Sunday, December 26, 2010

ජීවිත ලක්ෂ 3ක් බිලිගත් සුනාමිය.....

ලෝකයේම මිනිසුන්ගේ දෑස් අගට කදුලක් එක්කර සුනාමියට අදට හරියටම වසර 4ක් පිරෙනව කියල ඔයාලත් දන්නව ඇති.

මීට හය වසරකට පෙර එනම් 2004 දෙසැම්බර් මස 26 වෙනිදා පෙර දින අසිරිමත් නත්තලක මිහිර විදි දකුණු ලක හා උතුරු නැගෙනහිර වෙරළබඩ ජනතාව සිය දෛනික කටයුතු ඇරඹිණි.



එදින උදුවප් පුර පසලොස්වක පොහෝ දිනයේ වූයෙන් බෞද්ධ සැදැහැවතුන් බොහෝදෙනෙකු සිටියේ ‍ආගමික වතාවත්වල නිරතවිය.

මේ අතර ඉන්දිය හා ශාන්තිකර සාගරවලට මැදිව පිහිටි ඉන්දුනිසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පතලේ දරුණු භූ කම්පනයක් සිදුවු බවට ඔවුන් දැන සිටියේ නොසිටි අතර මෙරට වේලාවෙන් උදෑසන 6.58 ට හටගත් එම භු කම්පනයේ අපකේන්ද්‍රයෙන් නැගුණු උදම් රළ පහර මුලින්ම ඉන්දුනිසියාවටයි කඩා වැදුණි .

එයින් පසුව ගත වූ පැය කිහිපය තුළ එම උදම් රළපහර පැයට කිලෝමීටර 800 ක වේගයකින් ශ්‍රි ලංකා වෙරලතීරයට කඩා වැදුණු අතර ගත වු තත්පරයෙන් තත්පරය මියගිය සංඛ්‍යාව එකින් එක වැඩිවෙමින් වටිනා ජිවිත 40,000 කට අධික සංඛ්‍යාවක් ඒ පැය කිහිපය තුළ මෙරටට අහිමි විය.

ඒ අතර ලොව සිදුවු බිහිසුනුම දුම්රිය අනතුර හික්කඩුව පැරැලිය ප්‍රදේශයෙන් වාර්තා විය.

මගීන් 1,500 ක් පමණ රැගෙන උදැසන 6.40 ට මරදානේ සිට මාතර දක්වා ධාවනය වූ  අංක 50 දුම්රිය ඒ බිහිසුනු අනතුරට මුහුණ ලක්විය.

සුනාමි රළපහර මෙරටට මෙන්ම ආසියාතික රටවල් කිහිපයකටම කඩා වැදුණේ ලක්ෂ තුනකට අධික පිරිසකගේ ජීවීතද අහිමි කරමිනි.
උපුටා ගැනීම Ethalaya.com

දුකෙන් වුනත් කියන්න ඕන මේ කේදවාචකයට මුහුණදුන්න අය අතර මමත් ඉන්නවඒත් වාසනාවකට මටවත් මගේ පවුලේ කිසිමකෙනෙකුටවත් කිසිම හානියක් වුනේ නැහැ.


පහළ තිබෙන Video 1 බලන්න.



---විද්දා---

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න