Tuesday, December 14, 2010

Phone එකේ IMEI Number නොහොත් Serial Number..

මුලින්ම කියන්න ඔනේ මේක ගත්තෙ නදීශාන්ගේ සයිබර් ලියවිල්ල ලියන මගේම අයිය වගේ ඉන්න නදීශාන්     අමරසේකර අයියගෙන්.එයා තමා මේ පෝස්ට් එක ඉස්සෙල්ල දැම්මෙ.මම ඒක හොරකං කලේ එයාගෙන් අහල.මෑන්ස් මට බැන්න බැනිල්ලක් ඇටි හැලෙන්න,ඉන්නෙ අහිංසකය වගේ බැන්නම තමයි ඒකගෙ අහිංසක කම කොහේද කියල හොයා ගන්න පුලුවන් වුනේ.ඒකෙන් අපිට වැඩක්  නෑ.දැං වැඩේට බහිමු!



ඔයාටත් මොබයිල් ෆෝන් එකක් තියෙද? අන්න එහෙනම් මේක වැදගත්වෙයි.නැති වුනත් දැනගෙන ඉන්න එක හොදයි.සමහරු නම් මේක ගැන දන්නව ඇති ඒත් දන්නෙ නැති කට්ටියත් ඉන්නවනේ ඒකයි කියන්නෙ.මේකට කියන්නෙ IMEI[International Mobile Equipment Identity] නැත්තං මොබයිල් Serial Number කියල.මේක ඔයාලටත් බලා ගන්න  *#06# type කරල send කරන්න.
නැත්තං Phone 1 Battery 1 යට තියෙන ලේබල් එකේ බලන්න.දෙකම බැලුවොත් තියෙන්නෙ එකම අංකය.


අපි හිතමු ඔයාලගේ මොබයිල් එක නැති වුනා කියල.එහෙම වෙන්න කියල ප්‍රාර්ථනා කරන්නෙ නම් නැහැ මම.වැරදිලාවත් නැති වුනොත් ඔයාලගෙ IMEI Number එක දෙන්න ළගම තියෙන පොලීසියට.ඒ කට්ටිය අනිව ඒක හොයල දෙනව.මම කියන්නෙ මම දන්න නිසා.අපේ තාත්තගෙ Phone එකත් එහෙම නැති වුනා IMEI Number දන්න වැඩේ ලේසි වුනා.පැය 24ක් ඇතුලත Phone එක ලැබුනා.


දැං ඉතිං පොර වගේ හොයල දෙනව කිව්වට ඒක පොලීසියෙ අංකල්ල හොයල දෙන විදිහ කිව්වෙ නෑ නෙ.ඇත්තටම මේ කට්ටිය Phone එක හොයල දෙන්නෙ ඔය Number එක හැම දුරකතන ජාලයකටම දීල ඒකට්ටියගෙ ජාලයේ පාවිච්චි කරනවද කියල බලනව.එතකොට හම්බ වුනොත් දැනට Phone එකතියෙන්නෙ කොහේද වගේ තොරතුරු ටිකක් දැන්ගන්න පුලුවං.පස්සෙ පුරුදු විදියට පොලීසියෙ අංකල්ල ටික ගිහිල්ල ඒක තියෙන කෙතා අල්ල ගන්නව.Number එක නැතිවුනොත් ඉතිං කල් යනව.


ඒක නිසා ඔයාලත් ඔයාලගේ IMEI Number කොහේ හරි අමතක වෙන්නෙ නැති තැනක ලියා ගෙන තියා ගන්න ඒක ඇගට ගුනයි.දැං මම යන්ව ඔබට ජය.මේක හොදද? නරකද? කියල Comment 1කින් කියල යන්න!
ඔය තියෙන්නෙ ඒක තීන තැන පෙන්නල




---විද්දා---

4 comments:

  1. මල්ලී මගේ ලිපියේ තිබ්බ හුගාක් අඩුපාඩු ඔබ සම්පූර්ණ කරල දාලා තියෙනවා. ඒ වගේම රූපකත් භාවිතා කරල තිබෙනවා. ලිපිය බොහොම පිලිවලයි. ඔබට ජය!

    ReplyDelete
  2. @නදීශාන් අමරසේකර_ස්තූතියි මගේ අයියෙ.ගොඩක්ම ස්තූතියි.හැබැයි මේකෙ සම්පූර්ණ ගෞරවය ඔයාට.

    ReplyDelete
  3. එල අයියේ හැබැයි මට තාම Mobile එකක් නෑ

    ReplyDelete
  4. @හිරාන් චමුදිත_ස්තූතියි මල්ලි!!මටත් Mobile එකක් නෑ ඒත් දැනගෙන ඉන්න එක හොදයිනේ මල්ලි ඒකයි.

    ReplyDelete

^උඩට යන්න