Sunday, December 12, 2010

දැයම පිබිදවූ අපේ කාලයේ බුදු හාමුදුරුවෝ....

මම දන්නව දැං වෙනකොටත් ‍අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ගොඩක් ලිපි පලවෙලා ඇති.ඒත් මම තාම එකක් වත් දැක්කෙ නෑ.

මීට හරියටම අවුරුදු 7කට පෙර මේ ලොවෙන් සමුගත් අපේ කාලයේ බුදු හාමුදුරුවෝ,නැණ පහන අවදි කළ සෝම හාමුදුරුවෝ ,නිර්මල බුද්ධ ධර්මය දේශනා කළ සෝම හාමුදුරුවෝ, රටත්, ජාතියත් අවදි කළ සෝම හාමුදුරුවෝ වැනි පාථ වලින් ආමන්ත්‍රනය කළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ඔබට පොඩි හරි දැනුමක් ලබා දෙන්න.


1948 දී ගංගොඩවිල ප්‍රදේශයේ උපත ලැබූ මෙම කුළ දරුවා 1974දී  පූජ්‍ය ගංගොඩවිල සෝම නමින් පැවිදි භාවය ලබාගන්නෙ අවුරුදු 26දීය.පුජ්‍ය මදිහේ පන්‍යසීල ස්වාමීන්වහන්සේ සහ පූජ්‍ය අම්පිටියේ රාහුල ස්වාමීන්වවහන්සේ එතුමාගේ ගුරු ස්මීන්වහන්සේලාය.

බුදු දහම ගැන මනා අවබෝදයක් ලබා ගත් එතුමා පසුව ධර්ම පර්යේශන කරමින් බුදුරජානන් වහන්සේගේ ඉගැන්වීම පිලිබද ග්‍රන්ථ රාශියක් රචානා කර ඇත.

මෙතුමාගේ ඉලක්කය වූයේ තරුණ පරම්පරාව යහමගට ගැනීමයි.සෝම හිමි එහි නම ලෙස දැමුවේ තරුණ සවිය යනුවෙනි.මෙම කුඩා දූපත වටා ගොස් ධර්මය දේශනා කර ලංකාව ධර්ම ද්වීපයක් කිරීමට සමත් විය.එම එතුමාගේ ධර්මය මා හට අසන්නට නොලැබුනත් ලංකාවේ එම ධර්මය අසා යහමගට ගිය විශාල පිරිසක් ඇත.ලංකාවේ මෙන්ම වීදේශ රට වලද අපමන ගෞරවයක් දිනාගැනීමට සමත් විය.

නමුත් දැං ඒවා සියල්ලම සමහරුන්ගේ සිතින් නැතිවී ගොසින්ය.....

2003 දෙසැම්බර් මස 12වෙනිදා අප අතරින් සදහටම සමුගත් අපේ සෝම හාමුදුරුවනේ ඔබ තුමාට නිවන් සුව පතමි.......!!!





එතුමාගේ අභිරහස් ඝාතණය පිළිබද අභිරහස් ඡායාරෑප පෙළ නරබීමට මෙතන Click කරන්න
ඔබට තවත් විස්තර දැන ගැනීමට අවශ්‍ය නම්  මෙතන Click කරන්න
එතුමාගේ ධර්මය ශ්‍රවනය කරීමට අවශ්‍ය නම් මෙතන Click කරන්න
මේ කියල තියෙන ඒව හරිද දන්නෙ නැහැ.හරි හෝ වැරදි හරි කමක් නෑ.ඒගැන කියල Comment 1 දාල යන්න


---විද්දා---

8 comments:

  1. හරි දේ හරි තැන හරියට කල හිමි නමක් තමයි සෝම හාමුදුරුවෝ කියන්නේ. හොද දේ කරන අයට මේ ලෝකෙ ඉඩක් දෙන්නෙ නැති තරමට මිනිස්සු නොමිනිස්සු වෙලා. මොනවා උනත් සෝම හාමුදුරුවෝ කල සේවය නම් මෙතකැයි කියලා කියන්න අමාරුයි !!!!

    ReplyDelete
  2. @මධුරංග_ඔව් අයියෙ...මේක ලෝකෙ හැටි...ඔයා 100%ක් හරි !!!ස්තූතියි අයියෙ කොමෙන්ට් එකට.

    ReplyDelete
  3. ලොවම එලිය කළ, නිමල පහන නිවුනා...

    ReplyDelete
  4. @ගීත්|Geeth_ මොනව කරන්නද සහෝ?

    ReplyDelete
  5. හොද ලිපියක් සහෝ

    ReplyDelete
  6. @නදීශාන් අමරසේකර_ ස්තූතියි සහෝ...

    ReplyDelete
  7. හොඳ ලිපියක්, බොහොම ස්තූත්ය්

    ReplyDelete
  8. @samadhi_ඕක මොකද්ද....ස්තූතියි Comment 1ට

    ReplyDelete

^උඩට යන්න