රස විදින්නකෝ...
මෙන්න මගේ 3වෙනි නිසදැස....

Tuesday, October 4, 2011

Shaun the Sheep Ep.19 | අම්ම කව්ද?

ආහ් යාළුවනේ! ටිකක් ඉක්මනට පෝස්ට් එකක් දාන්න හිතුන. නිකන් හිටපු වෙලාවක් හංද... කොහෙද නිවාඩු වෙලාවක් ඇත්තම නෑ පාඩම් කරල (අතිශෝක්තියෙන් කියන ඒව ගනං ගන්නෙපා මේකගෙ බොරු (කෙලිය නේද තාප්පෙට.. බොරුව අතේ මාට්ටු) :P) අනේ දුකින් උනත් කියන්නෝන ඉස්සෙල්ලා පෝස්ට් එක අපේ අයට එච්චර වැඩන් නැති වගේ.. ඒකට කමක් නෑ.



අද එක ඉතිං මගේ බ්ලොග් එක එක්ක හිටපු අය නං දන්නව මාතෘකාවෙන්ම මොන වගේ එකක් ද කියල.

Wednesday, August 17, 2011

Page වලට Like නොකර පරන Chat Sidebar එක ආයෙත් ගමු...


ආහ් යාළුවනේ... කෝමද නිවාඩුව ෆට්ට නේ??? මට නං එපාවෙලා... බ්ලොග්ගෙට ගොඩක් දෙනෙක් විෂ් කොරල තිබ්බ... හැමෝටම තෑංක්ස් පාරක් දාන්නෙපැයි... ඔන්න මගෙන් හැමොන්ටම රොම්බා තෑන්ක්ස් හොදේ...

මේ පෝස්ට් එක දාන්න හිටියෙ මීට සතියකට කලිං ... මොකක් කරන්නද මේ ගිරිස් යකෙක් හින්ද අපෙ අම්ම එලියටවත් බහින්න දුන්නෑ... හික්.... අපි අහුවෙයි ඕකුන්ට.... දැං ඉතිං කතාව ඇති..

ගිරිස් යකා වගේම හෙන නට් එකක් නෙ මේ අළුත් චැට් බාර් එක. අන්න ඒකට කූට ව්‍යපාරයක් යනව හදල දෙන්න පේජ් එකට ලයික් කොරන්නෙයි කියල.. ඉතිං ඕකට විදුමත් ගෙනාව මම. මේකයි විසදුම. මේ ටැට් බාර් එක අයින් කොරන වැඩේ කරන්න පුලුවං Google Chrome / Firefox / Opera කියන Browser වලට විතරයි... අපි දැං වැඩේට බහිමු.... මේ 3න් 2ක් විතරයි වැඩ කරන්නෙ මයෙ හිතේ. ඒක නිසා මම දාන්නෙ ඒ 2 විතරයි....

Friday, August 12, 2011

අතීතාය වර්තමානය සහ අනාගතය...


මගුලක් කතා කන්නව.... විද්ද කවදාවත් කියපු නැති කතා කියනව වගේ... තාම ඉතිං පොඩි එකා නොවැ... ඔයෙ හැටි තේරුමක් නෑ....  ආහ් කියන්න බැරි උනා නේ..අර  ඔලුව මෙව්ව වෙන පෝස්ට් එකට ගොඩක් පරතිචාර හම්බෙලා තිබ්බා... ටැංකූ ඈ.... අද ආවෙ අර වර්ජනෙයි මගේ (මගේ කිව්වෙ විද්දගෙ) අනාගතේ හැටි කියන්න...

Sunday, July 31, 2011

ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!

ආ යාළුවනේ. ගිය පාර පොස්ට් එක නං බලල ගොඩක් කස්ටිය සතුටු වෙලා තිබුන.ඒ වගේම සමහරු මස් මාළු කෑම අතෑරල තිබුන.ඇත්තටම මට මේක ගැන ගොඩක් සතුටුයි.

එදා හොද කියපු මිනිස්සු අද නං මට නොසෑහෙන්න පිං දේවි මේක බලල.ඔයාලට අද ඇස් පෙනීම ෆට්ටෙට හදා ගතහැකි. ඔය උඩම කියල තීන විදියට ඔලුවත් මෙව්ව කරගතහැකි. බලන්නකෝ පල්ලෙහා තියෙන රූප ටිකයි විස්තරෙයි. සමහරු නං මේව දැකල ඇති.දන්නවතක් අති ඒත් නොදැකපු අයත් ඇති. ඒකයි මේ කියන්නෙ හරිය...

1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....



Wednesday, July 13, 2011

කන්න කන්න මේකත් බලන්න!



කාලෙකට පස්සෙ ආවෙ නේද?.... ඉස්සෙල්ල පෝස්ට් එක නං එච්චර හරි නැතුවැති ඒකනෙ කට්ටිය බලල නැත්තෙ. ඒකට කමක් නෑ. අද එක වත් බලන්‍ටකෝ. (බැලුවෙ නැත්තං මිනී 3යි , පෙස්ටි 2යි හරිය. මල් වඩං මගේ ගානෙ ගෙදෙට්ටම)  මේ දවස් ටිකේ ප්‍රසන්ටේශන් එකකට කොටු වෙලා ඉදියෙ ඒකයි පෝස්ට් 1ක් දාන්න බැරි වුනේ.. දැං ඉතිං ඒකෙන් කමක් නෑ. මේක බලන්න..

පොඩ්ඩක් හිතන්න ඔයත් සත්තුන්ගෙ මස් කනව නේද? (ම්ම්ම්ම් ආසයි නේ?) දැං කන්නෙ නැත්තං ඉස්සර හරි කාල ඇතිනෙ. මස් වර්ග වලින් අපේ ඇගට පෝෂ්‍ය කොටස් ඇතුල් වෙනව. ඒක මම නෑ කියන්නෙ නෑ ඒත් ඒ සත්තු මරන හැටි කවදා හරි දැකල තියෙද? සමහරු දැකල ඇති. සමහරු දැකල නැතුවැති.දැකල තියෙන අය තාම කනවනං මේක කියවල බලන්න.

Saturday, June 11, 2011

බුකියෙ Updates එවෙලෙම sms එකකින් ගමු

ගොඩක් කාලෙකට පස්සෙ. මේ දවස් වල ගොඩක් වැඩ තිබුන ඒකයි. ටිකක් නිකං ඉන්න වෙලාවක් හම්බුනා ඒකයි ඔයාල‍ට වැදගත් වෙයි කියල හිතුන හිංද තමයි කියන්න හිතුවෙ. මේකත් ඉතිං බුකියටම එන එකක්. ටිකක් පරණයි .

           අපේ ගොඩක් කස්ටිය බුකියට යන්නෙ Massages , Friend Requests , Notifications Check කරන්නනේ. ඒකට බුකියට log වෙන්න ඕන නෑ. මේ ඔක්කොම වුන වෙලාවෙම ජංගමේට sms එකකින් ගන්න පුලුවං.පොඩි පියවර 4කින් කරන්න පුලුවං....
^උඩට යන්න